හිතේ තිබුණු එකම හීනය සැබෑ කර­ගන්න භාග්‍ය­වන්ත වුණා -සුහන්දි වෝසදී

gossiplanka image 1
 වර්තමාන ටෙලිනාට්‍ය කලාව තුළ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගනිමින් අලුත් පරපුරේ ඉදිරියෙන්ම සිටින යොවුන් රංගන ශිල්පිනියක් ලෙස සුහන්දි උපෙත්මා වෝසදී හැඳින්විය හැකිය. මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයක්ම හරහා සිය රංගන කුසලතාව මනාව පෙන්නුම් කරන ඇය, කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන සටහනක් තැබීමට සමත්ව සිටින්නීය. ඇයටම ආවේණික වූ සුන්දරත්වය සහ රැලි සහිත කොණ්ඩය නිසා ඇගේ රුව වඩාත් කැපී පෙනෙයි. සුහන්දිට කලා ලොවේ දොරටු විවර වන්නේ 2022 වසරේ ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරි තරගයේ දෙවැනි ස්ථානය දිනාගැනීමත් සමඟිනි.


පාසල් යන කාලයේ සිටම කලාවට සම්බන්ධ වූ ඇය, නර්තනය මෙන්ම වාදනය ද මනාව හැදෑරුවාය. පසුව ඔෂාන් ලියනගේ මහතාගෙන් නර්තනය හැදෑරූ ඇය පාසලේ තූර්ය වාදක කණ්ඩායමේ නොයෙකුත් වාද්‍ය භාණ්ඩ වාදනය කර පසුව එහි නායිකාව ලෙස ද කටයුතු කර තිබේ. ඇය පවසන පරිදි අන් අය වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් වීමට සිහින දකිද්දී, ඇයගේ එකම අරමුණ වූයේ නිළියක් වීමය. මුලදී මව මීට අකමැති වුවද, පසුව ඇයගේ ගමනට විශාල සහයෝගයක් ලබා දී ඇත. පෞද්ගලික විශ්වවිද්‍යාලයක ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරන සුහන්දි මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වෙළෙඳ දැන්වීමක් හරහාය.


ඇයගේ නර්තනයක් දුටු ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණි තෙන්නකෝන් මහත්මිය විසින් ඇයව රනිල් කුලසේකර අධ්‍යක්ෂවරයාට හඳුන්වා දෙනු ලැබීමෙන් පසු ඇයට රංගනයට අවස්ථාව හිමිවී තිබේ. කිසිදු රංගන හැදෑරීමක් නොතිබූ සුහන්දි වැඩමුළු ගණනාවකට සහභාගි වෙමින් රංගනය පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාගත්තාය. ඇයගේ පළමු ටෙලිනාට්‍ය රංගනය වූයේ "1990" නිර්මාණයයි. ගත වූ වසර දෙකක පමණ කාලය තුළ ටෙලිනාට්‍ය පහළොවකට ආසන්න ප්‍රමාණයකට දායක වී ඇති ඇය, ක්ෂේත්‍රයට පැමිණ වසර පහක් ගතවීමටත් පෙර ප්‍රේක්ෂක ආදරය සමඟින් සම්මානයකින් පිදුම් ලැබීමට තරම් භාග්‍යවන්ත වූවාය.


ප්‍රසිලා ගොඩහේවා මහත්මියගේ "අමුතු දීගේ" නවකතාව ඇසුරින් නිර්මාණය වූ ටෙලිනාට්‍යයේ 'ශාරදා' ගේ චරිතය ඇයගේ රංගන ජීවිතයේ අමතක නොවන සහ ඉතාම අපහසුවෙන් රඟපෑ චරිතයක් බව ඇය පවසන්නීය. දරුවෙකු සමඟ තනිවූ කාන්තාවකගේ චරිතයක් වූ එයින් මිදීමට ඇයට සෑහෙන කාලයක් ගත වී තිබේ.


මේ දිනවල ඇය "මල් බිඟුන්", "ආලේ", "අලුත් සර්", සහ "ඇත්තමයි මං ඔයාට ආදරේ" යන ටෙලිනාට්‍යවලින් ප්‍රේක්ෂකයන් හමුවට එන්නීය. ගංගා ශයිනි ගමගේ ගේ "මල් බිඟුන්" නවකතාව ඇසුරින් නිර්මාණය වූ ටෙලිනාට්‍යයට අතිමහත් ප්‍රතිචාර ලැබෙන බවත්, එහි 'අමාගි' හෙවත් මාගිගේ චරිතය වෙනුවෙන් බොහෝ දෙනාගේ ආදරය හිමිවන බවත් ඇය සඳහන් කළාය. ආර්ය මහානාම හෙවත් ලොක්කයියාට ආදරය කරන, තම ආදරය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන මාගිගේ චරිතය ප්‍රේක්ෂකයන් තදින්ම වැලඳගෙන තිබේ. කෙසේ වෙතත් ඉදිරියේදී කොටස් සියයකට වඩා දිගු ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ නොවන තීරණයක ඇය පසුවන්නීය.


සිනමාවට ද දැඩි සේ ආදරය කරන සුහන්දි, "සුරදෙටුවෝ" චිත්‍රපටයට සහ ඉදිරියේදී තිරගත වීමට නියමිත තවත් ආදර කතාවකට දායක වී ඇත. කාර්යබහුල ජීවිතයත් සමඟ ව්‍යාපාර කටයුතුවලට ද සම්බන්ධ වී සිටින ඇයගේ එම කටයුතු මව සහ නංගී විසින් කළමනාකරණය කරනු ලබයි. විවේකයක් ලද විට ගීත ඇසීමට සහ නර්තනයට ප්‍රිය කරන ඇය, දිනකට කුඩා වේලාවක් හෝ භාවනා කිරීම මඟින් මානසික සහනය ලබාගන්නීය. බෞද්ධ දර්ශනයට දැඩිව ගරු කරන සුහන්දි, තමන් පැමිණි ගමන්මඟ පිළිබඳව කිසිදු පසුතැවීමක් නොමැති බවත්, ලැබුණු දේවල් පිළිබඳව විශ්වයට ස්තූතිවන්ත වන බවත් සතුටින් පවසන්නීය.


ENGLISH SUMMARY:

Sri Lankan actress Suhandi Upekhma Wosadi has quickly captured the hearts of television audiences, becoming one of the most promising young talents in the entertainment industry. Rising to fame after securing the runner-up title at the 2022 ITN Avurudu Kumari pageant, Suhandi made her acting debut in the teledrama "1990" under the guidance of veteran actress Nilmini Tennakoon and director Ranil Kulasekara. Over the past two years, she has showcased her versatility in nearly 15 television dramas, including notable performances in "Amuthu Dige" as Sharada, based on Prasila Godahewa's novel. Currently, Suhandi is highly praised for her emotional portrayal of Amagi (Magi) in the popular teledrama "Mal Bingun," an adaptation of Ganga Shaini Gamage's novel where she stars alongside the character Aarya Mahanama. Her current television projects also include "Aale," "Aluth Sir," and "Aththamai Man Oyata Adarei." In addition to her television success, Suhandi has entered Sri Lankan cinema with her debut film "Suradetuvo" and runs a personal business managed by her mother and sister. The young actress, who balances her acting career with a degree in Business Management, credits her success to dedication, her background in dance under Oshan Liyanage, and a deeply rooted belief in Buddhist philosophy.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post