මේ පාර නත්තල සමරන්න බලාගෙන නොවැම්බර් අපි ලංකාවට එනවා -මෙලී

gossiplanka image 1
 


මෙලී කොහොමද මේ දවස්වල ජීවිතේ?


මේ දවස්වල ජීවිතය හොඳින් ගෙවීගෙන යනවා. අපි දැන් මෙල්බර්න්වල ඉන්නේ. හස්බන්ඩ් එක්කයි බබා එක්කයි ගෙදර දොරේ වැඩ කටයුතුත් කරගෙන සතුටින් ඉන්නවා.


බබාට දැන් වයස කීයද? කොහොමද එයත් එක්ක ගෙවන කාලය?

බබාට අවුරුදු දෙක ලැබුවා විතරයි. මගේ මුළු කාලෙම එයා එක්ක තමා ගතවෙන්නේ. මෙල්බර්න් ආපු දවසේ ඉඳන් උදේ නැගිටලා නින්දට යනකන්ම එයාගේ ඔක්කොම වගේ වැඩ ටික කරන්නේ මම. ලංකාවේදී නම් කවුරුහරි ළඟින් හිටියා. ඒත් මෙහෙදී හස්බන්ඩ් වැඩට යන හින්දා අපි දෙන්නා ගොඩක් වෙලාවට තනියම. ඒත් එයා එක්ක එයා ආස දේවල් කරනවා, එයා එක්ක සෙල්ලම් කරනවා, පොත් කියවනවා, එළියට යනවා, උයනවා වගේ හැම අම්මා කෙනෙක්ම කරන දේවල් කරගෙන ඉන්නවා.

හස්බන්ඩ්ගේ මොන වගේ සපෝට් එකක්ද ඔයාට ලැබෙන්නේ?

හස්බන්ඩ්ගෙන් නම් ලොකු සපෝට් එකක් හම්බෙනවා. එයා වැඩට ගියාට එයා වැඩට යන්න කලින් හරි, ගෙදර ඇවිල්ලා හරි පුළුවන් හැම පැත්තෙන්ම මට උදව් කරනවා. එයා රෑට උයනවා, බබාට කවනවා, බබාව හෝදනවා. එයා බලන්නේ හැමතිස්සෙම මගේ වර්ක් ලෝඩ් එක අඩු කරන්න. මම හරියට අගය කරනවා මගේ හස්බන්ඩ්ව. මොකද මේ වගේ රටක ඉද්දී අපි ළඟ කවුරුත් නෑ. කවුරුත් උදව් කරන්නේ නැති වෙද්දී එහෙම සපෝටිව් හස්බන්ඩ් කෙනෙක් ඉන්න එක මාරම වටිනවා.

පසුගිය දවස්වල ගෙදර ඇවිල්ලා හිටියා නේද? ඒ බබාගේ උපන් දිනය වෙනුවෙන්මද?

ඔව්. බබාගේ දෙවැනි බර්ත්ඩේ එක සමරන්න සැප්තැම්බර්වල අපි ලංකාවට ආවා. මොකද මගේ ආච්චිලායි, රනිත්ගේ ආච්චිලායි ලංකාවේ ඉන්නේ. එයාලට ඉතින් කවදාවත් බබාගේ බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්න ඕස්ට්‍රේලියාවේ එන්න බැහැ. අනික බබාගේ ලොකු ආච්චිලා එක්ක එයාගෙ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න හම්බුණ නිසා එයා ගොඩක් ලකී. ගොඩක්ම ඒ හේතුව හින්දා තමයි මේ පාර අපි ලංකාවේ සෙලිබ්‍රේට් කරන්න හිතුවේ. හිතුවටත් වඩා ලස්සනට හැමදේම වුණා. Second Chance Flowers, සිරිත වෙඩින් ප්ලෑනින්, Taste of Heaven එකේ විජිත අයියා, මේ ඔක්කොම මට ගොඩාක් සපෝට් කරලා ලස්සන වැඩක් කරලා දුන්නා බබාගේ බර්ත්ඩේ එකට. ඒක හින්දා මට ඒක ගැන හරිම සතුටුයි.


පිටරටක ජීවත් වෙද්දී ඉද්දි ලංකාව මඟ හැරෙන්නෙ නැද්ද?

ලංකාව මට නිතරම මිස් වෙනවා. මම මැරි කරලා මගේ හස්බන්ඩ් එක්ක දැන් මෙල්බර්න් ඇවිල්ලා අවුරුදු හතරක් වුණාට, හැමතිස්සෙම හිතෙන්නේ ආයේ ලංකාවට යන්න ඕනේ කියලා. මගේ ගෙදර කියලා ඇත්තටම දැනෙන්නේ ලංකාව තමයි. මොකද මගේ මුළු ජීවිතයම මම හදාගත්තේ ලංකාවේ ඉඳලා. තාත්තිත් එක්ක ඉඳලා. බබාටත් අවුරුදු දෙකක් වුණාට මට දැන් හිතෙනවා එයා මෙහේ ඉන්නවට වඩා එයා මාරම හැපි ලංකාවට ආවම. මට කොහොමටත් අම්මී තාත්තී ලඟ ඉන්නවා කියන්නේ ඊට වඩා දෙයක් නෑ. ​ඉස්සරහට මට ලංකාවේ ඉන්නම එන්න පුළුවන් වුණොත් මම අනිවාර්යයෙන්ම ලංකාවට එනවා.

මේ පාර නත්තලට ලංකාවට එනවද?

මම ක්‍රිස්මස්වලටත් එක්ක ආයෙත් ලංකාවට එන්නේ නොවැම්බර් මාසේ. ඉතින් ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නවා අම්මි තාත්ති එක්ක මේ පාර ලංකාවේ ඉඳන් ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරන්න.ඔයා තාත්තට ගොඩක් ආදරේ කෙනෙක් නේ. 

එයාගේ ජීවිතයෙන් ඈත් වෙලා ඉන්න එක දැනෙන්නේ කොහොමද?

මම තාත්තිට ගොඩාක් ආදරෙයි. මෙහෙ ඉද්දි දවසට අපි තුන් හතර පාරක් කතා කරනවාමයි. තාත්ති වැඩක හිටියත්, වෙඩින් එකක හිටියත් එයා හැමතිස්සෙම කෝල් කරනවා. දැන් නම් හැබැයි මට කතා කරනවට වඩා බබාව බලන්න තමා කතා කරන්නේ. ඉතින් අපි හැමදාම ගොඩක් කතා කරන හින්දා ඒක මට එච්චරදැනෙන්න දෙන්නේ නෑ. අනික එයාලා ෆ්‍රී වෙන හැම වෙලාවෙම මාව බලන්න එනවා. බබා හම්බෙච්ච මාසෙත් තාත්ති දවස් දෙක තුනකටත් ඇවිල්ලා ආයේ වැඩ හින්දා ගිය වෙලාවල් තිබුණා. බබා හම්බෙන්න කලිනුත් ගෙදර දේවල් ලෑස්ති කරගන්න උදව් කළා. හරි අමාරුයි මෙහෙම ඈත් වෙලා ඉන්න. ඒත් ඉතින් අම්මි තාත්ති දෙන්නම පුළුවන් හැම විදියකින්ම අපෙ ෆැමිලි එකම පස්සෙන් හැමතිස්සෙම ඉන්නවා. ඒ නිසා මම හරි වාසනාවන්තයි.සංගීතයට එන්න අදහසක් නැද්ද?සංගීතයට එන්න ඇත්තටම ආසයි. ලංකාවේ ඉද්දි මම ස්ටඩීස් එක්ක කෝපරේට් ජොබ් එකක් කළා. ඒ දේවල් එක්ක සංගීතයට වෙලාවක් දෙන්න හම්බවුණේ නෑ. ඒත් මම තාත්ති එක්ක සිංදු කියලා තියෙනවා ක්‍රිස්මස්වලට ටීවී ප්‍රෝග්‍රෑම්ස්වල. ඉස්සරහට පුළුවන් නම් එහෙම මොනවාහරි සිංදුවක් කරලා ඒ පැත්තට එන්න ඇත්තටම ආසයි. මට වඩා බබා සංගීතයට කොහොමටත් ආසයි. දැන්මම එයා තාත්තිගේ සින්දු කියනවා. මට කලින් එයා සංගීතයට එන්න ඉඩ තියෙනවා.ජීවිතය ගැන මොකද හිතෙන්නේ?ජීවිතය හරි ලස්සනයි. දැන් මගේ මුළු ජීවිතයම සියේනා. ​මම හිතන්නේ එහෙම තමා අම්ම කෙනෙක් වුණාම. ඕනම කෙනෙක්ට කලින් තිබ්බ ලයිෆ් එකයි දැන් ලයිෆ් එකයි හරිම වෙනස්. ජීවිතයට හම්බවෙන දේවල්වලින් සතුටු වෙලා, ආදරයෙන් ජීවත් වෙද්දි ලස්සනට ජීවිතය ගත කරන්න පුළුවන්.සිතාරා එදිරිසිංහ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post