රංග­නය වෘත්ති­යක් විදි­හට කළේ නැහැ - අමිත්ත වීර­සිංහ

gossiplanka image 1
 


මේ දින­වල සාර්ථ­කව තිර­ගත වන ‘එදා රෑ’ සිනමා නිර්මා­ණයේ මර්වින් රොඩ්රිගෝ ගේ භූමි­කා­වට පණ පොව­මින් ඔබ හමු­වට එන අමිත්ත සංජය වීර­සිංහ පසු­ගි­යදා ‘විහඟ ප්‍රේමය’ සහ ‘Room No. 106’ සින­මා­පට ඔස්සේද ඔබ හමු­වට ආවේය. ඔහුගේ රංගන දිවි­යට ඇත්තේ දීර්ඝ ඉති­හා­ස­යකි. එය ටෙලි­වි­ෂන් ඉති­හා­සයේ ආර­ම්භක යුගය කරා දිව යයි. ජාතික රූප­වා­හි­නිය පළ­මු­ව­රට නිෂ්පා­ද­නය කළ පරා­ක්‍රම නිරි­ඇ­ල්ලගේ ‘ලාහිරු දහ­සක්’ ටෙලි නිර්මා­ණයේ සෝමේගේ භූමි­කා­වට පණ පොව­මින් ටෙලි ඉති­හා­සයේ අම­තක නොවන සල­කු­ණක් සනි­ටු­හන් කළ අමිත්ත ‘යශෝ­රා­වය’හි සූර­තිස්ස, ‘ගම්පෙ­ර­ළිය’හි තිස්ස, ‘මඩො­ල්දූව’හි පුංචි මහ­ත්තයා, ‘සිව්මං­සල’හි සේසත්, ‘නිර්ස­ත්වයෝ’ හි දොස්තර නිර්මාල් , ‘රාවණ’හි පුලස්ථි ඍෂි­ව­ර­යා‍ ­ලෙස ප්‍රේක්ෂක ඔබට අම­තක නොවන චරි­ත­යක් බවට පත්වීය. ලේඛ­ක­යකු, දේශ­ක­යකු මෙන්ම සම්ප්‍ර­වේ­ශ­ක­යකු ලෙසද කලාවේ විවිධ මාන­යන් සොයා ගිය ඔහු මෙසේ අප හා අත්දැ­කීම් බෙදා­ග­ත්තේය.


ඔබ මේ දින­වල වේදි­කාව, පුංචි තිරය වගේම රිදී තිර­යේත් දකින චරි­ත­යක්. එදා වගේම අද­ටත් කාර්ය­බ­හු­ල­ත්වයේ අඩු­වක් නෑ නේද?


මේ දින­වල සාර්ථ­කව තිර­ගත වන අරුණ ජය­ව­ර්ධ­නගේ ‘එදා රෑ’ සින­මා­ප­ටයේ මර්වින් රොඩ්රි­ගෝගේ චරි­ත­යට පණ පොව­නවා. මිල්ටන් මල්ල­ව­ආ­ර­ච්චිගේ සංගීත දිවියේ මුල් යුගයේ ඔහුට උදවු කර­මින් සම්බ­න්ධී­ක­ර­ණය කළ ශබ්ද ඉංජි­නේ­රු­ව­ර­යාගේ චරි­තය. ඊට අම­ත­රව පසු­ගි­යදා තිර­ගත වුණු ‘විහඟ ප්‍රේමය’ සහ ‘Room No. 106’ සින­මා­ප­ට­ව­ල­ටත් කුඩා චරි­ත­ව­ලින් දායක වුණා. ‘විහඟ ප්‍රේමය’ සින­මා­ප­ටයේ වෛද්‍ය­ව­රයා. ‘Room No. 106’ සින­මා­ප­ටයේ හෝටල් හිමි­ක­රුවා ලෙසත් රංග­නයේ යෙදෙ­නවා. මං හිතන විදි­හට නිර්මා­ණ­යක චරි­ත­ව­ලට ලොකු, පොඩි කියල එකක් නැහැ. ඒ ඒ චරි­ත­යට සාධා­ර­ණය ඉටු කිරීම විත­රයි වැද­ගත්. මේ දින­වල ඉතා­මත් ජන­ප්‍රිය හසුන් සමී­රගේ ‘මල් බිඟුන්’ ටෙලි නිර්මා­ණ­ය­ටත් සම්බන්ධ වුණා. ඒ වගේම ‘රොන් සොයා‘ ටෙලි නිර්මා­ණ­ය­ටත් රංග­න­යෙන් දායක වුණා. ඒත් එක්කම මේ දින­වල උද­ය­සිරි වික්‍ර­ම­ර­ත්නගේ ඕකේ කට් පැකප් (පෙම් යුව­ළක් ඕනෑ­කර තිබේ) වේදිකා නිර්මා­ණ­යත් වේදි­කා­ගත වෙනවා. ඊට අම­ත­රව ලේඛ­ක­යකු විදි­හ­ටත් කාර්ය­බ­හුල වෙලා තියෙ­නවා.


ඔබ ටෙලි ඉති­හා­සයේ ආර­ම්භක සල­කු­ණක්. ඒ ගැනත් මතක් කරමු?


ශ්‍රී ලංකා­වට රූප­වා­හි­නිය හඳුන්වා දෙන්නෙම අධ්‍යා­ප­නික මෙව­ල­මක් විදි­හට. එම්. ජේ. පෙරේරා වැනි ප්‍රාමා­ණි­ක­ය­කුගේ තේරී­මෙන් මුලින්ම ජාතික රූප­වා­හි­නියේ නාට්‍ය අංශයේ ප්‍රධා­නියා බවට පත්වෙන්නේ ධම්ම ජාගොඩ නම් විශි­ෂ්ටයා. ටෙලි­වි­ෂන් ඉති­හා­සයේ පළ­මු­වෙන්ම විකා­ශය වුණු ටෙලි නිර්මා­ණය විදි­හට ‘දිමුතු මුතු‘ විකා­ශය වෙන්නේ පෞද්ග­ලික අංශයේ නිෂ්පා­ද­න­යක් විදි­හට. ජාතික රූප­වා­හි­නි­යෙන් නිෂ්පා­ද­නය කළ පළ­මු­වැනි ටෙලි නිර්මා­ණය විදි­හට විකා­ශය වෙන්නේ ආචාර්ය පරා­ක්‍රම නිරි­ඇ­ල්ලගේ ‘ලාහිරු දහ­සක්’. එහි සෝමේගේ චරි­ත­යට පණ පොවන්න ලැබී­මම මගේ කලා දිවියේ සුවි­ශේෂී සන්ධි­ස්ථා­න­යක්.


මුල් යුගයේ ටෙලිනාට්‍ය කලාවේ අදට වඩා වෙන­සක් තිබු­ණා. ඒ වෙනස කොහො­මද දැනෙන්නේ?


එදා ටෙලි නිර්මා­ණ­යක තීර­ණා­ත්මක සාධ­කය වෙන්නේ අධ්‍ය­ක්ෂ­ව­රයා. ඔහුයි තීර­ණය කරන්නේ ජන­තා­වට දිය යුතු දෙය. පරා­ක්‍රම නිරි­ඇ­ල්ලම සෝම­වීර සේනා­නා­ය­කගේ ‘යශෝ­රා­වය‘ නව­ක­තාව ඇසු­රින් ‘යශෝ­රා­වය‘ ටෙලි නාට්‍යය නිර්මා­ණය කර­නවා. ඒ වගේම මාර්ටින් වික්‍ර­ම­සිංහ සූරීන්ගේ ගම්පෙ­ර­ළිය නව­ක­තාව ටෙලි නිර්මා­ණ­යක් බවට පත්ක­රන්නේ බර්ට්‍රම් නිහාල්. ඒ සම­ඟම සෝම­වී­ර­යන්ගේ ‘මව­කගේ ගීතය‘ ඇසු­රෙන් සුදත් සේනා­රත්න ටෙලි නාට්‍ය­ය­ක් නිර්මා­ණ­යක් කර­නවා. ඒ විදි­හට එදා ටෙලිනාට්‍යය කලා­වට තිබු­ණෙම සාහිත්‍ය එක්ක ගිය ගම­නක්.


එදා කලා­වක් විදි­හට පව­ත්වා­ගෙන ගිය ටෙලි නාට්‍යය මේ වෙද්දි කර්මා­න්ත­යක් බවට පත්වෙලා. ඒ ගැන මොකද හිතෙන්නේ?


මුල් යුගයේ ටෙලිනාට්‍ය අධ්‍ය­ක්ෂ­ව­රයා වග­වී­මෙන් සහ වග­කී­මෙන් යුතුව ජන­තාව වෙනු­වෙන් කලා නිර්මාණ කළා. පුව­ත්පත ගත්තත් සාහිත්‍ය ගත්තත් ඒ දේම වුණා. පුව­ත්ප­ත්වල පතාක යෝධ පර­ම්ප­රාව නැතිවී ගෙන යෑමත් එක්ක අලුත් අයි­ති­කාර අධි­කාරී පෙළැ­න්ති­යක් බිහි­වෙලා ඔවුන්ට ඕන විදි­හට පුව­ත්පත් කලාව හැඩ­ගස්වා ගත්තා. ටෙලිනාට්‍යය කලා­ව­ටත් ඒ දේම වුණා. අධ්‍ය­ක්ෂ­වරු, තිර­පි­ට­පත් රච­කයෝ එක්ක ආපු ගමන ආය­ත­න­ය­කට ඕන විදි­හට හසු­රු­වන්න ගත්තා. එතැ­නදී ඔවුන්ගේ ව්‍යාපා­රික ඕනෑ එපා­ක­ම්ව­ලට මූලික ස්ථාන­යක් දෙන්න වුණා. අධ්‍යා­පන මෙව­ල­මක් විදි­හට ලංකා­වට ආපු රූප­වා­හි­නිය කුඩා කුඩා කොට­ස්ව­ලට කැඩිලා අනේක විධ චැනල් ගොඩක් බවට පත්වුණා. බහු­විධ මාධ්‍ය­ව­ලට යෑමත් එක්ක අන්ත­ර්ජා­ල­යත් සම්බන්ධ වුණා. දැන් මේ සියල්ල එක ගොනු­වක් වෙලා. සමා­ජ­යක් විදි­හට දැන් මේක ඇතුළෙ අපේ­කම රැක­ගැ­නී­මත් ගැට­ලු­වක් බවට පත්වෙලා. චැන­ල්වල ක්‍රියා පටි­පා­ටි­යට අනු­කූ­ලව තමයි නිර්මාණ තෝරා­ගැ­නීම සිදු­වෙන්නේ. ඒ හේතු­වෙන් ජන­තා­වට වග­කි­යන, වග­වන පිරිසේ ක්ෂය වීමක් ඇති­වෙලා තියෙ­නවා. මේ වෙද්දි බොහෝ­දු­රට ටෙලි නාට්‍ය­ව­ලට අධ්‍ය­ක්ෂ­ව­රයා, නළු නිළි­යන් තෝර­න්නෙත් චැනල් එක. එදා ටෙලි නාට්‍ය කලා­වට සම්බන්ධ වුණු අය අත­රින් අද­ටත් ඉතුරු වෙලා ඉන්නේ මං වගේ සුළු­ත­ර­යක් විත­රයි. වර්ත­මාන පාරි­භෝ­ගික සමා­ජ­යක් ඇතුළේ කලාවේ පැවැත්ම පිළි­බඳ විශාල ගැට­ලු­වක් තියෙ­නවා. ඒක සාහි­ත්‍ය­ය­ටත් පොදුයි.


ඒ කියන්නේ කලාව, සාහිත්‍ය ඇතුළේ පැවැත්ම රඳවා ගන්නවා කිය­න්නෙම අභි­යෝ­ග­යක් ?


අනි­වා­ර්ය­යෙන්ම. පැවැත්ම පිළි­බඳ ලොකු ගැට­ලු­වක් තියෙ­නවා. ඒක සාහි­ත්‍ය­ටත් තියෙ­නවා. ලේඛ­ක­යෙක් විදි­හට ගත්තොත් අද අලු­තෙන් බිහි­වන කෘති­වල රස­ඥ­තාව පිළි­බඳ ගැට­ලු­වක් තියෙ­නවා. ඉස්සර අපි පත්ත­රේක කතු වැකි­යක් කිය­වලා තමයි භාෂාව පිළි­බඳ කතා කරන්නේ. අද පර­ම්ප­රාව දිහා බැලු­ව­හම බොහෝ­විට ඔවුන් අද භාෂාව පාවිච්චි කරන්නේ සන්නි­වේ­දන උප­ක­ර­ණ­යක් විදි­හට විත­රයි. භාෂාවේ රීති, ව්‍යාක­රණ, අලං­කාර පිළි­බඳ ඔවුන්ට තැකී­මක්, හැඟී­මක් නැහැ. ජෙන­රේ­ෂන් කිව්වට ඒක ජෙන­රේ­ෂන්ම නෙවෙයි. අපි ලෝක­යට විවෘත වුණු නිසා අපි අපි­වම හුද­කලා කර­ගෙන. අපිට ඕන තීන්දු තීරණ ගන්න බැරි වෙලා තියෙ­නවා. උදා­හ­ර­ණ­යක් විදි­හට AI තාක්ෂ­ණයේ දියු­ණුව කොත­රම් ඉදි­රි­යට යන­වද කිය­නවා නම් අද ගොඩක් පරි­ව­ර්තන එන්නේ AI ට්‍රාන්ස්ලේ­ෂන් විදි­හට. ඉදි­රි­යට මිනිස් මොළ­යට ලොකු දේවල් කරන්න ඕන වෙන්නෑ. මිනිස් මොළය හැම විටම හැඟීම සහ බුද්ධිය කියන ක්‍රම දෙක­ටම ක්‍රියා කර­නවා. නමුත් AI ක්‍රියා කරන්නේ බුද්ධි­යට අනුව. ඒකත් අපි දෙන දත්ත විශ්ලේ­ෂ­ණ­ව­ලට අනුව. AIට හැඟී­මක් හදන්න බෑ. එතැ­නදි අපි හැමෝම මේක ඇතුළේ හුද­කලා වෙනවා. ටෙලි නාට්‍යය, සංගී­තය, ජීවිත කතා මේ සිය­ල්ලම අර්බු­ද­යට ලක්වෙ­නවා. ඒ අර්බු­දය තමයි අපිට අද සමා­ජ­යෙන් පේන්නේ. තාක්ෂ­ණය මේ සිය­ල්ලම බිලි ගන්නවා. තාක්ෂ­ණය පස්සේ එළ­ව­ගෙන ගිහින් මිනි­ස්සුන්ගේ හැඟීම නැති වුණ­හම වෙන්නේ මිනි­ස්සු­න්ටත් දැනෙන්නේ නැතුව යෑම. අන්ති­මට හැමෝම රොබෝලා වෙනවා. කෙනෙක් තව කෙනෙක් මත යැපෙ­නවා කියන එක ඇතු­ළෙම මිනි­ස්කම නැතුව යනවා.


ඔබ කලා­වට පිවි­සෙන්නේ වේදි­කාවේ ළමා නළු­වකු විදි­හට. මේ දක්වා පැමිණි ගමන ගැන සිහි­පත් කර­නවා නම්?


මම කලා­වට සම්බන්ධ වෙන්නේ අවු­රුදු දහ­යක ළමා රංගන ශිල්පි­යෙක් විදි­හට. ඒ ‘පුංචි මිනිස්සු’ කියන වේදිකා නිර්මා­ණ­යෙන්. ඊට පස්සේ රත්න­වීර ද සිල්වාගේ ‘සුද්දා’ සින­මා­ප­ටයේ ප්‍රධාන භූමි­කා­ව­කින් සින­මා­වට සම්බන්ධ වෙනවා. ඊටත් පස්සේ තමයි ‘ලාහිරු දහ­සක්‘ ටෙලි නිර්මා­ණ­යට සම්බන්ධ වෙන්නේ. අසූව දශ­කයේ මම ටෙලි නාට්‍ය කලා­වට සම්බන්ධ වෙද්දි සති­ය­ටම විකා­ශය වුණේ ටෙලි නාට්‍ය එකයි හෝ දෙකයි. ඒවත් ජන සමා­ජ­යේම ප්‍රති­නි­ර්මාණ විදි­හට ජන සමා­ජ­යේම මුල් බැස ගත්තා. විවෘත ආර්ථි­ක­යත් එක්ක තමයි හැම­දේම සාමා­න්‍ය­ක­ර­ණය වෙන්න පටන් ගත්තේ.


ලාහිරු දහ­සක්, යශෝ­රා­වය, ගම්පෙ­ර­ළිය, මව­කගේ ගීතය, සිව්මං­සල, මඩො­ල්දූව, චරිත තුනක් , මීදුම වගේ නිර්මාණ ගොඩක් ජන­ප්‍රිය වුණා වගේම මාලිනී ෆොන්සේ­කාගේ අධ්‍ය­ක්ෂ­ණ­යෙන් විකා­ශය වුණු සොහො­යුරෝ ටෙලි නිර්මා­ණ­යට හොඳම සහය නළු­වාට හිමි සුමති සම්මා­න­යත් හිමි­වුණා. සංගිලි පලමේ හාමු­දු­රු­වන්ගේ චරි­ත­යත් සම්මා­නිත වුණා. ඒ වගේම ටෙලි නාට්‍ය කලා­වට කළ මෙහෙ­වර වෙනු­වෙන් රජ­යෙන් ‘යුග­පු­රුෂ සම්මා­නය‘ හිමි­වුණා. ආප­ස්සට හැරිල බැලු­වොත් මම දශක ගාණක්ම ඉඳල තියෙන්නේ කලාවේ. යෞවන අව­දි­යේ­දීම හොඳම චරි­ත­ රඟ­පාන්න ලැබුණා. ඒ කාලෙ රංග­න­යට එන්න ලැබීම ගැන මං ගොඩක්ම සතුටු වෙනවා. අද කාලේ වුණා නම් මට මේත­රම් දේවල් කරන්න ලැබෙන එකක් නෑ කියලා හිතෙ­නවා.


ටෙලි­වි­ෂ­නයේ මුල් පර­ම්ප­රාවේ පුරු­කක් විදි­හට අද පර­ම්ප­රාව දැනෙන්නේ කොහො­මද?


පුංචි කාලෙ ඉඳන්ම මට කලාවේ බොහෝ පිරි­සක් ඇසුරු කරන්න ලැබෙ­නවා වගේම ඔවුන්ගේ ආද­ර­යත් ලැබෙ­නවා. මගේ ජීවි­තය ගොඩ­නැ­ඟෙ­න්නේම ආද­රය පද­නම් කර­ගෙන කිව්වත් හරි. ඒකට හේතුව මං බිහි­වෙන්නේ හැඟීම් පර­ම්ප­රා­වක. ඔවුන් නිත­රම ශිල්ප­යත් එක්කම අපට දුන්නේ ආද­රය. ආද­රය මැද්දේ හැදෙන ළම­යෙක් ලෝකය දිහා ආද­රෙන් බලන්න පටන් ගන්නවා. ඒ ලැබුණු ආද­රය තමයි අපි මේ තාමත් බෙදන්නේ. අපිට සමා­ජය දිහා අනු­ක­ම්පා­වෙන්, උපේ­ක්ෂා­වෙන්, ආද­ර­යෙන් දකින්න පුළු­වන්. ඒ වගේම නව­ක­යන් හරිම ආද­රෙන් වැලඳ ගන්නවා. ඔවුන් එක්කම ඉන්නවා. හැම­වෙ­ලේම මම පරණ එක හොඳයි කියන තැන ඉන්න කෙනෙක් නෙවෙයි. සමා­ජය වෙනස් විය යුතුයි. ඒ අතරේ හැඟීම කියන එක නැති­වෙලා යන එක තමයි ගැට­ලුව. අද ජන සමා­ජ­යට වෙලා තියෙන්නෙ ඒක. හැඟීම කියන එක නැහැ. හැඟීම අඩු ජන­තා­වක් ඉන්න රට­කට හැඟී­මෙන් වැඩක් කරන්නේ කොහො­මද? එහෙම ජන සමා­ජ­යක් නිත­රම වින­යෙන් සන්නද්ධ කරලා නීතිය බල­ගතු කරන්න වෙනවා කියන තැනයි මම ඉන්නේ.


රංග­න­යට අම­ත­රව ඔබ ලේඛ­ක­යෙක් ලෙසත් කැපී­පෙනෙන කෙනෙක්. ඔබේ අලුත්ම නිර්මාණ මොන­වද?


මගේ අලුත්ම සාහිත්‍ය කෘතිය ‘බොරු­කා­ර­යින්ගේ නග­රය’ කෙටි කතා සංග්‍ර­හය පහු­ගි­යදා එළි­දැ­ක්වුණා. මේක ලියන්නේ ‘කන්කො­ටාගේ ප්‍රේමය‘ කෙටි කතා සංග්‍ර­හ­යෙන් හරි­ය­ටම අවු­රුදු හය­කට පස්සේ. මගේ පළමු නව­ක­තාව වෙන්නේ ‘මොනර පිහාටු.‘ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනු­වෙන් වෛද්‍ය ආනන්ද ගුණ­සේ­ක­රගේ චරි­තා­ප­දා­නය සිංහ­ලෙන් සහ ඉංග්‍රී­සි­යෙන් පළ කළා. ඊට පස්සේ මාව ටෙලි­වි­ෂ­න­යට හඳු­න්වා­දුන් ආචාර්ය පරා­ක්‍රම නිරි­ඇ­ල්ලගේ චරි­තා­ප­දා­නය ලිව්වා. ජපන් පරි­ව­ර්තන කෘති දෙක­කුත් කළා. ඊට අම­ත­රව පත්ත­ර­ව­ල­ටත් ලිපි ලිය­නවා. මේ දින­වල සුබ­සෙත පුව­ත්ප­තට ලිපි පෙළක් ලියා­ගෙන යනවා. කැලණි විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ජන සන්නි­වේ­ද­නය හැදෑරූ මට බෞද්ධ දර්ශ­නය හා බෞද්ධ ආයු­ර්වේ­දය සම්බ­න්ධ­යෙන් පශ්චාද් උපාධි සහ ශාස්ත්‍ර­පති උපා­ධි­යක් තියෙන නිසා බෞද්ධ මනෝ­වි­ද්‍යාව සම්බ­න්ධ­යෙ­නුත් ලිපි පෙළක් ලිය­නවා. මං කාලෙන් කාලෙට මගේ වෘත්තිය වෙනස් කරන කෙනෙක්. රංග­නය වුණත් මං වෘත්ති­යක් විදි­හට කළේ නැහැ.


ඔබ නිත­රම සතු­ටින්, සැහැ­ල්ලු­වෙන් ඉන්න කෙනෙක්. සතු­ටින් සිටීමේ කලා­වත් කිය­ලම කතාව අව­සන් කරමු?


ඔව්. මං හරිම සතු­ටින් ඉන්නවා කියන එක මටත් දැනෙ­නවා. ඒ ඒ කාලෙට අදාළ දේවල් කරපු නිසා මට ජීවිතේ ඇරි­යස් නෑ. කාට­වත් ඊර්ෂ්‍යා කර­න්න­වත්, මට ලැබුණෙ නැති දෙයක් ලබා­ගන්න ඕන කියන හැඟී­ම­ක්වත් නැහැ. මේ හැම දෙයක්ම මගේ වැර වෑය­මෙන් හදා­ගත්ත දේවල්. ඒ නිසා මට මා ගැන ආඩ­ම්බර වෙන්න පුළු­වන්. විවෘ­තව ජීවිතේ විඳින්න පුළු­වන්. අපිට මුදල් ඕන වෙන්නේ අපේ නිද­හස මිලදී ගන්න. නිද­හස ගත්තට පස්සේ කිසිම ගැට­ලු­වක් නැතුව ඉන්න පුළු­වන්. අද මේ ගෙවෙන්නේ මිනි­ස්සුන්ට අති­ශ­යින්ම අමාරු කාල­යක් වුණත් අව­ශ්‍ය­තා­ව­යන් අවම කර­ගෙන සතු­ටින් ඉන්න පුළු­වන් මැජික් එක මම දන්නවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post