මට කෙට්ටු වෙන්න අවශ්‍ය නෑ. අවශ්‍ය වුනොත් කෙට්ටු වෙන හැටි මම හොඳින්ම දන්නවා-රුචිනි

gossiplanka image 1
''කෙට්ටු වෙන ශල්‍යකර්ම ඇතුළු කෙටි ක්‍රමවලට මම ඉතා තදින් විරුද්ධයි'' 

පහුගිය දවස්වල වඩාත් කතාබහට ලක්වුණු, විවාහ මංගල උත්සවයක් තමයි කළණ - රුචිනි යුවළගේ විවාහ මංගල උත්සවය.

කලාවේ තවත් අපූරු හමුවීමක් වුණු නව යුවළට, සුබපැතුම් සෑහෙන ගොඩක් ලැබිලා තිබුණා.

ඒ සුබපැතුම් අතර යම් යම් අදහස් දැක්වීම් ද බොහෝමයක් දකින්න ලැබුණා.

කළණගෙ වගේම රුචිනිගෙ පවුල් පසුබිම් ඉන් ප්‍රධානයි. ඒ වගේම ඔවුන්ගෙ බාහිර ස්වරූපයන් ද ඇතැම් පිරිස් කතාබහට ලක්කර තිබුණා.

එහෙම ඇති වුණු කතාබහ ගැන, රුචිනි අපූරු සටහනක් තියලා. 

උපුටාගැනීමයි,  

''පසුගිය දින කිහිපය තුළ මටත්, කළණටත් සුබ පැතුම් එක් කළ, කතා කළ, ආදරය දුන් සියලු දෙනාට ගොඩාක් ආදරෙයි..

ඒ අතර මට කෝල් කරමින්, මැසේජ් කරමින් බර අඩුකරගන්නා ක්‍රම, කෙට්ටු වෙන ක්‍රම කියන අය ඒවා කියන්නෙ හොඳ චේතනාවෙන් බව මම දන්නවා..

නමුත් මට කෙට්ටු වෙන්න ක්‍රම දැනගන්න අවශ්‍ය නෑ. ඒ සියලු දේ ගැන මම ඉතා දැනුවත්. Weight loss surgeries ගැන මම හොඳින් දන්නවා. මගේ සමීපතමයන් ඒවා කරලා තියෙනවා. 

කෙට්ටු වෙන ශල්‍යකර්ම ඇතුළු කෙටි ක්‍රමවලට මම ඉතා තදින් විරුද්ධයි ඒවායෙ side effects සහ අහිතකර බලපෑම් නිසා. ඒ නිසා නැවතත් ඒ ගැන දැනුවත් කිරීම් අනවශ්‍යයි. 

අස්වාභාවික ක්‍රමවලින් ශරීරයට එක එක දේ කරන්න මම කැමති නෑ. මේ ඉන්ජෙක්ෂන්, ශල්‍යකර්ම තව මෙකී නොකී දේ අලුතෙන් හොයාගෙන කරපු අයට side effect එන්න තව හුඟක් කල් යනවා. 

ඒ නැතත් මට කෙට්ටු වෙන්න අවශ්‍ය නෑ! 

මම ඉතා සතුටින් ඉන්න කෙනෙක්. මට කෙට්ටු වෙන්න මේ මොහොතේ අවශ්‍ය නෑ. අවශ්‍ය වුනොත් කෙට්ටු වෙන හැටි මම හොඳින්ම දන්නවා එක පාරක් කිලෝ 47ක් කිසිම කෙටි ක්‍රමයක් නැතුව අඩු කරපු කෙනෙක් හැටියට. 

ඉතිං ස්තූතියි. ගොඩක් ආදරෙයි. 

මගේ බර ඔබ ඔසවාගෙන යන එක නවත්තපු දවසට ඔබත් මම වගේම සැහැල්ලු වෙයි.''

උපුටාගැනීම අවසන්...

ඉතින්, ජීවිතේ ආදරණීය ගමනක් ඇරඹූ නව යුවළට අපිත් හදවතින් ම සුබපැතුම් එකතු කරමු...

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post