හනිමුන් ටුමෝරෝ කියන්නේ වෙනම එකක් -ශේෂාද්‍රි ප්‍රියසාද්

gossiplanka image 1
 


වසර පහක දිගු නිහැඬියාවකට විරාමයක් තබමින්, ඇය යළිත් සිනමාවට පිවිසියේ ප්‍රේක්ෂක හදවත් උමතු කරමිනි. මේ මොහොතේ බොක්ස් ඔෆිස් වාර්තා අලු‍ත් කරමින් සිනමාහල් පිරී ඉතිරී යන ‘එදා රෑ’ හි ඇගේ අපූරු රංගනය මෙන්ම, ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘රහයි ජීවිතේ’,‘අග්නි ජය’,‘හනිමුන් ටුමෝරෝ’ සහ ‘කොළඹ 13’ වැනි අලු‍ත්ම චිත්‍රපට ගණනාවකින්ම ඇයව ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන්. ඇගේ මේ නැවැත ආගමනය ගැන වගේම ඇගේ ඉදිරි කලා කටයුතු ගැන ශේෂාද්‍රි ‘හාට්’ අපිත් එක්ක කරපු අපූරු කතාබහයි මේ… Sri Lanka Latest News


ලංකාවේ බොක්ස් ඔෆිස් රෙකෝඩ් කඩපු ෆිල්ම් එකක ඇක්ට් කරන්න ලැබුණු නිසා සතුටින් ඉන්නේ නේද ශේෂාද්‍රි?

ඇත්තටම මට ඒක ගැන හරිම සතුටුයි. මම ඇක්ට් කරේ නැතත් ලංකාවේ චිත්‍රපටයක් බොක්ස් ඔෆිස් වාර්තා තියලා මේ විදිහට ඉහළට යනවා කියන එක. අපි අපේ සිනමාව ගැන සතුටු වෙන්න ඕනෙ. ඉතින් මේ වගේ චිත්‍රපටයකට දායක වෙන්න මට ලැබිච්ච එක, මමත් ඉන්න එක මට ඒක එක්ස්ට්‍රා ස්පෙෂල් කිව්වොත් හරි. ඇත්තටම චිත්‍රපටයේ ටේ්‍රලර් එක ඉස්සෙල්ලම රිලීස් වුණු දවසේ මගේ තාත්තිත් බැලු‍වා ටේ්‍රලර් එක. එයා ටේ්‍රලර් එක බලපු ගමන්ම කිව්වේ මේක බොක්ස් ඔෆිස් වාර්තා තියන හයස්ට් කලෙක්ෂන් ෆිල්ම් එක වෙනවාමයි කියලා. එදා ඒක ගෙස් කරලා කිව්වේ ටේ්‍රලර් එක බලලා. ඒ විදිහටම සිද්ධවෙලා තියෙනවා. මට හරි සතුටුයි ඒ ගැන. ඒකට දායක වෙන්න ලැබිච්ච එක ඊටත් වඩා සතුටක්.

හැමතැනම කතාවෙනවනේ ශේෂාද්‍රි මේ දවස්වල සෑහෙන බිසී කියලා? කොහොමද ඉතින් මේ අලු‍ත් වැඩත් එක්ක දවස ගෙවෙන්නේ?

මේ දවස්වල වැඩකටයුතු හොඳින් කෙරීගෙන යනවා. ගොඩක්ම ‘එදා රෑ’ චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුත් එක්ක තමයි යොමුවෙලා ඉන්නේ. ඉතින් මම හිතනවා හැම ෆිල්ම් එකක්ම කළාට පස්සේ අපිට ෂූට් කරලා, ඩබ් කරලා ඉවර වුණා කියලා ෆිල්ම් එකේ වැඩකටයුතු ඉවර වෙන්නේ නැහැ. චිත්‍රපටය රිලීස් වුණාට පස්සෙත් අපිට යම්කිසි වගකීමක් තියෙනවා ප්‍රේක්ෂකයන්ට චිත්‍රපටය අරගෙන යන්න. ඉතින් ඒ වැඩකටයුතුවලට තමයි සම්බන්ධ වෙන්නේ ‘එදා රෑ’ චිත්‍රපටය තුළින් මේ දවස්වල.




ශේෂාද්‍රි කිව්ව ගමන් අපට මතක් වෙන්නේ සිනමාවනේ? සිනමාවත් එක්ක තියෙන ඒ බැඳීම කොයිවගේද?

ඔව්. මුලින්ම පටන් ගත්තේ චැලෙන්ජර්ස් චිත්‍රපටයෙන් 2009දී. සිනමාවෙන් තමයි මම රංගන ක්ෂේත්‍රයට එන්නේ. ඉතින් මගේ වැඩිපුර කැමැත්ත තියෙන්නේ සිනමාවට. හැබැයි මම ටෙලිනාට්‍ය කීපයකුත් කරලා තියෙනවා. නමුත් ඉතින් මගේ හිත ඇත්තටම ගොඩක්ම යොමු වෙන්නෙ සිනමාවට.

හැමෝම කතා කරන එදා රෑ චිත්‍රපටයේ ඔබේ චරිතය ගැනත් කතා නොකර බැහැ?

ශිරාණි කියන කැරැක්ටර් එක ඉතාම ආදරණීය කැරැක්ටර් එකක්. නමුත් ඉතින් ආදරය කියන දේ විවාහයකින්ම කෙළවර වෙන්නැති අවස්ථා ගොඩක් තියෙනවා. ශිරාණිටත් ඒ වගේ අත්දැකීමක් තමයි තියෙන්නේ.

‘හනිමුන් ටුමෝරෝ’ කියන්නේ නම ඇහෙනකොටම වෙනස්ම කුතුහලයක් ඇති කරන චිත්‍රපටයක්. ඒ අත්දැකීම කොහොමද?

‘හනිමුන් ටුමෝරෝ’ කිව්ව ගමන් මිනිස්සුන්ට ඔළුවට දෙයක් එනවනේ. නමුත් මම හිතනවා ඊට වඩා හාත්පසින්ම වෙනස් වුණු කතාවක් තමයි මෙතැන තියෙන්නේ. ඇත්තටම විවාහ ජීවිතයකට එළඹුණාම කපල් එකකට මුහුණ දෙන්න සිද්ධ වෙන විවිධ ප්‍රශ්න තියෙනවා. සැමියෙක් විදිහට, බිරිඳක් විදිහට ඒවට කොහොමද මුහුණ දෙන්නේ. ආදරේදී අනිත් අයව රැකගන්නේ කොහොමද. මේ වගේ තේමාවන් තමයි මේ චිත්‍රපටයේ අඩංගු වෙන්නේ. ගොඩක් හිනා වෙන්න පුළුවන්, ලස්සන ලස්සන සෙන්ස් තියෙන හරිම අපූරු චිත්‍රපටයක් හනිමුන් ටුමෝරෝ. ඉතින් ඒකත් ඉක්මනින්ම අපේ ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන්කම ලැබේවිි.

ඔබේ ආදරණීය තාත්තා අධ්‍යක්ෂණය කරපු, ඔබත් රංගනයෙන් දායක වන ‘රහයි ජීවිතේ’ චිත්‍රපටය නොවැම්බර් 12 වැනදා තිරගත වෙන්න නියමිතයි. ඒ ගැන මතක් කළොත්?

ඔව්. ඒක තිරගත වෙනවා නොවැම්බර් 12 වැනිදා. ඉතින් ඒක ඇත්තටම ටිකක් නෙමෙයි ලොකු කාලයක් අරගත්තා තිරගත කරන්න. අපි ඒ ෆිල්ම් එක රූගත කිරීම් කරලා, හඬකැවීම් ඉවර කරලා ගොඩක් කල් වෙනවා. නමුත් තිරගත කරන්න අවස්ථාවක් හම්බ වුණේ නැහැ. ඒත් එක්කම ටෙනිසන් කුරේ මහත්මයාගේ අවසන් චිත්‍රපටය තමයි රහයි ජීවිතේ. ඉතින් ඔහුට කරන උපහාරයක් විදිහට මේ චිත්‍රපටය දැන් මේ අවුරුද්දෙ නොවැම්බර් මාසේ රිලීස් කරන්න තමයි ඔක්කොම වැඩකටයුතු සූදානම් කරලා තියෙන්නෙ


‘රහයි ජීවිතේ’ මොන වගේ අත්දැකීමක් වේවිද ප්‍රේක්ෂකයන්ට?

පවුලේ හැමෝටම නරඹන්න පුළුවන් හාස්‍යමය චිත්‍රපටයක් කිව්වොත් හරි. විශේෂයෙන්ම ටෙනිසන් අංකල්ගේ රසික රසිකාවියන් වෙනුවෙන්ම තමයි මෙම චිත්‍රපටය තිරගත කරන්නේ. ඉතින් අපි ඉස්සර බැලු‍ව චිත්‍රපට තියෙන්නෙ ටෙනිසන් කුරේ මහත්මයා ඉන්න චිත්‍රපට. අන්න ඒ වගේ ෆිල්ම් එකක් මේකත්.

‘වසර දාසයකට පසු නැවත හමුවන ආදරවන්තයින්’ මොකක්ද මේ වයිරල් වෙන කතාව?

මම චිත්‍රපටයක් කළා ‘කොළඹ 13’ කියලා. බුද්ධික ජයරත්න තමයි චිත්‍රපට අධ්‍යක්ෂවරයා සහ මගේ ස්වාමිපුරුෂයා විදිහට ඒ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්නේ. මීට අවුරුදු දාසයකට කලින් ‘සෙනසුරු මාරුව’ කියන චිත්‍රපටයේ මගේ ෆියෝන්සේ විදිහටත් බුද්ධික අයියාම තමයි රඟපාන්නේ. ඉතින් ඒක තමයි ඔය සමාජ මාධ්‍යයෙන් කියලා තිබුණේ වසර දාසයකට පසුව නැවත හමුවන ආදරවන්තයින් කියලා. ඉතින් ඕක තමයි වසර දාසයකට පසු හමුවන ආදරවන්තයින් කියන්නේ. ආදරවන්තයන් නෙවෙයි ඇත්තටම මේ චිත්‍රපටයේ සැමියා සහ බිරිඳ විදියට තමයි රඟපාන්නේ.

‘කොළඹ 13’ කියන්නේ සෑහෙන වෙනස්, වෙනමම මානයක ෆිල්ම් එකක් වෙයි නේද?

ඔව්. ‘කොළඹ 13’ ටිකක් වෙනස් විදිහේ නිර්මාණයක් තමයි. ඒක ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ තිර පිටපතකට අනුව නිර්මාණය වෙච්ච හරිම අපූරු චිත්‍රපටයක්. ඉතින් සංකීර්ණ චරිතත් තියෙනවා අපිට. ටිකක් සයිකොලොජිකල්, ත්‍රිලර් චිත්‍රපටයක් කිව්වොත් හරි. ඉතින් මම හිතනවා ඒ චිත්‍රපටයත් විශේෂ වෙයි කියලා ගොඩක් දෙනා කැමැති වෙයි කියලා.

තවත් අලු‍ත්ම වැඩක් ඔක්තෝබර් 28 වැනිදා එනවා කියලත් ආරංචියි?

ඔව්. ‘අග්නිජය’ චිත්‍රපටය විසිඅට රිලීස් වෙනවා. මෙහි මංචන පීරිස් තමයි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ. ඉතින් මංචන මල්ලිගේ ආරාධනාවකට අනුව තමයි මමත් ඒ චිත්‍රපටයට යොමු වෙන්නේ. මංචනත් එක්ක ප්‍රදාන චරිතය නිරූපණය කරන්නේ මගේ නංගි ශනුද්‍රි. ඉතින් ශනුද්‍රි, දසුනි සෙනෙත්මා, බිමල් අයියා, කලන මේ වගේ ගොඩක් චරිත මේ චිත්‍රපටයේ ඉන්නවා. ඉතින් මේකත් අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයන්ට බලන්න එන්න කියන්න ඕනේ. මොකද මෙච්චර දවසක් දැකපු චිත්‍රපටවලට වඩා ගොඩක් වෙනස් ආකාරයේ චිත්‍රපටයක් කිව්වොත් හරි.

කලා කටයුතුත් එක්ක කාර්යබහුල වුණාම, චූටි නන්නාව මගහැරෙන්නේ නැද්ද? පවුල් ජීවිතය බැලන්ස් කරගන්නේ කොහොමද?

චූටි නන්නාව මග ඇරෙන්නෙ නැතිවෙන්න තමයි මම හැමදේම කරන්නේ. කොච්චර කාර්යබහුල වුණත් බබාට මුලින්ම ප්‍රයෝරිටි එක දෙනවා. එයාගේ වැඩ කටයුතුයි, හැම දෙයක්ම ප්ලෑන් කරන්න ඕන විදිහ බලල තමයි මම අනිත් හැම දෙයක්ම කරන්නේ. කොයි වෙලාවකවත් එයාට කිසිම විදිහකින් අඩුවක් දැනෙන්නේ නැති වෙන්න වැඩකටයුතු කරනවා. ඒ වෙනුවෙන් මගේ හස්බන්ඩ්ගෙන් ලොකු සපෝට් එකක් ලැබෙනවා. ඒ වගේම මගේ අම්මා, හස්බන්ගේ අම්මා ලොකු කැපකිරීමක් කරනවා ඒ වෙනුවෙන්. එයාල ඒ වෙනුවෙන් කරන කැපවීම මටත් හිතාගන්න බැහැ. ඉතින් අපි දෙන්නට වැඩකටයුතු නිදහසේ කරගන්න යන්න පුළුවන්කම ලැබිලා තියෙන්නෙ බබා බය නැතුව එයාලා එක්ක ඉන්නවා කියලා දන්න නිසා. මට ඒ නිදහස ඔළුවේ තියෙන එක ලේසියි වැඩ කටයුතු කරගන්න.

ටලිනාට්‍ය පැත්තෙන් මේ දවස්වල ටිකක් සද්ද නැත්තේ, ඒ පැත්තට සමුදුන්නවත්ද?

අන්තිමට මම ටෙලිනාට්‍යයක් කළේ මේ අවුරුද්දෙම තමයි. පහේ ළමයි ටෙලිඩ්‍රාමා එක. ඊට පස්සේ නම් මම ටෙලිනාට්‍යවලට දායක වුණේ නැහැ. මේ හැම වැඩකටයුත්තකටම ක්‍රිෂාන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ක්‍රිෂාන් තමයි මට ඉන්න ලොකුම සපෝට් එක. විශේෂයෙන් බබාගේ වැඩකටයුතුවලදී එයා මට කිසිම විදිහකින් දැනෙන්නැති වෙන්න මට ප්‍රශ්නයක් වෙන්නැති වෙන්න එයාගේ පැත්තෙන් ලොකු සහයෝගයක් දෙනවා. ඊට අමතරව මම දැන් රඟපාන්නේ නැතුව හිටියනේ කාලයක්. ඒ කාලෙදි ආයෙත් මගේ හිත වෙනස් කරලා කොහොම හරි මේ දේ කරන්න කියන දේ කිව්වේ ක්‍රිෂාන් තමයි. ‘එදා රෑ’ චිත්‍රපටයට ආරාධනා ලැබෙද්දිත් චිත්‍රපටය ගැන කිසිම විස්තරයක් දන්නෙත් නැතුව එයා මට කිව්වේ ඒ ෆිල්ම් එක කරන්න කියලා. මොකද එයා ආසම කරන ගායකයෙක් ගැන කියන බයෝ පික් එකක් එහෙම තියෙන නිසා වෙන්න ඇති. කොහොම වුණත් ෂූටින්වලට යද්දී ලොකු සපෝට් එකක් දෙන්නෙ එයා. හිත නිදහසේ වැඩේ කරගෙන එන්න පුළුවන් කියන ඒ පරිසරය එයා මට හදලා දෙනවා. ඉතින් මට ඉන්න ලොකුම සපෝර්ට් එක තමයි ක්‍රිෂාන්.


නෙත්මි මල්ෂා

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post