හැපි ෆැමිලි ලයිෆ් එක ගත කරන තරිනි ගැන කියන අනු­රාධා එදි­රි­සිංහ

gossiplanka image 1
 


ඇයත් මේ දින­වල නිර්මාණ රැසක් ඔස්සේ නිතර දකින ජන­ප්‍රිය රංගන ශිල්පි­නි­යකි. ‘හත්වැනි මනා­ලිය ටෙලි නිර්මා­ණයේ නාද්‍යා වන ඇය ‘අසං­ධි­මිත ටෙලි නිර්මා­ණයේ තරි­නිය. අලුත් සර්හි ශකි­ලාය. ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනා­න්දුගේ කොටුව පිට­කො­ටුව ටෙලි නිර්මා­ණයේ ධනු­ෂ්කාය. පසු­ගි­යදා විකා­ශය ඇරැ­ඹුණු හසුන් සමී­රගේ වැලි කඩ­දහි ටෙලි නිර්මා­ණය ඔස්සේද ඔබ හමු­ව­න්නීය. ඉදි­රියේ විකා­ශ­යට නිය­මිත රිදී ටෙලි නිර්මා­ණ­යන්ද ඔබ හමු­වී­මට නිය­මි­තය. ඇය නමින් අනු­රාධා එදි­රි­සිං­හය. අද අපගේ පිළි­ස­ඳ­රට එක්වන්නේ ඇයයි.


අනු­රාධා මේ දව­ස්වල හත්වැනි මනා­ලිය වෙලා. ඒ අත්දැ­කීම මොන වගේද?


හත්වැනි මනා­ලිය තිළිණ බොර­ලැ­ස්සගේ ටෙලි අධ්‍ය­ක්ෂ­ණ­යක්. අනෝමා විජේ­ව­ර්ධ­නගේ තිර­පි­ට­ප­තක්. මාත් එක්ක ප්‍රධාන භූමි­කා­වෙන් සම්බන්ධ වෙන්නේ රවීන් කණිෂ්ක. මං ඒකෙ නාද්‍යා. දේව් කියන්නේ රවීන්ට. දේව් සහ නාද්‍යා අතර ප්‍රේමය හට­ගන්නේ සර­ස­වි­යේදී. ඔවුන් කොත­රම් ආද­රෙන් හිටි­යත් එක් වැරැදි වැට­හී­මක් නිසා දැන් ඔවුන් ඈත් වෙලා. ඔවුන් අතරේ පව­තින ගැටුම් එක්ක තමයි කතාව ගලා­ගෙන යන්නේ.


ඒ කියන්නේ නාද්‍යා දේව්ගේ ‘හත්වැනි මනා­ලි­යද ?


නාද්‍යා දේව්ගේ පළ­මු­වැනි මනා­ලිය. සර­ස­වි­යේදී බැඳුණු ප්‍රථම ප්‍රේමය. මේකේ මනා­ලි­යන් හත් දෙනෙක් ඉන්නවා. ඊටත් වඩා මේකට හත්වැනි මනා­ලිය කියන්න හේතුව වෙන්නේ දේව්ට මනා­ලි­යන් හොයන කපු මහ­ත්තයා හැම වෙලා­වෙම කියන කතා­වක්. ඔහු නිත­රම කියන්නේ දේව්ට හරි­යන්නේ බලන්න යන හත්වැනි මනා­ලිය කියලා. යෝජනා හතක් බලලා හත්වැනි එක තමයි හරි­යන්නේ. නැත්නම් හරි­යන්නෑ කියන කතාව ඔහු නිත­රම කිය­නවා. ඒ නිසා මේ ටෙලි නිර්මා­ණ­යට හත්වැනි මනා­ලිය කියන නම දාල තියෙ­නවා.


හත්වැනි මනා­ලිය ටෙලි කණ්ඩා­යම ගැන කතා කර­නවා නම්?


මං මේ තිළිණ අයි­යත් එක්ක වැඩ කරන පළමු අව­ස්ථාව. හරිම සුන්දර අධ්‍ය­ක්ෂ­ව­ර­යෙක්. ක්ෂේත්‍ර­යේදී අවු­රුදු ගණ­නා­වක් හමු­වෙලා තිබු­ණත් වැඩ කරන්න ලැබිලා නැහැ. මේ කණ්ඩා­ය­මත් හරිම සුහ­දව කට­යුතු කරන පිරි­සක්. සාමාන්‍යයෙන් අපි නිර්මා­ණ­ව­ලට ගියාට, හැමෝම එක්ක සුහ­දව වැඩ කළාට අපිට ෆැමි­ලි­යර් වෙන තැන් අඩුයි. හත්වැනි මනා­ලිය කණ්ඩා­යම කියන්නේ එහෙම බොන්ඩ් එකක් තියෙන කණ්ඩා­ය­මක්. මම හරිම කැමැ­ත්තෙන්, හරිම සතු­ටින් ඔවුන් එක්ක වැඩ කර­නවා.


නාද්‍යා ටිකක් නපුරු වගේ. කොහො­මද ලැබෙන ප්‍රති­චාර?


ඔව්. මෙත­නදි නාද්‍යා තමයි දේව් එක්ක තර­හින් ඉන්නේ. දේව් තරහ නැහැ. මේ තරම් ආද­රෙන් ඉඳ­ලත් ඇයි දැන් මේ නපු­රු­කම් කරන්නේ, ඇයි මේ තර­හ­කා­රයෝ වගේ ඉන්නේ කියලා ගොඩක් අය අහ­නවා. ඒකට හේතු­ව­කුත් තියෙ­නවා. ඉදි­රි­යේදී ඔයා­ලට දැන­ගන්න ලැබේවි. කොහොම වුණත් නාද්‍යා කියන්නේ දේව්ගේ ආද­රෙන් ගැල­වෙන්න බැරුව ඒ ආද­රය මත්තේම ඉන්න ගෑනු ළම­යෙක්. කොත­රම් යෝජනා ආවත් කිසි එක­කට කැමැති වෙන්නෙත් නැහැ. නාද්‍යා අම්මත් නැතුව තාත්තයි අයි­යයි ළඟ හැදෙන තරු­ණි­යක්. ඒ නිසා මට බැහැ කියලා දැනට යෝජ­නා­ව­ලින් බේරිලා ඉන්නවා. දේව් කිය­න්නෙත් එහෙම කෙනෙක්. ඔහුත් ගෙද­රින් මනා­ලි­යන් බලන්න එක්ක යන්නේ මරන්න ගෙනි­යන්න වගේ. ඉදි­රි­යේදී වෙන දේ දිහා බලා­ගෙන ඉන්නකෝ.


‘අසං­ධි­මිත’ මේ දින­වල බොහෝ දෙනාගේ කතා­බ­හට ලක්වන ටෙලි නිර්මා­ණ­යක්. එහි සතු­ටින්ම ඉන්න භූමි­කාව ලැබිල තියෙන්නේ ඔබට?


‘අසං­ධි­මිත’ ශාන් ජය­ර­ත්නගේ අධ්‍ය­ක්ෂ­ණ­යෙන් සති අන්තයේ විකා­ශය වන ටෙලි නිර්මා­ණ­යක්. ශලිනි තාර­කාගේ පළ­මු­වැනි ටෙලි තිර­පි­ට­පත. අද සමා­ජයේ සිදු­වන නමුත් වැඩි­පුර කතා­බ­හට ලක්නො­වන මාතෘ­කා­වක් ගැන කතා කරන නිර්මා­ණ­යක්. තරිනි කියන්නේ මාන­සික පීඩා­ව­කින් තොරව සාමාන්‍ය විදි­හට ඉන්න එකම චරි­තය. තරිනි කියන්නේ තමන්ගේ සැමියා, අම්මා, සහෝ­ද­රයා වගේ තමන්ගේ අය­ගෙන් වෙන කාට හෝ අසා­ධා­ර­ණ­යක් වුණත් ඒ වෙනු­වෙන් පෙනී සිටින, කතා­ක­රන, ඒ වෙනු­වෙන් තමන්ට කරන්න පුළු­වන් ඕනෙම දෙයක් කරන කෙනෙක්. මේ කතාව ඇතුළේ හැම චරි­ත­ය­ක­ටම වගේ ජර්නි තියෙ­නවා. මිනි­සුන් බලා­පො­රොත්තු වන හැපි ෆැමිලි ලයිෆ් එක ගත කරන එකම ගැහැනු චරි­තය කිව්වත් හරි. හැම ගැහැ­නි­යක්ම තමන්ගේ සැමි­යා­ගෙන් එහෙම නැත්නම් දරු­වන්ගේ තාත්තා­ගෙන් ලැබිය යුතු හෝ ලැබිය යුතුයි කියලා බලා­පො­රොත්තු වන ආද­ර­යක්, රැක­ව­ර­ණ­යක් තියෙ­නවා. ඒ දේ ලබන එකම චරි­තය. තරි­නිගේ සැමියා විදි­හට ඉන්න ගයාන් ගුණ­ව­ර්ධ­නත් හරිම ලස්ස­නට ඒ හැඟීම් දෙනවා. ඔවුන් දෙන්නා තුළ තියෙන සර­ල­කම, සැහැ­ල්ලුව තමයි ඒ දෙන්නාගේ බොන්ඩ් එක. ඒ වගේ සැමි­යෙක් ලබපු නිසා තමයි තරිනි ඒ විදි­හට සැහැ­ල්ලු­වෙන් ඉන්නේ. ඒ තැන්වල තමයි සතුට රැඳිල තියෙන්නේ.


අසං­ධි­මිත හරහා සමා­ජ­ගත කරන පණි­වු­ඩ­යත් ගොඩක් ප්‍රබ­ලයි නේද?


ගැහැ­නිය හිර කරන්න යෑම තුළ හෝ වැඩි­පුර හොයන්න යෑම තුළ හෝ සැකය නිසා හෝ වෙන මොන­යම් හේතු­වක් නිසා හෝ පිරි­මියා විසින්ම ගිලි­හ­ගත්ත දේවල් නිසා ඒ වගේ ප්‍රශ්න ඇති වෙලා තියෙ­නවා කිය­ලයි මට හිතෙන්නේ. තරි­නිගේ සර­ල­කම සහ අනෙක් අයගේ ප්‍රශ්න ටික බැලු­ව­හම ඕනෙම කෙනෙ­කුට ටයිම් එකයි ස්පේස් එකයි දෙන්නම ඕන කියන එක හොඳ­ටම තේරෙ­නවා. ඒ නිද­හස ඇතුළේ තමයි දෙන්නෙ­කුට අව­බෝ­ධ­යෙන් ජීවත් වෙන්න පුළු­වන් වෙන්නේ. ඕකට සමාජ මාධ්‍යයේ දාල තිබුණු ලස්ස­නම කිය­ම­නක් මම දැක්කා. ‘තමන්ට වෙන­වට අකැ­මැති දේවල් අනෙක් කෙනාට කරන්න එපා’ ඒක හරිම සර­ලයි. ඕනෑම කෙනෙ­කුට සාපේ­ක්ෂයි. තරි­නිට එහෙම නිද­හසේ ඉන්න ආද­ර­ණීය බිරි­යක් බවට පත්වෙන්න හැකි­යාව ලැබෙන්නේ ඒ වගේ සැමි­ය­කුගේ සෙවණේ ඉන්න නිසා. සිංහල ජන සමා­ජය තුළ ගැහැනු දරු­වන් හැදෙන්නේ පියා මූලික වුණු පවුල් පරි­ස­ර­යක. මෙතැ­න­දිත් පිරි­මි­යා­ගෙන් ලැබෙන ආද­රය, ආර­ක්ෂාව, ගරු­ත්වය මත ඒ දේ හරි ලස්ස­නට සිදු­වෙ­නවා.


ශකිලා කියන්නේ වෙනස් වීම දරා­ගන්න බැරි කෙනෙක්. ඒ ගැන මොකද හිතෙන්නේ?


අලුත් සර් සුපුන් රත්නා­ය­කගේ ටෙලි නිර්මා­ණ­යක්. ශකිලා කිය­න්නෙත් මට ලැබුණු වෙනස්ම චරි­ත­යක්. ශකිලා කියන්නේ මේ ලෝකෙ හැම­දේම වෙනස් වන බව විශ්වාස කරන්න අකැමැති ගැහැනු ළම­යෙක්. වෙනස් වීම කියන එක දරා­ගන්න බැරි කෙනෙක්. ඇයට ඕන මේ හැම­දේම වෙනස් නොවී පව­ත්වා­ගන්න. ඒකත් මට වෙනස්ම අත්දැ­කී­මක් වුණා.


මේ දින­වල අනු­රාධා කොටුව පිට­කො­ටු­වේ­දීත් හමු­වෙ­නවා?


ඔව්. කොටුව පිට­කො­ටුව ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනා­න්දුගේ ටෙලි නිර්මා­ණ­යක්. මේ දින­වල අහස නාළි­කාවේ විකා­ශය වෙනවා. එහි ධනුෂ්කා කිය­න්නෙත් වෙනස් විදි­හට හිතන ගෑනු ළම­යෙක්. ඇගේ අර­මුණ කොළඹ නග­රය පිරි­සුදු, ලස්සන නග­ර­යක් කරන එක. ඒ වෙනු­වෙන් ඇය වෙහෙ­සෙ­නවා. ෆයිට් කර­නවා. ගොසි­ප්ව­ලට ලක්වෙ­නවා. හිත් වේදනා විඳි­නවා. ඒ සියල්ල අත­රේත් ඇගේ එකම අර­මුණ බවට පත්වෙන්නේ කොළඹ නග­රය කෙසේ හෝ පිරි­සුදු, ලස්සන නග­ර­යක් බවට පත්කි­රීම. බිමල් අයියා එක්ක වැඩ ­ක­රන්න ලැබුණු අව­ස්ථා­වක්. ඔහු ඇතුළු ප්‍රවී­ණ­යන් එක්ක වැඩ කරන්න ලැබීම ලොකු වාස­නා­වක්. හරි­යට පාස­ල­කට ගියා වගේ අත්දැ­කීම් ලැබුවා.


අභි­යෝ­ගා­ත්මක චරි­ත­ව­ලට කොටු­වුණු ඔබට වැලි කඩ­දහි ටෙලි නිර්මා­ණයේ ලැබිල තියෙන්නේ හරිම සැහැල්ලු චරි­ත­යක්?


වැලි කඩ­දහි කියන්නේ මේ දින­වල ඉතාම ජන­ප්‍රිය මල්බි­ඟුන් ටෙලි නිර්මා­ණයේ අධ්‍යක්ෂ හසුන් සමී­රගේ. සති අන්තයේ විකා­ශය වන ටෙලි නිර්මා­ණ­යක්. තිර පිට­පත තරංගා දිසා­නා­ය­කගේ. ලැබුණු සැහැල්ලු චරි­ත­යක්. ඇය වේදිකා නිර්මා­ණ­ව­ලට සම්බන්ධ වෙලා වැඩ කරන හරිම සැහැ­ල්ලු­වෙන් හිතන පතන තරු­ණි­ය­කගේ චරි­ත­යක්.


වැලි කඩ­දහි ඔස්සේ සමා­ජ­ගත වෙන්නේ මොන වගේ අද­හ­සක්ද?


අපි අපේ යුතු­කම්, වග­කීම් ඉටු­ක­රද්දී අපේ ළඟම සම්බ­න්ධ­කම් මඟ­හැ­රෙන, අත­හැ­රෙන අවස්ථා තියෙ­නවා. එය මව සහ දරුවා අතර වෙන්න පුළු­වන්. පෙම්වතා සහ පෙම්ව­තිය, සැමියා සහ බිරිය අතර වෙන්නත් පුළු­වන්. අනෙක් කෙනා ගැන හිතන්නේ නැතිව අපි අතින් මඟ­හැ­රෙන දේවල් නිසා ජිවිත ඇතුළේ මොන තරම් විනා­ශ­යන් වෙන්න පුළු­වන්ද කියන එක තමයි වැලි කඩ­දහි ඔස්සේ කතා­බ­හට ලක්වෙන්නේ. කෙනෙ­කුට මේක බලලා මෙන්න මේ වගේ තැන් තමයි අපට මඟ­හැ­රෙන්නේ කියල තේරුම් ගන්න පුළු­වන් නම් ඉදි­රි­යේදී හරි ඔවුන්ගේ ජීවි­ත­වල ගොඩක් දේවල් වෙනස් කර­ගන්න පුළු­වන්. අපි ළඟම ඉන්න අයගේ අව­ශ්‍යතා නොස­ලකා හැරිම, ඔවුන් කියන දේට ඇහු­ම්කන් නොදීම වගේ දේවල් නිසා මෙන්න මේ වගේ දේවල් සිදු­විය හැකියි කියන දේ ඔස්සේ ගලා­ගෙන යන කතා­වක් විදි­හ­ටයි දැනෙන්නේ.


ඔබ මේ දින­වල නිර්මාණ කිහි­ප­ය­කින් හමු­වෙ­නවා. ප්‍රති­චාර ගැන කතා කර­නවා නම්?


හැම චරි­ත­ය­ක­ටම වගේ ගොඩක් හොඳ ප්‍රති­චාර ලැබෙ­නවා. සතියේ දින­වල විකා­ශය වන සහ සති අන්තයේ විකා­ශය වන නිර්මා­ණ­ව­ලට ලැබෙන ප්‍රති­චා­ර­වල සම­හර වෙලා­වට වෙන­සක් දකි­නවා. දැඩි කාර්ය­බ­හු­ල­ත්වය හමුවේ ඇතැම් ප්‍රේක්ෂ­ක­යන්ට සතියේ දින­වල ටෙලි නිර්මාණ බලන්න බැරි වෙනවා ඇති. ඒ නිසා ඔවුන් සති අන්තයේ ටෙලි නිර්මාණ තෝරා­ගෙන බල­නවා වෙන්නත් පුළු­වන්. ඒ නිසා ප්‍රේක්ෂ­කා­ගා­රයේ විවි­ධ­ත්ව­යක් තියෙ­නවා. හැම නිර්මා­ණ­ය­ක­ටම ප්‍රති­චාර දක්වන පිරි­ස­කුත් ඉන්නවා.


අනු­රා­ධාට බොහෝ­දු­රට ලැබිලා තියෙන්නෙ මවගේ චරි­තය. ඒක අභි­යෝ­ග­යක් නෙවේද?


මම වැඩි­පු­රම කරලා තියෙ­න්නෙත් ඒ වගේ චරිත. ඒ නිසා ඒ චරි­තය මට ගොඩක් ළඟයි කිය­ලත් හිතෙ­නවා. මම සාමා­න්‍ය­යෙන් පැෂන් කරන්න කැමැති, ට්‍රෙන්ඩ් ෆලෝ කරන කෙනෙක් නොවෙයි. ඒ නිසා වෙන්න ඇති මට එහෙම දැනෙන්නේ. ගිරි­දේවී ටෙලි නිර්මා­ණයේ ගැබිනි මවක්. රාවණා හි පුතෙ­කුගේ අම්මා කෙනෙක්, ගරුඬ මුහු­ර්ථයේ දරු­වන් තිදෙ­නෙ­කුගේ මවක්. සක­ර්මක ගත්තත් ළමයි දෙන්නයි. මට ගොඩක් ලැබුණේ ඒ වගේ චරිත. මේ කාලෙ තමයි මේ විදිහේ චරිත ලැබෙන්න පටන් ගත්තේ. ඇත්ත­ටම මට අභි­යෝ­ග­යක් වෙන්නේ ෆැෂ­න­බල් කැරැ­ක්ටර්ස් මිසක් මේ වගේ ඒව නෙවෙයි කිය­ලයි හිතෙන්නේ.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post