ප්රශ්නය: ආයුබෝවන්... අපේ ආරාධනාව පිළිගෙන මේ කතාබහට එක්වීම ගැන ස්තුතියි...
පිළිතුර: මගේ කලා ජීවිතයේ තොරතුරු ගැන කතා කරන්න කළ මේ ආරාධනයට මාත් ස්තුතිවන්ත වෙනවා.
ප්රශ්නය: පසුගිය කාලයේ ඔබ සිනමා නිර්මාණ කිහිපයක් නිසා තරමක් කාර්යබහුල වෙලා හිටියා නේද?
පිළිතුර: ඔව්. මම බාරගත්තු චිත්‍රපට කිහිපයකම රූගත කිරීම් අවසන් වෙමින් පවතින නිසා මේ දවස්වල වැඩ කටයුතු ටිකක් වැඩියි.
ප්රශ්නය: ඒ අතරතුර ඔබ ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වෙනවාද?
පිළිතුර: වේදිකා නාට්‍යවලට මම විශේෂ තැනක් දෙනවා. හැබැයි දැන් ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙනවා ටිකක් අඩුයි.
ප්රශ්නය: ඊට හේතුව ඔබට කාලය නොමැති වීමද?
පිළිතුර: එහෙමම කියන්න බැහැ. අපිට ඇත්තටම වුවමනාවක් තියෙනවා නම් කාලය කළමනාකරණය කරගන්න පුළුවන්. නමුත් දැන් යන ටෙලිනාට්‍ය රැල්ලේ යම් වෙනසක් තියෙනවා. ඒ වෙනස ගැන මට ලොකු පැහැදීමක් නැහැ.
ප්රශ්නය: ඔබ අදහස් කරන්නේ දැන් හොඳ ටෙලි නිර්මාණ බිහිවෙන්නේ නැහැ කියන එකද?
පිළිතුර: හොඳ නිර්මාණත් බිහිවෙනවා. දක්ෂ නවක ශිල්පීනුත් එනවා. ඒත් අද ගොඩක් ටෙලිනාට්‍යවලට දින නියමයක් හෝ කොටස් ගණනේ සීමාවක් නැහැ. ඒ වගේම හරියාකාර තිරපිටපතක් ලැබෙන්නෙත් නැහැ. ඒකයි ප්රශ්නය.
ප්රශ්නය: ඔබ වර්තමාන ටෙලිනාට්‍ය කලාව ගැන තදබල කලකිරීමකින් ඉන්නවා වගෙයි?
පිළිතුර: අසූව, අනූව දශකවල තිබුණු ටෙලි කලාව දිහා බලද්දි එහෙම කලකිරීමක් ඇතිවෙනවා. යශෝරාවය, පළිඟු මැණිකේ, දඬුබස්නාමානය වගේ නාට්‍ය හැදුණු කාලේ කොයිතරම් වටිනාකමක් තිබුණද. එදා අපිට මුලින්ම තිරපිටපත අතට ලැබෙනවා. කතාවේ ආරම්භය, අවසානය වගේම කොටස් ගණන හරියටම පැහැදිලිව තියෙනවා. ඒත් අද තියෙන්නේ වෙනමම කලාවක්. රඟපාන්න තියෙන දර්ශනයේ දෙබස් ටික අතට ලැබෙන්නේ රූගත කිරීම් පටන්ගන්න ඔන්න මෙන්න තියෙද්දියි.
ප්රශ්නය: ඔබ දකින විදියට මේ තත්ත්වයට වරදකරුවන් කවුද?
පිළිතුර: මට කාටවත් ඇඟිල්ල දික් කරන්න වුවමනාවක් නැහැ. හැබැයි හොඳ නිර්මාණ කිහිපයක් හැරුණාම අද ගොඩක් ටෙලිනාට්‍ය හැදෙන්නේ නාලිකාවලට ඕනෑ විදියටයි.
ප්රශ්නය: අපි ටෙලිනාට්‍යවලින් මිදිලා ඔබේ ආරම්භය ගැන කතා කරමු. ඔබ කලාවට එන්නේ වේදිකාවෙන්ද?
පිළිතුර: වේදිකාවට එන්න කලින් මම වීදි නාට්‍යවලට සම්බන්ධ වුණා. ජයලාල් රෝහණ මහත්මයාගේ වීදි නාට්‍ය කණ්ඩායමේ මුල්ම සාමාජිකයන්ගෙන් කෙනෙක් තමයි මම. මට මතක විදියට ඒ 1993 අවුරුද්දේ වගෙයි.
ප්රශ්නය: ඉන්පසුව ඔබ වේදිකාවට පය තබනවා නේද?
පිළිතුර: ඔව්, මම වේදිකාවට එන්නේ ප්‍රවීණ නිර්මාණ ශිල්පී ෂෙල්ටන් පයාගල මහතාගේ වැඩමුළුවලට සම්බන්ධ වීමෙන් පසුවයි. ඒ වැඩමුළුවලින් මම ලබාගත් දැනුම මිල කරන්න බැරි තරම් වටිනවා. රංගනය පමණක් නෙවෙයි, අධ්‍යක්ෂණය සහ තිරපිටපත් රචනය වගේ ගොඩක් දේවල් මම එතැනින් ඉගෙන ගත්තා.
ප්රශ්නය: ඔබ මුලින්ම වේදිකාවට එන්න හිතාගෙන හිටියේ පරිපාලන සහායකයෙක් විදියට කියන්නේ ඇත්තද?
පිළිතුර: ඔව්. ඒත් අහම්බයකින් මට රංගනයට පිවිසෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ ප්‍රවීණ වේදිකා නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධනගේ 'සිංහල වංශලා' කියන නාට්‍යය හරහායි.
ප්රශ්නය: පුංචි තිරයට ආරාධනා ලැබෙන්නේ ඊට පස්සෙද?
පිළිතුර: මට මුලින්ම ආරාධනා ලැබුණේ අජිත් ලොකුගේ සහ බර්ට්‍රම් නිහාල් වගේ ප්‍රවීණයන්ගෙන්. ඒ අතරතුර ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහත්මයාගෙනුත් කෙටි නාට්‍යයක් සඳහා මට ආරාධනාවක් ලැබුණා.
ප්රශ්නය: ඔබේ සිනමා ගමනේ ආරම්භය සිදුවෙන්නේ කොහොමද?
පිළිතුර: සිනමාවට එන්න මට මුලින්ම ආරාධනා කළේ ප්‍රවීණ සිනමා ශිල්පී ලින්ටන් සේමගේ. ඒ ඔහුගේ 'පාදඩයා' චිත්‍රපටය වෙනුවෙන්.
ප්රශ්නය: නොසිතූ විදියට ඔබ සිනමාවට දැඩිව ආදරය කරන්න පටන් ගන්නවා?
පිළිතුර: අනිවාර්යයෙන්ම. මම සිනමාවට කොයිතරම් ආදරය කළාද කියනවා නම්, රංගනයට අමතරව තිරපිටපත් රචනයටත් යොමු වුණා.
ප්රශ්නය: ඔබ ලියූ පළමු තිරපිටපත 'තණ්හා රතී රඟා' චිත්‍රපටයද?
පිළිතුර: ඔව්, මාත් එක්ක මගේ සමීපතම මිතුරා වෙන කුමාර තිරිමාදුරත් ඒ තිරපිටපත ලියන්න එකතු වුණා. 'තණ්හා රතී රඟා' ලියන්න අපිට හරියටම අවුරුදු හතරක කාලයක් ගතවුණා.
ප්රශ්නය: ඒක හිතාගන්නත් බැරි තරම් දිගු කාලයක්?
පිළිතුර: හොඳ නිර්මාණයකට අනිවාර්යයෙන්ම කාලය අවශ්‍යයි. කලබල වෙලා කවදාවත් හොඳ නිර්මාණයකට අවශ්‍ය පසුබිම හදන්න බැහැ.
ප්රශ්නය: 'ද නිවුස් පේපර්' චිත්‍රපටයේ තිරපිටපත ලියන්නත් ලොකු කාලයක් ගතවුණු බව ඔබ කලින් සඳහන් කරලා තිබුණා?
පිළිතුර: ඔව්. 'ද නිවුස් පේපර්' තිරපිටපත ලිව්වෙත් මමයි කුමාර තිරිමාදුරයි එකතු වෙලා. ඒ වෙනුවෙනුත් අපිට අවුරුදු හතරක් විතර ගතවුණා.
ප්රශ්නය: එය ජාත්‍යන්තර කීර්තියට පත්වුණු සම්මානනීය සිනමා නිර්මාණයක් බවට පත්වුණා?
පිළිතුර: ඒ ගැන ඇත්තටම නිහතමානීව ආඩම්බර වෙන්න පුළුවන්. 'ද නිවුස් පේපර්' චිත්‍රපටයට හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය වගේම හොඳම නළුවන්ට හිමි සම්මාන රැසක් හිමිවුණා.
ප්රශ්නය: හොඳ නිර්මාණයක් සඳහා තිරපිටපතක් ලියන්න අවුරුදු හතරක් පහක් වගේ දිගු කාලයක් අවශ්‍යමයි කියලා ඔබ හිතනවාද?
පිළිතුර: ඒක අවුරුදු හතරක්ද පහක්ද කියලා හරියටම ගණනය කරන්න බැහැ. නමුත් හොඳ නිර්මාණයක් වෙනුවෙන්, අර මම කලින් කිව්වා වගේ දඩිබිඩියේ ලියලා අතට දෙන තිරපිටපත් කලාව නම් කොහෙත්ම ගැළපෙන්නේ නැහැ.
ප්රශ්නය: හොඳ තිරපිටපත් පිළිබඳව ඔබ තුළ තියෙන පිපාසය තවමත් නිමාවෙලා නැහැ නේද?
පිළිතුර: කොහොමවත් නැහැ. මේ ගතවෙන කාලය අතරතුරත් මම හොඳ නිර්මාණයකට අවශ්‍ය තිරපිටපත් සඳහා අදහස් හොයනවා. ඇත්තටම මම වෙනස් විදියේ නිර්මාණයක් බිහිකිරීමේ ලොකු පිපාසයකින් ඉන්නේ.
ප්රශ්නය: ඔබේ අලුත්ම සිනමා නිර්මාණය ගැනත් ටිකක් කතා කරමු?
පිළිතුර: මම කෙටියෙන් කියන්නම්. ඒ චිත්‍රපටය ළඟදීම තිරගත වෙන්න නියමිතයි. ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙන එහි නම 'මනී'.
ප්රශ්නය: එයත් තවත් සම්මානනීය නිර්මාණයක් වේවිද?
පිළිතුර: අපි බලමු ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරය කොහොමද කියලා.
ප්රශ්නය: ඔබ රංගන ක්ෂේත්රයට ඇවිත් දැන් අවුරුදු ගණනාවක් ගතවෙලා තියෙනවා?
පිළිතුර: මම හිතන විදියට අවුරුදු තිස් හතරක් හෝ තිස් පහක් විතර වෙනවා. ඒ කාලය ඇතුළත රංගනය විතරක් නෙවෙයි, තිරපිටපත් රචනය සහ අධ්‍යක්ෂණය වගේ හැම දේකටම මම සම්බන්ධ වුණා.
ප්රශ්නය: තවත් කොයිතරම් කාලයක් කලා ක්ෂේත්රයේ රැඳෙන්නද බලාපොරොත්තුව?
පිළිතුර: මට පුළුවන් තාක් කල් මම මේ ක්ෂේත්රයේ ඉන්නවා. මම යමක් කරන්නේ මට ඒ දේ කරන්න පුළුවන් නම් විතරයි. මේ දේවල් දැන් අමාරුයි, දරාගන්න බැහැ කියලා හිතෙන දවසට මම විවේක ගන්නවා.
ප්රශ්නය: ඔබේ කලා ජීවිතය ඇතුළේ ළඟා කරගන්න හීන, බලාපොරොත්තු හෝ ඉලක්ක තියෙනවාද?
පිළිතුර: මම ඔස්කාර් සම්මානයක් දෝතට ගැනීමේ ලොකු හීනයක ඉන්නවා.
ප්රශ්නය: ඒක ඇත්තටම හරිම අපූරු හීනයක්?
පිළිතුර: හීන සැබෑවෙන සතුට විඳින්න නම් අපි හීන දකින්න ඕනේ. අනික අපිට දැන් ඔස්කාර් සම්මාන උලෙළ විවෘත වෙලා තියෙනවා. ඒක අපිට හොඳ නිර්මාණ බිහිකරන්න ලැබුණු අපූරු අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ.
ප්රශ්නය: හොඳයි, ඔබේ ඒ ඔස්කාර් සිහිනය සැබෑ වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
පිළිතුර: ඔව්, අපි බලමු. වයස අවුරුදු අනූවේදීත් ඔස්කාර් සම්මාන ගත්තු හොලිවුඩ් නළුවෝ ඉන්නවානේ.
ENGLISH SUMMARY:
Veteran Sri Lankan actor and filmmaker Sarath Kothalawala recently shared his insights on his decades-long career in cinema, stage, and teledramas. Beginning his journey in 1993 with veteran Jayalal Rohana's street dramas, Kothalawala refined his craft through Shelton Payagala's workshops before making his stage debut in Douglas Siriwardena's 'Sinhala Wanshala'. His television journey began with invitations from Ajith Lokuge, Bertram Nihal, and Jayalath Manoratne. Transitioning to Sri Lankan cinema through Linton Semage's 'Padadaya', he eventually partnered with fellow actor Kumara Thirimadura to write highly acclaimed film scripts. Writing their breakthrough movies 'Tanha Rathi Ranga' and the internationally recognized 'The Newspaper' took four years each, earning them prestigious awards for best film, director, and actors. Expressing disappointment with the poorly scripted modern teledrama trend compared to classics like 'Yashorawaya', 'Palingu Menike', and 'Dandubasnamanaya', Kothalawala remains focused on quality storytelling. Anticipating the release of his upcoming movie 'Money', he revealed his ultimate career goal: winning an Oscar award, noting that even 90-year-old Hollywood actors achieve such dreams.