වසර තුනකට පමණ පෙර ආරම්භ කළ ඇයගේ නර්තනාගාරය මේ වනවිට කලාකරුවන් මෙන්ම රියැලිටි තරගකරුවන් බොහෝ දෙනෙකුගේ පුහුණුවීම් මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. වසර දහයකට වැඩි කාලයක් නර්තන ප්‍රසංග සංවිධානය කළ සාරා, සිය දරුවාගේ වැඩකටයුතු හේතුවෙන් මෙන්ම නව පරපුරට අවස්ථාව ලබාදීමේ අරමුණින් මේ වනවිට එම කටයුතුවලින් කෙටි විරාමයක් ගෙන ඇත. තමන් නර්තන ශිල්පිනියක ලෙස කටයුතු කිරීමෙන් පසු තවත් අයට ඉගැන්වීම සඳහා කාලය වෙන් කිරීමට මෙම විරාමය ප්‍රයෝජනයට ගන්නා බව ඇය පවසන්නීය.
මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන ‘නීල සමනලී’ ටෙලිනාට්‍යය හරහා සිය ප්‍රථම රංගන අත්දැකීම ලබාගන්නා සාරා, එහි ගජනායක නම් වූ දරදඬු අමාත්‍යවරියගේ චරිතයට පණ පොවන්නීය. ප්‍රේක්ෂකයින්ගෙන් බැනුම් ඇසුවද, ඉන් ගම්‍ය වන්නේ තමන් එම චරිතය සාර්ථකව නිරූපණය කරන බව යැයි ඇය සිතයි. රංගනය පිළිබඳව නිසි හැදෑරීමකින් තොරව ඊට එක්වීම ප්‍රතික්ෂේප කර තිබූ ඇයට, ‘මදර් ලංකා’ චිත්‍රපටයේ සුළු චරිතයකට පණ පෙවීමෙන් පසු තමන්ට රංගනයේ යෙදිය හැකිය යන විශ්වාසය ගොඩනැඟී තිබේ. ඉදිරියේදී පොලිස්, එෆ්.බී.අයි (FBI) හෝ හමුදා නිලධාරිනියක වැනි දරදඬු චරිත නිරූපණය කිරීමට තමන් වඩාත් කැමැත්තක් දක්වන බව ද ඇය සඳහන් කරයි.
රංගනයට එක්වුවද ඇයගේ ප්‍රියතම කලාව වන්නේ කුඩා කල සිටම හැදෑරූ නර්තනයයි. නර්තනයේදී පමණක් තමන්ට නිදහසේ කටයුතු කළ හැකි බව පවසන සාරා, ඉදිරියේදී සිය රූපලාවන්‍ය ව්‍යාපාරය දියුණු කරමින් නව නිෂ්පාදන හඳුන්වාදීමට ද කටයුතු කරමින් සිටියි.
ඇයව නිරූපිකාවකට හෝ රංගන ශිල්පිනියකට වඩා විලාසිතාකාරියක ලෙස හඳුනාගැනීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ කුඩා කල සිටම ඇයගේ මව විසින් විවිධ මෝස්තරවලින් යුතු ඇඳුම් ඇයට නිර්මාණය කර දීමයි. කලක් කැමරාව පිටුපස නිර්මාණ කටයුතුවල නිරත වූ ඇය, සිය කොණ්ඩය කැපීමෙන් අනතුරුව කැමරාව ඉදිරියට පැමිණීමත් සමඟ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත් වූවාය.
පසුගියදා රංජන් රාමනායක මහතා සමඟ ඇය පෙනීසිටි වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක්විය. ඒ පිළිබඳව අදහස් දක්වමින් ඇය පවසන්නේ, ලංකාවේ ප්‍රමුඛතම රූපලාවන්‍ය සායනයක් වන ‘ලක්සලා’ හි සන්නාම තානාපතිනියක ලෙස තමන් කටයුතු කරන බවත්, එහිදී ජලයේ ඇවිදින යන්ත්‍රයක් (Water treadmill) අත්හදා බලන අවස්ථාවේදී අදාළ වීඩියෝව ලබාගත් බවත්ය. "රංජන් අයියත් එක්ක පාරක ඇවිදගෙන ගියත් ඒක වෛරල් වෙනවා" යැයි ඇය ඒ පිළිබඳව සිනහමුසුව පවසන්නීය.
කලා ක්ෂේත්රය තුළ ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ ශිල්පීන් අතර ඇතිවන ගැටලු පිළිබඳව අදහස් දක්වන සාරා, කලාකරුවන් කිසිවිටෙකත් තවත් කෙනෙකුගේ ගමනට බාධා නොකළ යුතු බවත්, අන් අයට ඉදිරියට යාම සඳහා සහයෝගය ලබාදිය යුතු බවත් අවධාරණය කරයි. තම දියණිය අනාගතයේදී කුමන වෘත්තියක නිරත වුවද ගුණ යහපත් මිනිසෙකු වීම සිය ප්‍රධානතම අපේක්ෂාව බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ENGLISH SUMMARY:
Sri Lankan dancer, actress, and fashion figure Sara Abeywardena has returned as a judge for the popular reality competition program 'Dancing Star'. Known for her extensive background in event choreography and running her own dancing studio, she is currently taking a brief hiatus from event organization to focus on teaching and her family life. Abeywardena recently made her acting debut in the Sirasa TV drama series 'Neela Samanali', where she portrays the strict character of Minister Gajanayake. Having gained confidence after playing a minor role in the film 'Mother Lanka', she expressed interest in portraying tough characters such as police or FBI officers in the future. Addressing a recent viral social media video featuring herself and veteran actor Ranjan Ramanayake, she clarified that the footage was taken while trying out a water treadmill during a promotional campaign for the 'Luksala' beauty clinic. Alongside her entertainment career, Abeywardena is expanding her beauty product business and actively advocates for senior artists to support the new generation in the local entertainment industry.