'අග්නිජය' චිත්‍රපටය පිළිබඳ අදහස් දක්වමින් ශේෂාද්‍රි පැවසුවේ, එය වෙනස්ම තේමාවක් රැගත් ආදර කතාවක් සහ ක්‍රියාදාම ඇතුළත් නිර්මාණයක් බවයි. මාංචන පීරිස්ගේ ආරාධනයෙන් ඇය එහි ඔහුගේ අක්කාගේ චරිතය නිරූපණය කරයි. 'චැලෙන්ජර්ස්' චිත්‍රපටයේ සිටම මාංචනව දැන සිටීම මෙම නිර්මාණයට සම්බන්ධ වීමට පහසුවක් වූ බව ඇය සඳහන් කළාය.
කොවිඩ් සමයේ සිනමා කර්මාන්තයේ පසුබෑම හේතුවෙන් තමන් කලක් රංගනයෙන් ඉවත්ව සිටි බවත්, යළිත් 2024 වසරේදී 'සිහිනයකි ආදරේ' චිත්‍රපටයෙන් රංගනයට පිවිසි බවත් ශේෂාද්‍රි පැවසුවාය. වර්තමානයේ සිනමාවේ ඇතිවී තිබෙන පිබිදීම ගැන සතුටු වන ඇය, මෙය තම රංගන ජීවිතයේ හොඳම කාලය විය හැකි බවද ප්‍රකාශ කළාය.
'අග්නිජය' චිත්‍රපටයේදී තම නැගණිය වන දිනක්ෂි සමඟ ද, ඉදිරියේදී තිරගත වීමට නියමිත 'රහයි ජීවිතේ' චිත්‍රපටයේදී ශනුද්‍රි සමඟ ද රඟපෑමට ලැබීම ඇයට සුවිශේෂී අත්දැකීමක් වී තිබේ.
නොවැම්බර් 12 වැනිදා තිරගත වන 'රහයි ජීවිතේ' චිත්‍රපටය, ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේගේ අවසන් චිත්‍රපටය වීම ද විශේෂත්වයකි. තම පියාගේ චිත්‍රපටයක රඟපෑමට ලැබීම පිළිබඳව සතුට පළ කරන ශේෂාද්‍රි, ඔහුගේ චිත්‍රපට පවුලේ සැමට නැරඹිය හැකි ඒවා බව සඳහන් කළාය.
තමන්ව සිනමාවට හඳුන්වා දුන්නේ උදයකාන්ත වර්ණසූරිය මහතා බවත්, ඔහුගේ 'චැලෙන්ජර්ස්' චිත්‍රපටයෙන් පසුව තම පියාගේ චිත්‍රපටයකට සම්බන්ධ වූ බවත් ඇය සිහිපත් කළාය. 'සෙනසුරු මාරුව', ජැක්සන් ඇන්තනීගේ 'ඇඩ්රස් නෑ' වැනි දැවැන්ත නිර්මාණවලට දායක වීමට ලැබීම පිළිබඳව ද ඇය සතුටින් අදහස් දැක්වූවාය.
ඉදිරියේදී 'හනිමූන් ටුමාරෝ' නම් හාස්‍යෝත්පාදක චිත්‍රපටයෙන් ද, ජයන්ත චන්ද්‍රසිරිගේ තිරපිටපතක් අනුව බුද්ධික ජයරත්න අධ්‍යක්ෂණය කරන 'කොළඹ 13' චිත්‍රපටයෙන් ද ප්‍රේක්ෂකයින් හමුවට පැමිණීමට ඇය සූදානමින් සිටියි.
ලැබෙන අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්නා බවත්, අනාගතයේදී රංගනයෙන් ඉවත්වීමට සිදුවන කාලයක් පැමිණියහොත් ඊට සූදානම් බවත් ශේෂාද්‍රි වැඩිදුරටත් අවධාරණය කළාය.
ENGLISH SUMMARY:
After a five-year hiatus, Sri Lankan actress Sheshadrie Priyasad returns to the cinema with back-to-back releases, including Manchana Peiris's action-romance "Agnijaya" and her father Dinesh Priyasad's "Rahai Jeewithe", scheduled for November 12. "Rahai Jeewithe" is particularly notable as the final film of the late veteran actor Tennyson Cooray. Having stepped away from acting during the COVID-19 pandemic, Sheshadrie marked her return in 2024 with "Sihinayaki Adare". Sheshadrie, who was introduced to the cinema by Udayakantha Warnasuriya through "Challengers", also acts alongside her sisters Dinakshie and Shanudrie in these new films. The actress also fondly recalled her work in Jackson Anthony's "Address Na". Looking ahead, Sheshadrie will appear in the upcoming comedy "Honeymoon Tomorrow" and Buddhika Jayaratne's "Colombo 13", written by Jayantha Chandrasiri. Grateful for her current opportunities, the actress acknowledges the evolving nature of the industry and remains open to passing the baton to new talent when the time comes.