තමන් සම්බන්ධයෙන් පැතිර යන මෙම කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව පවසන අභිලාෂි, මුල් කාලයේදී නිහඬව සිටීමට තීරණය කර ඇත්තේ සෑම දෙයකටම ප්‍රතිචාර දැක්වීම අනවශ්‍ය යැයි සිතූ බැවිනි. එහෙත් ඇයගේ නිහඬතාවය හේතුවෙන් බොහෝ පිරිසක් එම කටකතාව සත්‍යයක් යැයි විශ්වාස කිරීමට පටන් ගෙන ඇත. තමාට ආදරය කරන පිරිස් කළ ඉල්ලීම මෙන්ම, විශේෂයෙන්ම සිය ආදරණීය දෙමව්පියන්ට මෙම බොරු කතා නිසා දැනෙන වේදනාව හේතුවෙන් මෙලෙස අදහස් දැක්වීමට තීරණය කළ බව ඇය පවසා සිටියි.
තමන්ව ඉතා ආදරයෙන් හැදී දැඩූ දෙමව්පියන් වෙනුවෙන් අද කතා කරන බවත්, මෙවැනි අසත්‍ය ප්‍රචාර නිසා කිසිදු දියණියකට හෝ දෙමව්පියන්ට දුකක් ඇති නොවේවායි ප්‍රාර්ථනා කරන බවත් පවසන ඇය, රංගන ශිල්පිනියක් ලෙස වෘත්තීය සීමාවන් සහ ගෞරවය ආරක්ෂා කරගනිමින් කටයුතු කරන බවද සඳහන් කර තිබේ. මෙම අසත්‍ය ප්‍රචාරය සඳහා වසර ගණනාවකින් හමු නොවූ මෙන්ම පෞද්ගලිකව කිසිදු සබඳතාවක් නොමැති පුද්ගලයෙකු සම්බන්ධ කර තිබීම වඩාත් කනගාටුවට කරුණක් බවද ඇය පෙන්වා දෙයි. මීට අමතරව මේ දිනවල නැවතත් සංසරණය වන පැරණි ප්‍රවර්ධන වීඩියෝවක් සම්බන්ධයෙන්ද අභිලාෂි පැහැදිලි කිරීමක් කර ඇත. එම චිත්‍රපටය රූගත කරන සමයේ ඇයට වයස අවුරුදු දාහතක් වූ බවත්, එහිදී තමන් කටයුතු කළේ ප්‍රවර්ධන කණ්ඩායමේ උපදෙස් මත වෘත්තීය සීමාවන් තුළ පමණක් බවත් ඇය අවධාරණය කරයි.
සමාජ මාධ්‍ය යනු විනෝදාස්වාදය සහ අදහස් බෙදාගැනීමට ඇති තැනක් වුවද, නැරඹුම් වැඩි කරගැනීමේ අරමුණින් තමන් සම්බන්ධයෙන් මෙවැනි අසත්‍ය ප්‍රචාර තවදුරටත් සිදුකරන සමාජ මාධ්‍ය පිටුවලට එරෙහිව සුදුසු සහ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ඇය අනතුරු අඟවා සිටියි. යම් දෙයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට පෙර එහි සත්‍ය අසත්‍යතාව සොයාබලන ලෙසත්, සෙසු පුද්ගලයන් දෙස අවබෝධයෙන් සහ කරුණාවෙන් බලන ලෙසත් ඉල්ලා සිටින අභිලාෂි, මේ සියලු දේ අතරතුර තමන්ව විශ්වාස කරමින් ආදරය ලබාදුන් සියලුම රසික රසිකාවියන්ට හදවතින්ම ස්තූතිය පළ කර තිබේ.
ENGLISH SUMMARY:
Popular Sri Lankan actress Abhilashi Shanthushki broke her month-long silence to firmly deny a false rumor rapidly circulating on social media. Taking to Facebook, she clarified that she initially ignored the gossip but decided to speak out after her silence was misinterpreted by many as an admission of guilt. Abhilashi emphasized that her primary motivation for addressing the situation was to protect her beloved parents from the emotional distress caused by these unfounded claims. She expressed disappointment that the rumor falsely linked her to an individual she has not met in years and shares no personal connection with. Furthermore, Abhilashi addressed a resurfacing old promotional video, noting she was only 17 years old during that film's production and was strictly following the promotional team's professional instructions. Warning against sharing unverified content solely to gain views, the actress stated she would take strict action against social media pages continuing to spread fake news, while expressing heartfelt gratitude to her loyal fans for their unwavering trust and support.