මේ විශේෂ දිනය වෙනුවෙන් ඔහුගේ ආදරණීය බිරිඳ මෙන්ම කලාකාරිනියකද වන මාෂි සිරිවර්ධන සිය මුහුණුපොතට හැඟුම්බර මෙන්ම ආදරණීය සටහනක් එක් කර තිබුණා.
ඇය එහි සඳහන් කර තිබුණේ සිය පළමු පෙම්වතාගේ සිට සදාකාලික ජීවිත සහකරු බවට පත්වෙමින්, හැමදාමත් තමන් ළඟින්ම සිටින පුද්ගලයා පුබුදු බවයි. මීට වසර 12කට පෙර ඔහුව මුණගැසුණු අවස්ථාවේදී, මුළු ජීවිත කාලයම එකට ගත කරන සැමියා ඔහු වේවි යැයි තමන් කිසිදා නොසිතූ බවත් මාෂි පවසනවා.
ජීවිතයේ කුඩාම දේවල සිට විශාලතම අවස්ථාවන් දක්වාම තමන්ගේ ගමනේ කොටස්කරුවෙකු වූ පුබුදු සමඟින් එකට වර්ධනය වෙමින්, එකිනෙකාගෙන් බොහෝ දේ ඉගෙන ගනිමින් තම පුංචි ලෝකය ගොඩනඟා ගත් ආකාරය ඇය ඉතා ආදරයෙන් සිහිපත් කර තිබුණා.
සිය දෙමාපියන්ගෙන් පසුව තමන්ගේ හදවතේ ආදරයක් ඇතිවූ පළමු පුද්ගලයා ඔහු බවත්, තමන්ගේ ලෝකය බෙදාගන්නට තෝරාගත් පළමු පුද්ගලයා ඔහු බවත් ඇය සඳහන් කරනවා. මේ සුන්දර ජීවිත ගමනේ ඔවුන් දෙදෙනා වසර 8ක් එකට ගත කර තිබෙනවා.
ජීවිතයේ සෑම විශේෂ මොහොතක්ම තමන් සමඟ බෙදාගනිමින්, තමන්ගේ ගමනට නිරන්තරයෙන්ම ශක්තියක් වීම පිළිබඳව මාෂි පුබුදුට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. තමන් අත්කරගත් සෑම ජයග්රහණයකදීම සහ සාර්ථකත්වයකදීම ඔහු තමන් අසලින් සිටි බව ඇය වැඩිදුරටත් කියා සිටිනවා.
අද ඇය සිටින ශක්තිමත් තත්ත්වයට පත්වීමට ඔහු ලබාදුන් දායකත්වය අගය කරන මාෂි පවසන්නේ, ඔවුන් දෙදෙනාගෙන් ආරම්භ වූ ආදර කතාව අද වන විට පුංචි පවුලක් බවට පත්වීම එහි ලස්සනම පරිච්ඡේදය බවයි.
පුබුදු පියෙකු බවට පත්වනු දකින විට ඔහු කෙරෙහි ඇති ආදරය තවත් වැඩි වූ බව පවසන ඇය, ඔහු සිය පුංචි දියණියට දක්වන ආදරය සහ සෙනෙහස සැමදා මතක තබාගන්නා බව පවසනවා. සිය ජීවිත සහකරු, ශක්තිය, නිදහස, හොඳම මිතුරා මෙන්ම තම දියණියට ලෝකයේ හොඳම තාත්තා වීම ගැන ඇය පුබුදු චතුරංග වෙත සිය ආදරණීය උපන්දින සුබ පැතුම් එක් කර තිබුණා.
ENGLISH SUMMARY: Popular Sri Lankan actor Pubudu Chathuranga celebrated his birthday today, and his wife, artist Mashi Siriwardena, dedicated a heartfelt Facebook post to him on this special occasion. In her emotional message, Mashi reflected on their 12-year relationship and eight years of beautiful life together, calling him her first love, best friend, and eternal life partner. She expressed deep gratitude for his constant support in her achievements and dreams, noting how they built their world step by step. Mashi also shared how watching Pubudu become a wonderful father to their little daughter has only deepened her love for him. Thanking him for being her greatest strength and the best father in the world, she wished him a very happy birthday.