ශ්‍රී ලංකාව තුළ ද ප්රජක්තා කෝලිට සමාන ගමනක් පැමිණි අතිශය ජනප්‍රිය යූටියුබ් තරුවක් සිටිනවා. ඇය ලෝචනා ජයකොඩි හෙවත් කා අතරත් ජනප්‍රිය ‘ලෝචි’ ය. යූටියුබ් වේදිකාව හරහා විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් ලෝචි, මේ වන විට රිදී තිරයේ දක්ෂ නිළියක් ලෙස ද රංගන වරම් හිමිකරගෙන සිටින්නීය. මේ දිනවල ඇය රංගනයෙන් දායක වන ‘අග්නිජය’ චිත්‍රපටය ද අතිසාර්ථක අන්දමින් ප්‍රදර්ශනය වනවා. මෙවර ‘ධරණී’ සඟරාවේ කවරය හැඩගන්වන ලෝචනා ජයකොඩි සමඟ කළ ඒ සොඳුරු කතාබහයි මේ.
මේ අවුරුද්ද නම් ලෝචිට සෑහෙන්න සුබයි වගේ නේද?
(සිනාසෙමින්) ඇත්තටම ඔව්. මේ අවුරුද්දේ මැද භාගයේ මම රඟපෑ පළමු චිත්‍රපටය ඉතා සාර්ථක අන්දමින් ප්‍රදර්ශනය වුණා. ඒ සුරංග ද අල්විස් මහතාගේ අධ්‍යක්ෂණයක් වූ ‘ඒක තමයි මේක’ චිත්‍රපටයයි. ඒ වගේම මේ දිනවල මගේ දෙවැනි චිත්‍රපටයත් තිරගත වෙනවා. ඒ මාංචන තාරක පීරිස් විසින් අධ්‍යක්ෂණය කළ ‘අග්නිජය’ චිත්‍රපටයයි. එහෙම බැලුවම මේ අවුරුද්ද සුබයි කියලා කියන්න පුළුවන්.
‘ඒක තමයි මේක’ චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?
‘ඒක තමයි මේක’ කියන්නේ අපේ රටේ ජනප්‍රිය යූටියුබ්කරුවන් හත්දෙනෙක් රංගනයෙන් දායක වුණු ලස්සන පිටපතක් තිබුණු චිත්‍රපටයක්. මම එක්ක එහි ජනයි ප්‍රියයි, ලකයි සිකයි, රැට්ටා සහ සිරිල් අයියා රඟපෑවා. ඒ මගේ පළමු චිත්‍රපටය වුණත් ඒ සඳහා ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. ගොඩක් අය කිව්වේ, යූටියුබ් වීඩියෝවල දකින ලෝචිට වඩා වෙනස්ම ලෝචි කෙනෙක් චිත්‍රපටය තුළින් දැක්කා කියලයි. ඉතින් කුලුඳුල් චිත්‍රපට රංගනය තුළින් ඒ විදිහට ප්‍රතිචාර ලැබුණු එක ගැන මට තියෙන්නේ හරිම සතුටක්.
ඒ කියන්නේ මෙතෙක් කාලයක් යූටියුබර් කෙනෙක්, කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් සහ ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් විදිහට ඉතාමත් සාර්ථක වුණු ඔබ නිළියක් විදිහටත් සාර්ථකයි. එහෙමද?
ඒ චිත්‍රපටය බලපු අයගෙන් මට ලැබුණු ප්‍රතිචාර දිහා බලද්දි මම එහෙම හිතනවා.
මේ දිනවල ඔබව දකින්න ලැබෙන ‘අග්නිජය’ චිත්‍රපටය ගැනත් කියමු නේද?
‘අග්නිජය’ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ තාරුණ්‍යය මත් උවදුරෙන් බේරාගන්න, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ දිවි නොතකා සටන් වදින වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ කතාවක් අළලායි. මම හැරුණම මාංචන පීරීස්, ශනුද්‍රි ප්‍රියසාද්, ශේෂාද්‍රි ප්‍රියසාද්, බිමල් ජයකොඩි, කලණ ගුණසේකර, සංගීත් ප්‍රභූ, මංජුලා කුමාරි, දසුනි සෙනෙත්මා, සනත් ගුණතිලක, ක්ලීටස් මෙන්ඩිස්, මීනා කුමාරි, දුලීකා මාරපන, ප්‍රියන්ත සෙනෙවිරත්න, ජගත් චමිල, ශ්‍රියාණි අමරසේන සහ චරිත් අබේසිංහ ඇතුළු ප්‍රවීණ වගේම ජනප්‍රිය නළු නිළියන් රැසක්ම මීට රංගනයෙන් දායක වෙනවා.
ඒ චිත්‍රපටයේ ඔබ රංගනයෙන් දායක වෙන චරිතය ගැනත් කිව්වොත්?
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නේ මාංචන පීරිස්. ඔහු එහි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මම රඟපාන්නේ ඔහුගේ ළඟම විශ්වවිද්‍යාල මිතුරියකගේ චරිතයක්. විශේෂත්වය වෙන්නේ චිත්‍රපටයේ මගේ නමත් ලෝචි වීමයි.
ENGLISH SUMMARY:
Popular Sri Lankan YouTuber and content creator Lochana Jayakodi, widely known as Lochi, is making a successful transition to the silver screen, drawing comparisons to Indian YouTuber and Bollywood actress Prajakta Koli of "Mostly Sane" fame. Much like Koli's journey from comedy videos to starring in films like "Jugjugg Jeeyo" and "Neeyat" alongside Vidya Balan, Lochi has successfully ventured into mainstream cinema. In a recent interview featured on the cover of Dharani magazine, Lochi discussed her successful cinematic debut in director Suranga de Alwis's film "Eka Thamai Meka," which co-starred popular digital creators Janai Priyai, Lakai Sikai, Ratta, and Cyril Aiya. Currently, she is starring in director Manchana Tharaka Peiris's film "Agnijaya," a story centered around a medical student fighting drug traffickers. The film boasts a massive ensemble cast including Shanudrie Priyasad, Sheshadrie Priyasad, Bimal Jayakodi, Kalana Gunasekara, Sanath Gunathilake, Cletus Mendis, Sriyani Amarasena, Jagath Chamila, Duleeka Marapana, and Priyantha Seneviratne.