විද්‍යවේදී උපාධියට සමුදී රංගනය තෝරාගත් දිනිති වල්ගම

gossiplanka image 1
 

කලා ක්ෂේත්‍රයේ තම සුවිශේෂී රංගන ප්‍රතිභාවෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත්, තරුණ පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන දිනිති වල්ගමගේ මේ වන විට ගත කරනුයේ බෙහෙවින්ම කාර්යබහුල දිවි පෙවතකි. වෘත්තීමය රංගන ශිල්පිනියක ලෙස කලා කටයුතු සඳහා වන ඇරැයුම්වලින් නම් ඇයට අඩුවක් නැත.


දිනිති වල්ගම රංගනයෙන් දායක වූ සහ දැනට ප්‍රේක්ෂක අවධානය දිනාගෙන ඇති ප්‍රධාන ටෙලිනාට්‍ය හා නිර්මාණ කිහිපයක්ම වේ.


සුසුම් රස්තියාදුව, රේස්, ෂැඩෝ, නෝ පාකිං, හිරු ඇවිදින්, ජහුටා, පහේ ළමයි වැනි ටෙලිනාට්‍ය ගණනාවක් සඳහා රංගනයෙන් එකතු වුණු ඈ ‘ආශාවරී’ චිත්‍රපටයෙන් සිනමාවට එක් විය.


එසේම ඇය රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක ලෙස ද රංගනයට සේම දස්කම් දක්වන්නියකි.


ඇය තම අධ්‍යාපනික පසුබිම ද හොඳින් ම ගොඩනඟාගෙන ඇති අතර දිනිති ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරිනියකි. ව්‍යාපාර පරිපාලන පශ්චාද් උපාධියක් සහ මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ පශ්චාද් උපාධියක් ද ඇය ලබා ඇත.


මේ දිනවල ඔබ නිරතව සිටින කලා නිර්මාණ මොනවාද?


සුපුන් රත්නායකගේ ‘ඩොපමින් අවුලක්’, රනිල් කුලසිංහගේ ‘අවසන් ඡායාරූපය’, ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘ජහුටා’ සහ ‘පාට කුරුල්ලෝ, මීට අමතරව ශාන් ජයරත්නගේ ‘කාමරය’ ටෙලිනාට්‍යවල රූගත කිරීම් මේ දිනවල කෙරෙමින් පවතිනවා. ඒ වගේම තවත් චිත්‍රපට 4කට ආරාධනා ලැබිලා තියෙනවා.


සිනමාලෝලීන්, මිල්ටන් මල්ලවාරච්චිගේ දයාබර රසිකයන් සියලුම දෙනා සිනමාහල්වල පොරකන්නට පටන් අරන්. ඒ ‘එදා රෑ’ චිත්‍රපටය නරඹන්නට. එහි නවලෝක මුදලාලිගේ දුව ඔබ නේද?


අපි සෑහෙන්න ආදරය කරපු ගායකයෙක් ඔහු. යුග භේදයක්, වයස් භේදයක් නැතිවම අපි ඔහුට ආදරය කළා. ඔහුගේ නිර්මාණ රසවින්දා. අලුත්ම විදිහකට ඒ නිර්මාණ ආයෙත් ආයෙත් රස විඳින්න අවස්ථාව ලැබී තිබෙනවා. ‘එදා රෑ‘ සොඳුරු චිත්‍රපටයක්. එවැනි චිත්‍රපටයකට මට දායක වන්න ලැබීමම සතුටක්.


ජහුටා නාට්‍යයේ දී හොඳින් තිබෙන පවුලක් එහෙම පිටින්ම කඩා දමනවා නේද?


මම නෙවෙයි ඇත්තටම ඒ දේ කරන්නේ. ඔය චෝදනාව එල්ල වෙන්නේ වන්දනාට. මෙහිදී සද්ධා සූරිය බණ්ඩාර අයියා හැම චරිතයකටම සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා. වන්දනා කියන්නේ ප්‍රතිවීර චරිතයක්. පළමුවතාවට මම මේ වගේ ටෙලි නිර්මාණයක රඟපාන්නේ. සෑහෙන්න හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.


සමස්තයක් විදිහට ඔබට ලැබෙන චරිත පිළිබඳ සෑහීමකට පත් වෙනවද?


මම මට ලැබෙන හැම චරිතයක්ම භාර ගන්නේ නැහැ. තෝරා බේරා ගත් චරිත පමණක් කරන නිසා හැම චරිතයකින්ම සෑහීමකට පත්වෙන්න පුළුවන්.


ඔබ උසස් අධ්‍යාපනයක් ලැබූ රංගන ශිල්පිනියක්. එය කලා ලොව සඳහා ආදේශ කරගන්නවද?


අධ්‍යාපනය කියන්නේ කෙනකුට ආභරණයක්. ඉගෙන ගත්ත දෙයක් ජීවිතයේ කවදාම හරි වැදගත් වෙනවා. අධ්‍යාපනය තමයි කෙනෙකුගේ චරිතය අඹන්නේ. මට අද මෙහෙම ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ මම ලැබූ අධ්‍යාපනය සහ පන්නරය නිසයි. කලා ලෝකයට පමණක් නොවෙයි ජීවිතයේ ඕනෑම තැනකදී එය ගළපාගන්න පුළුවනි.


ගුවන් සේවිකාවක් ලෙස ගත කළ ජීවිතයේ සොඳුරු අත්දැකීම් ඇති. ඒ ජීවිතයට ඉක්මනින්ම සමුදුන්නේ ඇයි?


මට ඕන වුණේ රට රටවල් බලන්න යන්න. ඒ ජීවිතේ මං හොඳටම වින්දා. මා තුළ තිබුණු ලොකු ආසාවක් ඒ ඉෂ්ට කර ගත්තේ. බහුතරයක් ගැහැනු ළමයින්ගේ හීනය ඒක. මම ඒ හීනය සැබෑ කරගත්තා. අවුරුදු අටක් මම සේවය කළා. මට ඊට පස්සේ ඊට වඩා ලස්සන හීනයක් ලැබුණා. ඒ හීනය විඳින්න මට අවශ්‍ය වුණා. ඒ නිසා මම ගුවන් සේවිකාවක කියන වෘත්තියට සමුදුන්නා. දැන් ඉන් ඉවත් වෙලා වසර කිහිපයක් ගත වෙනවා. අපි ජීවිතයේ පියවරෙන් පියවර ඉදිරියට තබන්න ඕනේ. විවිධ අත්දැකීම් ලබන්න මම කැමතියි.


ඔබගේ පදිංචිය ඔස්ට්‍රේලියාවෙද? ලංකාවට පැමිණෙන්නේ කලා කටයුතු සඳහා පමණක්ද?


ජීවිතයේ යම් ස්ථාවරයක් කරා පැමිණිය යුතුයි යන කාරණයේ සංගීත් සහ මම හැමදාම හිටියා. Back up plan එකක් විදිහට තමයි අපි දෙන්නා ඒ දේ කළේ. තවත් රටකට අපට ඕන වෙලාවක යන්න එන්න, ඒ රටේ පදිංචි වෙන්න පුළුවන් මාර්ගය සාදා ගත්තා. අපි කවදාවත් ලංකාව අත්හැර යන්නේ නැහැ. මේ තමයි අපි ආදරය කරන රට. අපේ හැමදේම තියෙන්නේ මෙහේ. හැබැයි කවදම හරි දවසක අපේ දරුවෙකුට වුණත් හිතුණොත් විදෙස් රටක පදිංචි වෙන්න ඕන කියල ඒ සඳහා අවස්ථාව තියෙනවා.


ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක්ද? නැත්නම් විනෝදාංශයක් ලෙස රංගනයේ නියැළෙන තැනැත්තියක්ද?


මම මුලින්ම රංගනයේ යෙදුෙණ් විනෝදාංශයක් විදිහට. හැබැයි දැන් මම වෘත්තීමය රංගන ශිල්පිනියක්. එකිනෙකට වෙනස් චරිත රඟන්න මම හරි ආසයි. ප්‍රේක්ෂකයෝ අලුත් අලුත් විදිහට මාව දකිනවාට කැමතියි.


ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විදිහට දකින්නේ කුමක්ද?


මම හිතන්නේ, විවාහය තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය.


සැමියා සහ ඔබේ පවුලේ විස්තර පිළිබඳව විස්තර කියනවා නම්?


අපි හරීම සතුටින් කාලය ගත කරනවා මේ දවස්වල නම් දෙන්නම සෑහෙන්න කාර්යබහුලයි. සංගීත් මගේ ජීවිතයට ආ එක ගැන මම අප්‍රමාණ ලෙස සතුටු වෙනවා. ලංකාවේ කොහේ ෂූටින් තිබුණත් දෙන්නම එකට එක් වෙලා ගෙදරදී කාලය ගත කරන්න වෙලාවක් හදා ගන්නවා. මම මුල් තැන දෙන්නෙ මගේ පවුලට. පවුල් ඒකකය කියන දේ හරි පරිස්සමට පවත්වාගෙන යනවා. හැමදාමත් සතුටින් ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. .

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post