සිත්මි, මේ දිනවල ඔබේ කලා කටයුතු කෙසේද?
මම රංගනයෙන් දායක වන ‘සිහිනෙක තනිවෙලා’ ටෙලිනාට්‍යය මේ දිනවල විකාශය වෙමින් පවතිනවා. ඊට අමතරව ප්‍රවර්ධන කටයුතු කිහිපයක් සමඟත් තරමක් කාර්යබහුල වී සිටිනවා.
ඔබේ අක්කා රංගන ක්ෂේත්රයට පිවිසි නිසාද ඔබත් රංගනයට යොමු වුණේ?
ඔව්. ඊට පෙර මම 2023 වසරේ ‘හිරු අවුරුදු කුමරිය’ තරගයේ තෙවැනි ස්ථානය දිනාගත්තා. ඉන්පසුව අක්කා ටික කාලයක් වෙළෙඳ දැන්වීම් නිරූපණ කටයුතුවල නිරත වුණා. මමත් වෙළෙඳ දැන්වීම් කිහිපයකට සම්බන්ධ වුණා. අනතුරුව අක්කා ‘පාට කුරුල්ලෝ’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වූ පසු ඇයට ලැබෙන ප්‍රේක්ෂක ආදරය දැකීමෙන් තමයි මටත් රංගනය පිළිබඳව ආසාවක් ඇති වුණේ.
‘සිහිනෙක තනිවෙලා’ ටෙලිනාට්‍යයේ පසිනිගේ චරිතය ගැන ඔබට මොකද හිතෙන්නේ?
පසිනි කියන්නේ ප්රේක්ෂකයන්ගෙන් බොහෝ බැනුම් අහන්න සිදුවන ඉතා අභියෝගාත්මක චරිතයක්. එලෙස බැනුම් අහන්න සිදුවන නිසා බොහෝ දෙනෙක් එවැනි චරිතයක් භාරගැනීමට කැමැති වෙයි කියා මම හිතන්නේ නැහැ. නමුත් රූගත කිරීම් සිදුවන දර්ශන තලයට ගිය පසු පසිනිගේ චරිතය අපි ඉතා විනෝදයෙන් රඟපානවා.
පසිනි යනු අන් අය ගැන වැඩි තැකීමක් නොකරන ආත්මාර්ථකාමී චරිතයක්. එම චරිතයට අනුගත වීම ඔබට පහසු වුණාද?
නැහැ, ඇත්ත ජීවිතයේදී මම මට ලැබෙන චරිතවලට වඩා බොහෝ වෙනස්. මම එවැනි කෙනෙක් නොවෙයි. පවුලේ දෙවැනි දියණිය නිසා පොඩි දඟකාරකමක් පමණක් මා තුළ තිබෙනවා. එසේ නොමැතිව මම ආදරය කරන කෙනෙක්ව බලහත්කාරයෙන් ලබාගන්නා ආකාරයේ කෙනෙක් නොවෙයි. ඒ නිසා එම චරිතය නිරූපණය කිරීම මට විශාල අභියෝගයක් වුණා.
අක්කා සහ ඔබ මෙන්ම ඔබේ චූටි නංගීත් ඉදිරියේදී රංගන ක්ෂේත්රයට පිවිසෙයිද?
ඔව්, ඇය ඒ සඳහා බොහෝ කැමැත්තෙන් සිටිනවා. අක්කලා දෙදෙනාම මේ ක්ෂේත්රයේ සිටින නිසා ඇගේ ආසාව තවත් වැඩි වී තිබෙනවා. ඇය මේ වන විටත් අපේ අක්කා රංගනයෙන් දායක වන චිත්‍රපටයක රඟපා අවසන්. එහිදී ඇය නිරූපණය කරන්නේ අක්කාගේ කුඩා කාලයේ චරිතයයි. ඊට අමතරව ඇය ‘හිරිපොද වැස්ස’ ටෙලිනාට්‍යයටත් සම්බන්ධ වුණා. ලොකු වුණාම ඇයත් රංගන ක්ෂේත්රයට එන්න බොහෝ ආසාවෙන් ඉඳීවි කියා මම හිතනවා.
සිත්මි මේ වන විට ආදරවන්තියක් බව බොහෝ දෙනෙක් දන්නවා. ඔබ ආදරය දකින්නේ කෙසේද?
ඉතා නිදහසේ තමන්ට තමන් ලෙසම ජීවත් වීමට ඉඩ ලැබෙන, මනසට වධයක් නොවන බැඳීමක් ලෙසයි මම ආදරය දකින්නේ.
ළඟදීම විවාහ වීමේ බලාපොරොත්තුවක් තිබෙනවාද?
තවම ඒ ගැන විශේෂ අදහසක් නැහැ. නමුත් ඉදිරියේදී ඒ ගැන බලමු.
ටෙලිනාට්‍යවලට අමතරව සිනමා නිර්මාණවලට දායක වීමට බලාපොරොත්තුවක් තිබෙනවාද?
බොහෝ ආසාවෙන් සිටිනවා. අපේ ක්ෂේත්රයේ සිටින හැමෝම චිත්‍රපටයක රඟපෑමට කැමැතියි. මටත් ආරාධනා ලැබෙනවා. හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම භාරගන්නවා.
රංගනයට අමතරව ඔබ කැමැත්තක් දක්වන වෙනත් ක්ෂේත්‍ර මොනවාද?
රංගනයට අමතරව මම ගුරු වෘත්තියට කැමැතියි. මම කලින් පෙර පාසල් ගුරුවරියක් ලෙස සේවය කළා. මම අධ්‍යාපනය හැදෑරුවේත් ඒ අංශයෙන්. දැන් මම ව්‍යාපාරික අංශයෙන් තරමක් දියුණු වීමට කැමැතියි. මට මගේම සන්නාමයක් තිබෙනවා. එය දියුණු කරගනිමින් ව්‍යාපාර ක්ෂේත්රයෙන් ඉදිරියට යෑමට විශාල බලාපොරොත්තුවක් තිබෙනවා.
ජනප්‍රියත්වයත් සමඟ ඔබේ ජීවිතයේ සිදු වූ වෙනස්කම් මොනවාද?
ඇත්තටම මම එතරම් සමාජශීලී කෙනෙක් නොවෙයි. මම කුඩා කාලයේ අවුරුදු කුමරිය තරගවලට ගියේත් කැමැත්තෙන් නොවෙයි. නමුත් ඒවායින් මම පළමු ස්ථානය දිනාගෙන තිබෙනවා. චොකලට් පෙට්ටියක් සහ මුරුක්කු අරන් දෙන බව කියමින් අම්මලා බලෙන් වගේ තමයි මාව ඒවාට ඉදිරිපත් කළේ. ලොකු වුණාට පසුවත් මාව ‘හිරු අවුරුදු කුමරිය’ තරගයට ඉදිරිපත් කළේ අපේ තාත්තායි. ඔහු මට හොරෙන් තමයි අයදුම්පත යොමු කර තිබුණේ. පවුලේ අයගේ සහ මගේ ආදරවන්තයාගේ බලකිරීම මත තමයි මම එයට සහභාගී වුණේ. එලෙස මම අකමැත්තෙන් සිටි දෙයකට කැමැත්ත ලබා දී, ලැබුණු ප්‍රේක්ෂක ආදරයත් සමඟ ඒ කෙරෙහි ආසාවක් ඇති වුණා. නපුරු චරිත කළත් එය ඉතා සුන්දර අත්දැකීමක්. එය මගේ ජීවිතයේ සිදු වූ පොඩි වෙනස්වීමක්.
අක්කා, නංගී සහ සිත්මි යන තිදෙනාගෙන් ඉක්මනින්ම කේන්ති යන්නේ කාටද?
ගෙදර ඇතුළේ මට ඉතා සමීප අය සමඟ තමයි මට කේන්ති යන්නේ. ඔවුන් මාව පොඩ්ඩක් අවුස්සනවා. ගෙදරදී හැමෝගෙම විහිළුවට ලක්වන කෙනා මමයි. නමුත් මට ඔවුන්ට බනින්නවත් ගහන්නවත් බැහැ. ඒ එන කේන්තියට මට ඉක්මනින්ම ඇඬෙනවා.
අක්කා රඟපාන ටෙලිනාට්‍යයක ඇය සමඟ රඟපෑමට කැමැත්තක් තිබෙනවාද? එවැනි අවස්ථාවක් තවම ලැබී නැද්ද?
අපි දෙදෙනාට තවම එකම ටෙලිනාට්‍යයක එකට රඟපෑමට අවස්ථාවක් ලැබී නැහැ. කවදා හෝ එවැනි අවස්ථාවක් ලැබෙනවා නම් මම බොහෝ කැමැතියි. අපිට ඉදිරියට යෑමට තව දිගු ගමනක් තිබෙනවා. තවම පටන් ගත්තා පමණයි. ඒ නිසා කවදා හෝ එවැනි අවස්ථාවක් ලැබේවි කියා මම විශ්වාස කරනවා.
අලුත් නිර්මාණ සඳහා ආරාධනා ලැබී තිබෙනවාද?
ඔව්, ආරාධනා ලැබී තිබෙනවා. ඒ පිළිබඳව මේ දිනවල සාකච්ඡා කරමින් සිටිනවා. නමුත් මට බොහෝ දුරට ලැබෙන්නේ නපුරු චරිතමයි. එකම රාමුවකට කොටු වීමට සිදුවන නිසා මම එවැනි ආරාධනා තුනක් පමණ ප්‍රතික්ෂේප කළා. ගෙදර අය සමඟ කතා කළ විට ඔවුන් නම් ඒවා භාරගන්නා ලෙස පවසනවා. නමුත් මම මටම ආවේණික වූ වැඩපිළිවෙළක් සකසාගෙන තිබෙනවා. ඉදිරියේදී තරමක් වෙනස් චරිතයක් නිරූපණය කර, ඉන්පසුව නැවතත් නපුරු චරිතයක් කිරීමට කැමැත්තෙන් සිටිනවා.
ඔබේ අක්කා, නංගී සහ ඔබ යන තිදෙනාටම එකට රඟපෑමට අවස්ථාවක් ලැබුණොත් කුමක් සිතේවිද?
මගේ නංගීත් සිටින නිසා එය මම ඉතා ආසාවෙන් කරන කටයුත්තක් වේවි. එය අපිට දෙවියන්ගෙන් ලැබෙන තෑග්ගක් වේවි කියා මම හිතනවා.
(නෙත්මි මල්ෂා - හාට්)
ENGLISH SUMMARY: Sri Lankan teledrama actress Sithmi Sanjula Edirisinghe recently spoke in an interview with Heart newspaper about her growing acting career, family life, and future plans. Entering the entertainment industry after winning third place in the 2023 Hiru Avurudu Kumariya pageant, Sithmi gained recognition through teledramas including Sihineka Thaniwela, Master Sir, and Hiripoda Wassa. She revealed that seeing the audience appreciation her elder sister received for the teledrama Pata Kurullo inspired her to pursue acting, while noting that her younger sister has also acted in Hiripoda Wassa and recently portrayed the younger version of their elder sister in a film. Discussing her current role as Pasini in Sihineka Thaniwela, Sithmi explained that playing a selfish, heavily criticized character is a major challenge as it contrasts sharply with her real-life personality. To avoid being typecast in villainous roles, she has recently turned down around three similar offers while looking for more diverse characters and potential film projects. A former preschool teacher, Sithmi also shared her ambitions to grow her own business brand, described her view of love as a free and supportive bond, and expressed hope of one day acting alongside both of her sisters.