මංගල උත්සවයට ශාලාත් වෙන්කර තිබියදී හොඳම යෙහෙළිය පෙම්වතා උදුරාගත්තා - රශිප්‍රභා සංදීපනී

gossiplanka image 1
 රංගන ශිල්පිනී රශිප්‍රභා සංදීපනී පසුගියදා සිය ප්‍රේම සම්බන්ධතාවයේ බිඳ වැටීම පිළිබඳව සංවේදී අත්දැකීමක් හෙළි කළාය. ඇය සඳහන් කළේ මංගල උත්සවය සඳහා ශාලා පවා වෙන්කර සියල්ල සූදානම් කර තිබියදී, තම පෙම්වතා ඇයගේම හොඳම යෙහෙළිය සමඟ රහසිගත සම්බන්ධතාවක් ආරම්භ කර ඇති බවයි.


දෙපාර්ශ්වයේම දෙමාපියන් සහ ඥාතීන් පවා දැනුවත්ව සිටි මෙම ප්‍රේම සම්බන්ධතාවයට වසර තුනක පමණ කාලයක් ගතවී තිබුණි. එය ඇයගේ පළමු ප්‍රේම සම්බන්ධතාවය ද විය. කෙසේ වෙතත්, ඇය කිසිසේත් බලාපොරොත්තු නොවූ ආකාරයට අවසන් මොහොතේදී එම ආදර කතාව බිඳ වැටී ඇත.


රශිප්‍රභා පවසන පරිදි ඇයට වඩාත්ම වේදනාවක් ගෙන දී ඇත්තේ වසර දහහතරක් පුරා ළඟින්ම ආශ්‍රය කළ ඇයගේ හොඳම යෙහෙළිය විසින් තම පෙම්වතාව උදුරා ගැනීමයි. තම ප්‍රේම සම්බන්ධය බිඳ වැටෙන අවස්ථාවේදීවත් ඇය මේ පිළිබඳව කිසිවක් දැන සිට නැත. තම ආදරය අහිමි වීමේ දුක පවා ඇය මුලින්ම බෙදාගෙන ඇත්තේ එම යෙහෙළිය සමඟිනි.


එහෙත් මාසයක පමණ කාලයක් ගතවෙද්දී කිසිදු හේතුවක් නොදන්වා යෙහෙළිය විසින් සියලු සමාජ මාධ්‍ය ජාලාවලින් රශිප්‍රභාව අවහිර (Block) කර තිබේ. පෙම්වතාගේ අහිමි වීමට වඩා තමා දැඩි සේ විශ්වාස කළ හොඳම මිතුරියගේ කුරිරු ද්‍රෝහීවීම තමන්ට මහත් වේදනාවක් ගෙන දුන් බව ඇය පවසන්නීය. ආදරයක් අහිමි වීමේ දුක ද නැතිනම් තමන් කළ විශ්වාසය කඩකිරීම නිසා ඇතිවන වේදනාව ද යන්න හිතාගැනීමට පවා අපහසු වූ බවත්, මෙවන් අත්දැකීමක් කිසිවෙකුටත් ජීවිතයේ නොලැබිය යුතු බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.


ENGLISH SUMMARY:

Sri Lankan actress Rashiprabha Sandeepani recently opened up about the heartbreaking end of her three-year relationship. Although the couple had already booked wedding halls and made preparations with the blessings of their parents and relatives, the relationship abruptly ended. In a shocking revelation, Sandeepani stated that her fiancé had secretly started an affair with her closest friend of 14 years. Unaware of the betrayal at the time, the actress even shared the grief of her sudden breakup with the very same friend. Approximately a month later, the friend blocked her across all social media platforms without any explanation. Sandeepani expressed that the betrayal of a deeply trusted childhood friend was incredibly painful. She shared her emotional struggle in dealing with both a broken engagement and the ultimate betrayal by someone she considered a true confidante, emphasizing that no one should have to endure such a devastating dual experience.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5

Previous Post Next Post