අපි ඔයාලට මීට කාලයකට ඉහතදී ‘රිවර්ස්ටන්’ යන්නේ නැතිව රිවර්ස්ටන් විඳින්න නම් ඔයාලගේ නගරයේ ගමේ තියෙන ළඟම හෝල් එකට ගොඩවෙන්න කියලා කිව්වා මතකද? ඇත්තටම දැන් ආපහු ඔන්න ඒ කතාව කරළියට ඇවිත් තියෙනවා’ ඒ වෙන හේතුවක් හින්දා නම් නෙමෙයි’ ලලිත් රත්නායක නිර්මාණය කරපු” ප්‍රභාත් රෝෂන් වගේම නිමන්ති පෝරගේ නිෂ්පාදනය කළ ‘රිවර්ස්ටර්’ ඔස්කාර් සම්මාන උළෙල සඳහා පසුගියදා නිල වශයෙන් තේරී පත්වීමත් සමගය’ ඉතිං මෙවර මීවිතෙන් අපි රිවර්ස්ටන් හි ප්‍රධාන කතානායකයා වන එහි අධ්‍යක්ෂ ලලිත් රත්නායක සමග මෙම නිර්දේශවීමත් සමග පුංචි සංවාදයක නිරතවුණා’
රිවර්ස්ටන් චිත්‍රපටය ඔස්කාර් සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් නිල වශයෙන් නිර්දේශවීම පිළිබඳව මොකද හිතන්නේ?
පෞද්ගලිකව මා ලැබූ ජයග්‍රහණයකට වඩා මෙරට සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔස්කාර් සම්මාන උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාවට නිල වශයෙන් දොරගුළු විවරවීම පිළිබඳව මට තියෙන්නේ සතුටක්’ මෙතෙක් කලක් ලංකාවෙන් නිල වශයෙන් ඔස්කාර් නිර්දේශවලට අනුකූලව චිත්‍රපටයක් ඉදිරිපත් කෙරී තිබුණේ නැහැ’
ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළෙලේ හොඳම අන්තර්ජාතික චිත්‍රපටය (Best International Feature Film) කාණ්ඩය සඳහා තරග වැදීමට මෙරට සිනමා ඉතිහාසයේ මුල්වරට නිල තේරීම් කමිටුවක් මගින් තෝරාගත් චිත්‍රපටය බවට පත්වුණේ ‘රිවර්ස්ටන්’’ මේ සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා ජාතික ඔස්කාර් තේරීම් කමිටුව (NOSCSL),” ඇමරිකා එක්සත් ජනපදයේ චිත්‍රපටකලා හා විද්‍යා ඇකඩමියේ (Academy of Motion Picture Arts and Science) විශේෂ අනුමැතිය සහ පිළිගැනීම සහිතව පත්කළ ප්‍රමුඛ පෙළේ සිනමාකරුවන්ගෙන් සහ විද්වතුන්ගෙන් සමන්විතයි’ ඒ නිසා මෙය සමස්ත ලාංකේය සිනමාවටම ලැබුණු ඓතිහාසික ජයග්‍රහණයක්’
චිත්‍රපටය නිර්මාණය කරද්දී මෙය මේ තරම් දුරක් යාවි කියලා විශ්වාසයක් හෝ බලාපොරොත්තුවක් තිබුණද?
සම්මාන ලබාගැනීමේ අරමුණින්ම මම කවදාවත් චිත්‍රපට නිර්මාණය කරන්නේ නැහැ’ සමහර විට නිර්මාණය මේ තරම් දුරක් යන්න ඒකත් එක හේතුවක් වෙන්න ඇති’ මට දැනුණු ගැඹුරු හැඟීම” මටම ආවේණික වූ යථාර්ථවාදී සිනමා ශෛලියෙන් මම ප්‍රේක්ෂකයා හමුවට ගෙන ආවා’ නැතුව ජාත්‍යන්තර සම්මාන උළෙලවලදී සම්මාන දිනාගත හැකි ජනප්‍රිය හෝ කෘත්‍රිම ආකෘති මම බලෙන්ම එකතු කරන්න උත්සාහ කළේ නැහැ’ විදේශීය චිත්‍රපට උළෙලවල විනිශ්චයකාර මණ්ඩල සහ ප්‍රේක්ෂකයන් විසින් මේ නිර්මාණය තුළ තිබූ නැවුම්බව” අව්‍යාජත්වය සහ සිනමාත්මක ගුණාංගය නිවැරදිව හඳුනාගැනීම මේ ජයග්‍රහණවලට හේතුව කියලා මම විශ්වාස කරනවා’
ඔස්කාර් සම්මාන උළෙල පිළිබඳව යම් විශේෂ බලාපොරොත්තුවක් තබාගෙන සිටිනවාද?
මම විශේෂ බලාපොරොත්තුවල එල්ලා වැටෙන කෙනෙක් නෙවෙයි’ ඔස්කාර් කියන්නේ ලෝකය පුරා තියෙන චිත්‍රපට කර්මාන්තයන්හි නිරත සියලුම රටවල් කරට කර තරග වදින ඉතා දැවැන්ත හා සංකීර්ණ තරග බිමක්’ ඕනෑම දෙයක් පිළිබඳව අධික ලෙස බලාපොරොත්තු සහ ආශාවන් ඇතිකර ගෙන ඒවා කරපින්න ගත්තොත් අවසානයේදී සිදුවන්නේ හිත රිදවා ගැනීමයි’ ඒ නිසා ‘තණ්හාය ජායති ශෝකෝ’ සිහිපත් කරමින් මම මධ්‍යස්ථව ඉන්නව’ දැනට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මගේ චිත්‍රපටය තේරී පත්වීමෙන්ම මට ලැබී ඇති සතුට හා තෘප්තිය මට ප්‍රමාණවත්’
99 වන ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළෙල සඳහා ‘රිවර්ස්ටන්’ තෝරාගැනීමට විශේෂ හේතුව කුමක්ද?
එයට හොඳම පිළිතුර තියෙන්නේ ශ්‍රී ලංකා ජාතික ඔස්කාර් තේරීම් කමිටුව නිකුත් කළ නිල නිවේදනයේයි’ අශෝක හඳගම” එම්’ ඩී’ මහින්දපාල” රවීන්ද්‍ර ගුරුගේ” අනෝමා රාජකරුණා” අරුණ ගුණරත්න” විසාකේස චන්ද්‍රසේකරම්” ලක්ෂ්මන් ජෝසප් සේරම්” උදිත ලක්මාල් කහදවාරච්චි සහ සුදත් මහදිවුල්වැව යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ඒකමතික තේරීම් කමිටුව ඔවුන්ගේ නිල ප්‍රකාශයේ මෙසේ සඳහන් කර තිබුණා’
‘99 වන ඇකඩමි සම්මාන උළෙලේ ජාත්‍යන්තර වෘත්තාන්ත සිනමා කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම නිල නියෝජනය සනිටුහන් කරනු ලබන ‘රිවර්ස්ටන්’ චිත්‍රපටයෙන් ඉදිරිපත් කෙරෙන්නේ රාජ්‍යය සහ අපරාධකරුවාගේ භූමිකාවන් අතර සීමා මායිම් බොඳවී ගිය” සෝදා පාළුවට ලක්වූ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය වසාගත් බිහිසුණු යථාර්ථයයි’ දණ්ඩන ව්‍යුහ රාමුව තුළ රැඳවියා සහ මුරපල්ලාගේ මානුෂීය අත්දැකීම් හුවමාරුවකට ඉඩ සලසමින් මෙම සිනමා කෘතිය ප්‍රේක්ෂකයා දැඩි ලෙස ග්‍රහණයට ලක්කර ගනිමින් නිතර අප අත්විඳින භයානක සිදුවීම් හරහා අපගේ සමකාලීන දේශපාලනික යථාර්ථයන් පැකිලීමකින් තොරව ඉදිරිපත් කරයි’
මෙම සුවිශේෂී නිර්මාණය අපගේ දේශසීමාවන් තරණය කරමින් සාර්වභෞමික/සාර්වත්‍ර අත්දැකීමක් ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් හට ලබාදීමට ද දොරටු විවර කරයි’ ශ්‍රී ලංකාව තුළ වරින් වර අනාවරණය වූ සිදුවීම් ඔස්සේ හෙළිදරව් වන මෙරට කැලඹිලි සහිත දේශපාලනික යථාර්ථය ද නිර්භීතව ඉදිරිපත් කරමින්” මිනිසුන්ගේ අරගලකාරී ශරීර සහ ඔවුන් ජීවත් වන භූදර්ශනයන් එකිනෙක සසඳමින්” මෙම සිනමා ශානරයට අදාළ සිනමාත්මක ශිල්පක්‍රම ඉතා මැනවින් උපයෝගී කර ගැනීම උදෙසා තේරීම් කමිටු සාමාජිකයන්ගේ ඒකමතික තීරණයට අනුව 99 වන ඇකඩමි සම්මාන උළෙලේ ශ්‍රී ලංකා නිල නියෝජනය ලෙස ‘රිවර්ස්ටන්‘ (Riverstone) චිත්‍රපටය තෝරා ගන්නා ලදී’
රිවර්ස්ටන් චිත්‍රපටය වෙනුවෙන් මේ වනවිට හිමිව තිබෙන ජාත්‍යන්තර ඇගයීම් සහ සම්මාන පිළිබඳව මතක් කළොත්?
ජාත්‍යන්තර FIAPF අනුමත ‘ඒ‘ ශ්‍රේණියේ සිනමා උළෙලවල් ඇතුළු ලොව පිළිගත් සම්මාන උළෙලවලදී සම්මාන 16ක් ‘රිවර්ස්ටන්‘ වෙනුවෙන් දිනාගැනීමට අපට හැකි වුණා’
මෙහි ප්‍රධාන භූමිකාවන් හතර වන පොලිස් පරීක්ෂක පින්නවල” සාජන් උදයසිරි” කොස්තාපල් චන්ද්‍රපාල සහ චූදිතයා වන නන්දිත යන චරිත හතරම එක හා සමාන බරකින් යුත් ප්‍රධාන චරිත ලෙස චිත්‍රපටය පුරා හැසිරීම” ඒ සියලු රංගන ශිල්පීන් ජාත්‍යන්තරයේ සම්භාවනාවට පාත්‍රවීමට හේතු වුණා’ මෙතෙක් සම්මානයක් නොලැබුණත් නන්දිතගේ චරිතය නිරූපණය කළ රන්දික ගුණතිලක අවස්ථා
දෙකකදීම හොඳම නළුවා ලෙස නිර්දේශ වීමත් විශේෂයෙන් මතක් කළ යුතුයි’
රිවර්ස්ටන් සිනමා නිර්මාණයේ වස්තු බීජය සහ එහි තේමාව කෙරෙහි ජාත්‍යන්තරයේ ලොකු අවධානයක් යොමුවුණා නේද? ඒ පසුබිම ගැන කිව්වොත්?
ඔව්’ දේශීය වශයෙන් ඉතා කාලීන මාතෘකාවක් වීම” ශ්‍රී ලාංකේය දේශපාලනික” සමාජීය සහ සංස්කෘතික පසුබිම තාත්විකව පිළිබිඹු කිරීම” සුලබ තේමාවක් මානවීය හැඟීම් මූලික කොටගෙන ඉදිරිපත් කිරීම වගේම යථාර්ථවාදී රංගනය සහ සිනමාත්මක භාවිතය ජාත්‍යන්තර අවධානය දිනාගැනීමට ප්‍රධාන හේතු වුණා’
වස්තු බීජය ගැන කතා කරද්දී මම මතක් කළ යුතුම විශේෂ දෙයක් තියෙනවා’ ලංකාවේ සමාජය තුළ නිතර ඇහෙන දකින මේ සුලබ තේමාව චිත්‍රපටයකට ගෙන ඒමට සුදුසුයි කියලා මට මුලින්ම හිතුණේ මගේ හිතවත් මිත්‍ර නිලන්ත පෙරේරාගේ අදහසකට අනුවයි’ දිනක් මදුවිතක් තොලගාමින් සිටින අතරතුර ඔහු මට කී කතාවක් නිසයි මේ වස්තු බීජය මගේ සිතේ පැළ වුණේ’ ඔහුගේ කතාව සහ චිත්‍රපටයේ කතාව දෙකක් වුවත්” ඒ හරහා මට දැනුණු හැඟීම සහ මූලික අදහස මම පසුව තිරකතාවක් ලෙස ගොඩනැඟුවා’ ඒ නිසා නිලන්ත පෙරේරාගේ දායකත්වය මම මෙහිදී ගෞරවයෙන් මතක් කරනවා’
නිර්මාණ කටයුත්ත අතරතුර ඔබ මුහුණ දුන් අභියෝගයන් දෙස අද ආපසු හැරී බලද්දී මොන වගේ හැඟීමක්ද ඇතිවන්නේ?
ඇත්තෙන්ම රූගත කිරීම් සිදුවූ කාලවකවානුවේ පැවැති රජයට ඍජුවම වරදකාරීත්වය පමුණුවන ආකාරයේ අභියෝගාත්මක කතා තේමාවක් වීමම අපට තිබුණු ලොකුම තර්ජනය සහ අභියෝගය වුණා’ නමුත් අපේ නිර්මාණාත්මක භාවිතය හරහා අපි එය ඉතා සූක්ෂමව සහ බුද්ධිමත්ව ජයගත්තා’
ඊටත් වඩා” මේ නිර්මාණය අවසානයේ ලංකාවේ සිනමාහල්වල තිරගත කිරීමට වාරණයෙන් තොරව අවස්ථාව ලැබෙයිද කියන බිය සහ අවිශ්වාසයත් අපිට තිබුණා’ නමුත් සතුටට කරුණ නම් අපේ රටේදී ඊට කිසිදු දේශපාලනික බාධාවක් පැමිණියේ නැහැ’ අද වනවිට ලැබෙන ප්‍රතිචාර දකිද්දී එදා ගත් අවදානම ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්’
ලාංකීය සිනමා ප්‍රේක්ෂකාගාරයෙන් ‘රිවර්ස්ටන්’ සඳහා ලැබුණු ප්‍රතිචාරය මොන වගේද?
‘රිවර්ස්ටන්’ සාර්ථකව දින 120කට ආසන්න කාලයක් සිනමාහල්වල තිරගත වුණා’ ඊට ප්‍රධානම හේතුව ප්‍රේක්ෂකයන් මේ නිර්මාණය වැලඳගැනීමයි’ චිත්‍රපටයේ 100 වැනි දිනයේදී පවා මම ගිය සිනමා ශාලාව ප්‍රේක්ෂකයන්ගෙන් සම්පූර්ණයෙන්ම පිරී ඉතිරී ගොස් තිබුණා’
මෙරට සිනමා ශාලා හිස් වෙමින් පැවැති වටපිටාවක නැවතත් සිනමා ප්‍රේක්ෂකයා ශාලා වෙත කැඳවාගත් නිර්මාණ කිහිපයක්ම පසුගිය කාලයේ බිහිවුණා’ අශෝක හඳගම මහතාගේ රාණි චිත්‍රපටය එහි ආරම්භය ලෙස මම දකිනවා’ ඉන්පසුව මෝඩ තරිඳු” වාලම්පුරි” ෆාදර් වැනි චිත්‍රපට නිසා නැවතත් සිනමා ශාලා පිරෙන්න පටන් ගත්තා’ මගේ චිත්‍රපටය ජනප්‍රිය තලයේ එකක් නොවුණත්” එහි පැවැති මන්දගාමී රිද්මයට පවා ප්‍රේක්ෂකයන් ඉතා නිහඬව දැඩිලෙස ආකර්ෂණයවී සිටින අයුරු මම සිනමාහල් තුළදී සියැසින්ම දැක්කා’ එය සිනමාකරුවකු ලෙස මට ලැබුණු විශාලම තෘප්තියයි’<