පුංචි තිරයේ ‘රංසිනා‘ ලෙසින් කලා ක්ෂේත්‍රයට පා තබා, ‘පහේ ළමයි‘ ටෙලිනාට්‍යයේ ‘විමර්ශි‘ ලෙසින් ලංකාවේම ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඇය, නමින් සෙලිනි රත්නායක. රංගනය වගේම අධ්‍යාපනයත් එක ලෙස සමබරව කරගෙන යන ඇය, අනුරුද්ධ ජයසිංහයන්ගේ රන්දෝණි සිනමා නිර්මාණය හරහා රිදී තිරයටත් පා තබන්නට මෙන්න මේ විදිහට සූදානම් වෙනවා. මේ ඇගේ කතාවයි… Sri Lanka Latest News
ඉතින් සෙලිනි මොකද වෙන්නේ මේ දවස්වල?
රංගන කටයුතු වගේම ඉගෙනීමේ කටයුතුත් සමබරව කරගෙන යනවා. කලා කටයුතු ගැන කියනවා නම් දැනට විකාශය වෙන ටෙලිනාට්‍යයක මගේ චරිතය ඉදිරියේදී එන්න තියෙනවා. තවත් අලුත් ටෙලිනාට්‍ය දෙකක් ඇවිත් තියෙනවා. ඒවත් ඉදිරියේදී වැඩ පටන් ගනීවි.
සෙලිනි කලාවට සම්බන්ධ වුණු විදිහ මතක් කරමුද?
මම ක්ෂේත්‍රයට එන්නෙ හිරු ටීවී එකේ විනාශය වුණු ‘පුංචි අන්දරේ’ ටෙලිනාට්‍යයේ රංසිනා කියන චරිතයෙන්. ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා ඒ වගේ කලාත්මක නිර්මාණයකින් මේ ක්ෂේත්‍රයට එන්න ලැබුණු එක ගැන. මාව ඒ චරිතයට තෝරා ගත්ත පුංචි අන්දරේ අධ්‍යක්ෂ ප්‍රියාල් වීරසිංහ මාමාව මම ආදරයෙන් මතක් කරනවා.
රංගනය වැඩිදුර හැදෑරීමක් කරනවා කියලා ආරංචියි?
ඔව්. මේ දිනවල පුබුදු ගමගේ සර් යටතේ රංගනය ගැන වැඩිදුර හදාරනවා. කලාවේ මගේ මුල්ම ගුරුතුමා පුබුදු ගමගේ සර්. සර්වත් ආදරයෙන් මතක් කරනවා.
රංගනයට අමතරව ඔබ මොකද කරන්නේ?
මම 2028 වසරේ අ.පො.ස (උ.පෙළ) විභාගයට වාණිජ අංශයෙන්, ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනීසිටීමට බලාපොරොත්තු වෙනවා.
‘පහේ ළමයි’ ඉවර වුණත් තාම ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඔව්, තාම ‘පහේ ළමයි’ විමර්ශි කියන චරිතයට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. මම ගොඩක් මිනිස්සු අතරට ගියේ විමර්ශි චරිතයෙන්.
පවුල ගැන විස්තරයක් කියමුද?
මගේ පවුලේ ඉන්නෙ අම්මා, අප්පච්චි, මල්ලි.
අම්ම නම් දැන් රැකියාවක් කරන්නෙ නෑ. අප්පච්චි පුද්ගලික අංශයේ සහකාර කළමනාකාරවරයෙක් විදියට සේවය කරනවා. මල්ලි 9 වසරේ ඉගෙනුම ලබනවා.
පවුලෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද?
මට මගේ පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඇත්තටම මම මේ කලාවට සම්බන්ධ වෙන එක මගෙ අම්මගෙ හීනයක්. ඒක හැබෑ කරන්න පුළුවන් වුණු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා.
අම්ම තමයි මගේ කලා කටයුතුවලට ගොඩක්ම උදව් කරන්නෙ. ෂූටින් එහෙම යන්නේ අම්මා එක්ක. ඒ වගේම චරිත තෝරාගැනීමේදිත් අම්මා වගේම අප්පච්චිත් මට උදව් වෙනවා. මගේ ලොකුම ප්‍රේක්ෂකයො තුන්දෙනා තමයි මගේ පවුල. හැබැයි අම්මව නම් ලේසියෙන් සැටිස්ෆයි කරන්න අමාරුයි.
දිගටම රංගන ක්ෂේත්‍රයේ ඉන්නද බලාපොරොත්තුව?
ඔව්. චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න තමයි මම ගොඩක්ම කැමැති.
ඔබගේ සිනමා සිහිනය සැබෑ වුණා නේද?
ඔව්. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ අංකල්ගෙ ‘රන්දෝණි’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඒ වගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබුණු එක ඇත්තටම වාසනාවක් කියලා මම හිතනවා. අනුරුද්ධ ජයසිංහ අංකල්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තව සිනමා නිර්මාණයක් සඳහාත් ඇරයුම් ලැබිලා තියෙනවා.
සෙලිනි රංගනය නොකළා නම් මොනවද කරන්නේ?
මම වාණිජ අංශයෙන් ඉහළට ඉගෙන ගනීවි. දැනටත් මම රංගන කටයුතු කළාට වාණිජ අංශයෙන් දිගටම ඉගෙනීම කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.
චරිත තෝරා බේරාගන්න නීතිරීති තියෙනවද?
ලොකු ලොකු නීතිරීති නෑ. හැබැයි මගේ වයසට ගැළපෙන, චරිත විතරයි මම බාරගන්නෙ.
ඉදිරි බලාපොරොත්තු මොනවද?
කලාවෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා වගේම කවදා හරි සම්මානනීය රංගන ශිල්පිනියක් වෙන්නත්, ඒ වගේම වාණිජ විෂයයෙන් ඉහළ අධ්‍යාපනයක් ලබන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.