ඇය මේ දිනවල ප්‍රේක්ෂකයා නොදන්නා චරිතයක් නොවේ. ‘විසේකාරි‘ සහ ‘හිරිපොද වැස්ස‘ ටෙලි නාට්‍යය ද්විත්වයෙන් සේම තවත් නිර්මාණ කීපයකින්ම ඔබ හමුවන ඇය නවක රංගන ශිල්පිනී රශී වික්‍රමසිංහයි.
රශී කොහොමද ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ ?
2023 වසරෙදි තමයි මම නිරූපණ ශිල්පිනියක් විදියට බ්‍රයිඩ්ල් ෂූට්වලට සම්බන්ධ වෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ 2024 වසර වෙනකොට රංගන කටයුතුවලට ටික ටික සම්බන්ධ වෙන්න පටන් ගත්තා. සාරංග මෙන්ඩිස් සර් තමා මට මුලින්ම රූපවාහිනි ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දුන්නේ. මම පළවෙනියට රඟපාපු ටෙලි නාට්‍යය ‘දෙවෙනි ඉනිම‘. ඒකෙ ‘සවීනා‘ ගේ චරිතය මම රඟපෑවේ.
*මේ වෙනකොට ඔයාව ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ මොන චරිතයෙන්ද ?
‘හිරිපොද වැස්ස‘ ටෙලි නාට්‍යයේ ‘රශී‘ කියන චරිතය ප්‍රේක්ෂකයින්ට සමීපයි කියලා මම හිතනවා. ඒ වගේම ‘විසේකාරී‘ ටෙලි නාට්‍යය තුළිනුත් ප්‍රේක්ෂකයා මාව හොඳින්ම දැන් හඳුනනවා.
ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් රශීට ලැබෙන සහයෝගය මොනවගේද?
ප්‍රවීණ රංගන ශිල්පී, ශිල්පිනියන්ගෙන් ආධුනික අපිට ගොඩක් වටින උපදෙස් ලැබෙනවා. කලා ක්ෂේත්‍රය තුළ අනාගතය හදා ගන්න ඒ උපදෙස් හරි වටිනවා. විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕන ප්‍රවීණ ශිල්පියෙක් වන මේනුක ප්‍රේමරත්න අයියව. එයා මට මේ ගමන එන්න ගොඩක් උදව් කළා.
ඔයාගේ පෞද්ගලික තොරතුරු ටිකකුත් කියන්නකො.
මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මමයි, අක්කයි, නංගියි. එයාලා මට ගොඩක් උදව් කරනවා. අම්මා තමයි මාව රූගත කිරීම් වලට එක්ක යන්නේ. තාත්තාත් එයාට පුළුවන් හැම වෙලේම ඒ වැඩවලට උදව් කරනවා. මගේ අක්කා රූපලාවණ්‍ය ශිල්පිනියක් නිසා ඕනෑම වෙලාවක මාව ලස්සනට හැඩ ගන්වනවා. මගේ පෙම්වතාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. හැමදේම තේරුම් අරන් මට ඉදිරියට යන්න ඔහුගෙන් හොඳ සහායක් ලැබෙනවා.
රංගනය කියන දේ ඔබට දැනෙන්නේ කොහොමද ?
මම නම් රඟපෑම ලේසියි කියන්නෙත් නෑ අමාරුයි කියන්නෙත් නෑ. ඒ වුණත් රංගනය තුළ රැඳිලා ඉන්න අමාරුයි. හරි විදියට මේ ෆීල්ඩ් එකේ ගමනක් ගියොත්, අපිට ගැළපෙන දේ කළොත් ලස්සන ගමනක් යන්න පුළුවන්.
අනාගත බලාපොරොත්තු මොනවාද රශී ?
රංගනය හොඳින් හදාරලා මිනිස්සු ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න තමයි බලාපොරොත්තුව.