විවාහ යෝජනා ගොඩක් ආවත් විවාහ වෙන්න මට අදහසක් නැහැ.-රංජන් රාමනායක

gossiplanka image 1
ගඩාෆි චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?


ඉතාමත් හොද ප්‍රතිචාර ලැබෙනවා. හවුස්ෆුල් වාර ගණනාවක් තිබුණා. ප්‍රේක්ෂක ජනතාවට ගොඩක් ස්තූතියි.මෙවැනි චිත්‍රපටයක් කරන්න හිතුණේ ඇයි?ගඩාෆි චිත්‍රපටය මගේ 05 වැනි අධ්‍යක්ෂණය. රී මේක් චිත්‍රපටයක් නොකර ශ්‍රී ලංකන් ඔරිජිනල් ස්ටෝරි එකක් කරන්න ඕනි කියලා හිතුණා. ඒ හේතුව නිසාම තමයි ශ්‍රී ලංකාවේ අසන්න දකින්න ලැබුණු සත්‍ය සිදුවීම් එකතු කරලා මේ නිර්මාණය කළේ.


“OIC ගඩාෆි” චිත්‍රපටයේ ඔබේ චරිතය සාර්ථකත්වයට ඩිලුක්ෂිගෙන් ලැබුණු සහයෝගය මොනවගේද?

ඇය ආධුනික නිළියක් වුණත් ඇය කළේ ඉතාමත් අභියෝගාත්මක චරිතයක්. ඇගේ උපරිම සහයෝගය මට දුන්නා.


ඔබ මේ චිත්‍රපටයේ වැඩකටයුතු කළමනාකරණය කර ගත්තේ කොහොමද?

කළමනාකරණය කරගැනීම ගැන කතා කළොත්, මේ ෆිල්ම් එකේ නිෂ්පාදක, අධ්‍යක්ෂක, තිර රචනය, ඇක්ටර් කියන සියලු දේවල් කළේ මම. මේ අභියෝගය ගැන එදා ඉදලම මම දන්නවා සහ මට අත්දැකීම් තිබෙනවා. මේ පාර එක්ස්පෙරිමන්ට් එකක් විදියට වෙනස්ම දෙයක් කරන්න හිතලා තමයි මේ ෆිල්ම් එක කළේ.ඔබ එදා මෙන්ම අදත් එකවගේම කඩවසම්. 


ඒ කඩවසම් බව එලෙසම පවත්වාගෙන යන්නේ කොහොමද?


මම සතුටෙන්, අවංකව ජීවත් වෙනවා, කෙලින් කතා කරනවා, හිතේ තරහවල් තියා ගන්නේ නෑ. සියලුදෙනා එක්කම සුහදව ජීවත් වෙනවා, අනික විවාහ වෙලා නෑ, ඒ නිසා අනවශ්‍ය කරදර නෑ. ඒ වගේම පුරුද්දක් ලෙස මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ නෑ, සෞඛ්‍ය සම්පන්න ආහාර හැර කෘතීම ආහාර ගන්නේ නෑ. හොඳ විවේකයක් ගන්නවා, ව්‍යායාම කරනවා. මේවා වෙන්න ඇති ප්‍රධාන හේතු.


විවාහ වෙන්න අදහසක් නැද්ද?


අනේ නෑ. විවාහ යෝජනා නම් ගොඩක් ආවා. මේ තනිකඩ ජීවිතේට ඇබ්බැහි වුණාම විවාහ වෙන්න හිතෙන්නේ නෑ.


පළමු වතාවට කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?


ගමේ වේදිකා නාට්‍යයක් කළා. පස්සේ මම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණා. මගේ පළවෙනි ටෙලිනාට්‍ය භාග්‍යා. පස්සේ චිත්‍රපටවලට අතිරේක නළුවෙක් විදියට සම්බන්ධ වුණා. ඒ ආව ගමන් මගේදී අද වෙනකොට මම චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්.


කලාවට පිවිසීමට පවුලේ ආභාෂය හේතු වුණාද?

ඔව්, විජය කුමාරතුංග මගේ මාමා වෙනවා. ඔහුගේ ආභාෂය ලැබුණා.මේ වෙනකොට දායක වී ඇති නිර්මාණ ගැන කතා කළොත්?වේදිකා නාට්‍ය තුන හතරකට, ටෙලි නාට්‍ය අටකට දහයකට සහ චිත්‍රපට හැත්තෑ පහකට වගේ මම රංගනයෙන් දායක වෙලා තියෙනවා සහ මේ වෙනකොට චිත්‍රපට 05 ක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා.


නැවත දේශපාලන කටයුතුවලට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවද?

මම ජනතාවගේ ඉහළම මනාපයෙන් තුන්පාරක් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. ඒ හොඳටම ඇති. ඒ වෙනුවෙන් ජනතාවට ගොඩක් ස්තූතියි. මම දේශපාලන කටයුතු අතරතුර කිසිදු හොරකමක්, වංචාවක් කරලා නෑ. ජනතාව වෙනුවෙන් අවංකව සේවය කළා. කෙලින් කතා කළා. අන්තිමට හිරෙත් හිටියා. මේ වෙනකොට මම දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වෙලා ඉන්නේ. දැන් මට පාටක්, පක්ෂයක් නෑ. මම කලා කරුවෙක්.කලා කරුවාගේ කාර්ය ජනතාව සතුටට පත් කිරීම ඔහුට පක්ෂ දේශපාලනයක් අවශ්‍ය නෑ.


ඔබගේ ජනප්‍රියත්වයේ රහස මොකක්ද?


මගේ රසික ජනතාව නිසා තමයි මට ජනප්‍රියත්වය ලැබිලා තියෙන්නේ. මම ඔවුන් සමග ආදරණියව ගණුදෙනු කරනවා. ඔවුන්, අතවනලා, හිනාවෙලා කතා කරන්න කලින් මම ඔවුන්ට හිනාවෙලා අතවනලා කතා කරනවා. ඔවුන්ගේ දුරකථ ඇමතුම්වලට පිළිතුරු දෙනවා. ඔවුන් සමග ඡායාරූපවලට පෙනී ඉන්නවා. ඔවුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙලා තියෙනවා. ඒ දේවල්වලට මම කවදාවත් බෑ කියලා නෑ. ඔවුන් මට ලබා දෙන ආදරේට සමානවම මම ඔවුන්ට ආදරේ කරනවා.ඩිලුක්ෂි වීරපෙරුම කියන්නේ කලා ලොවට පායපු කටකාර හැඩකාර දක්ෂ තරුවක්, රසික ජනතාව ඈටම අනන්‍ය වූ අපූරු රංගන ශෛලය ඉතාමත් ආදරයෙන් වැලදගෙන තිබෙනවා. 

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post