ආදරෙන් බලාගන්න කෙනෙක් ලැබෙනකම් බලන් ඉන්නවා -සචින්තනී කෞෂල්‍යා

gossiplanka image 1
 


‘කියා දෙන්න ආදරේ’ කියල අපේ ආලින්දයට ආපු ‘දිගසි’ කිව්වොත් ඇයව නොදන්න කෙනෙක් නැහැ. හැබැයි දැන් ඇය ‘මා’ ටෙලිනාට්‍යයේ ‘කවිනි’ වෙලා. ආදරය ඇතුළෙ අතරමං වුණු, අතීත ප්‍රේමයක මතක එක්ක ජීවිතය හොයන ගැහැනියකගේ සංවේදී භූමිකාවට ඇය පණ පොවන්නේ හරිම ආසාවෙන්. රංවල බළකායෙන් කලාවට පය තියලා, අද වෙද්දී තිරය පිටුපස වෘත්තීය ගරුත්වයත් රැකගෙන හෙමින් ගමනක් යන සචින්තනී කෞෂල්‍යා, ඇගේ අලු‍ත්ම තොරතුරු ගැනත්, ජීවිතේ ගැනත් අපත් සමඟ මෙලෙස කතා කළා.


මේ දිනවල සචින්තනීව ‘මා’ තුළින් අපි දකිනවා?

‘මා’ ටෙලිනාට්‍යයේ මම රඟපාන්නේ ‘කවිනි’ චරිතය. ඒ චරිතය ගැන කතා කළොත් අපේ රටේ ඉන්න සමස්ත කාන්තාවන් අතරේ කවිනි වගේ අය ඕනේ තරම් ඉන්න බව මම දකිනවා. ආදරය සමග අතරමං වුණු ආදරය අහිමි වුණු පවුල් ජීවිතයකට බැඳුණට පස්සේ පරණ ආදරය විඳවන, කම්පාවෙන ගැහැනියක් විදියට තමයි මම කවිනි චරිතය දකින්නේ. හැඟීම් පැත්තෙන් ගත්තාම කවිනි හරි වෙන්න පුළුවන්. ප්‍රේක්ෂකයන් පැත්තෙන් ගත්තාම ඇය වැරැදි වෙන්න පුළුවන්. ඇය විටෙක පෙම්වතියක්, බිරිඳක්. තවත් විටෙක දුවක්, මවක්. හැම භූමිකාවක්ම මට රඟපාන්න ලැබුණු හොඳ චරිතයක්. හරිම ආශාවෙන් තමයි මම මේ චරිතයට සම්බන්ධ වෙන්නේ.


රංවල බළකාය හරහා නේද ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ?

ඔව්. මම රංගන ශිල්පිනියක් වෙන්න හිතපු කෙනෙක් නෙවෙයි. පාසල් රංවල බළකායට සහන් රංවල ගුරුතුමාගේ පැමිණීමත් සමග ඔහු මගේ නර්තනයක් දැකලා ඔහුගේ කණ්ඩායමට මාව තෝරාගත්තා. එතැන තමයි මගේ කලා ජීවිතයට අත්දැකීමක් ලැබුණු තැන. පසුකාලීනව අවුරුදු කුමරිය තරග සඳහා ඉදිරිපත් වෙලා ජයග්‍රහණය ලබලා ඒ හරහා තමයි මාව දැකලා නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණේ.

දිගසි චරිතය හරහා තමයි ඔබව ප්‍රේක්ෂකයන් දැනහඳුනා ගත්තේ?

දිගසි චරිතයට කලින් මාව හඳුනාගත්තේ මුතු ලෙන් දොර ටෙලිනාට්‍යය හරහා. දිගසි චරිතය හරහා තමයි මම ප්‍රේක්ෂකයන් අතරට ගියේ. ධනුෂ්කර රත්නායක අධ්‍යක්ෂණය කරපු කියාදෙන්න ආදරේ ටෙලිනාට්‍යය හරහා මතක හිටින නමක් වුණා ප්‍රේක්ෂකයන්ට. ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳගත්ත චරිතයක්. මගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විදියට දිගසි චරිතය හඳුන්වන්න පුළුවන්.

ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධිය දැනෙන්නේ කොහොමද?

ජනප්‍රිය හා ප්‍රසිද්ධිය කොටස් දෙකක්. මේ වනවිට ප්‍රසිද්ධ වීමට හොඳ හෝ නරක දෙයක් කරන්න පුළුවන් වර්තමානයේදී. ජනප්‍රියතාව කියන්නේ ප්‍රේක්ෂකයන්ට ප්‍රිය විදියට චරිතයක් රඟපාන එක. කරන චරිත සහ කරන වැඩ වගකීමක් ඇතිව කරනවා නම් වෘත්තීය ගරුත්වය රකිනවා නම් අපට පැවැත්මක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මාධ්‍ය තුළ වැඩ කරනකොට ජනප්‍රියත්වය රැකගන්න ඕනේ. මගේ කාලය තුළ ජනප්‍රියත්වය රැකගන්න මම හෙමින් ගමනක් යනවා. ප්‍රේක්ෂකයන් අපිට ආදරය කරන තාක්කල් අපිට මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

සචින්තනී දැන් පෙම්වතියක්ද?

තවම නැහැ. පවුලේ අයගේ ආදරය විඳිමින් සතුටින් කාලය ගතකරනවා.

සචින්තනී බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ආරදණීය කෙනෙක්ද?

අපේ ජීවිත බාහිරින් දකින කෙනා නෙවෙයි අභ්‍යන්තරය දකින්නේ. මම බලාපොරොත්තු වෙන්නේ මගේ ගමනට ශක්තියක් වෙන කෙනෙක්. ඒ වගේම ඔහු සමග ගමනක් යන කෙනෙක් තේරුම් ගැනීමට වගේම විශ්වාසයට මම මුල් තැන දෙන කෙනෙක්. මම අසීමිතව ආදරය බලාපොරොත්තු වෙන කෙනෙක්. ඉතින් මාව ආදරයෙන් රැකගන්න පුළුවන් කෙනෙක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

දැන් අවංක ආදරයක් තියෙනවාද?

අවංකත්වය සහ පක්ෂපාතීත්වය මේ වනවිට හරිම දුර්ලභයි. අවංකකම මිනිසුන් අතර නැහැ. මොන බැඳීම වුණත් ආදරය කියන්නේ අපිට දැනෙන දෙයක්. ආදරය කියන්නේ තවත් කෙනකු වෙනුවෙන් කරන කැපකිරීමක්. මොන බැඳීමක වුණත් අදරයක් විදියට මම දකින්නේ. හැබැයි මේ වනවිට අවංකත්වය හරිම දුර්ලභයි.

පවුල් හබ එහෙම සෑහෙන්න දැකලා ඇති?

දික්කසාද නඩු මගේ වෘත්තීය ජීවිතය තුළ මම උසාවිය තුළදී බහුලවම දැකපු දෙයක්. පවුල අතර බිඳවැටීමට හේතු ගොඩක් තියෙනවා. අපි හිතනවා අදාරය විතරක් ඇති කියලා. පවුල් ජීවිතයක් ගතකරන කෙනකුට නොගැළපීම් ගළපගන්න බැරි වෙනකොට පවුල් අතර ගැටුම් ඇතිවෙනවා. සැලසුම්, අවබෝධය, පවුලක් අතර තිබිය යුතුයි. තේරුම් ගැනීම් නැති වුණාම පවුල් අතහරින්න පුළුවන්. මානුෂීයභාවය පවුල් අතර ගිලිහිලා නොගැළපීම් ගළපන්න පුළුවන් තැන කැපකිරීම් කරන්න පුළුවන් වුණොත් පවුල් රැකෙයි කියලා මම විශ්වාස කරනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post