“සන්සුන් සින්දු ටිකක් කිව්වට මම නිදහසේ දඟලලා ඉන්න ආස කෙනෙක් -සියුමිණි

gossiplanka image 1
 


"හිතින් අපි ආ දුර බොහෝමයි දරාගෙන අපි අපිවම හිතේ ගැඹුරුම තැනක ලිව්වා මගේ ප්‍රේමය නුඹටම..."


ඇය එසේ ගායනා කර මේ වන විට වසරකුත් ගෙවී ගොස් අවසන්, ඒත් ඒ ප්‍රේමණීය ගැයුමට ප්‍රේම කරන්නවුන් අද එදාටත් වඩා වැඩියි. අසන්නාගේ හදවත විටක වේදනාවෙන් බර කරන, තවත් විටක හැඟීමෙන් පුරවන, මිහිරි තත් අනුව ගයන ඒ ළයාන්විත හඬේ හිමිකාරිය ඇයයි. සියුමිණි ඔපයංගි තරුණ වියේදිම මිහිරි ගායනයෙන් ප්‍රේක්ෂකයන්ගේ හිතේ ගැඹුරුම තැනක නම ලියන්නට සමත් වූ තවමත් 21 හැවිරිදි වියේ පසුවන දක්ෂ තරුණියකි. ඇගේ හඬින් ගැයන ගීත මෙන්ම ඇය ගැන උනන්දුවෙන් ඉන්න ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මෙවර සඳැල්ල කතාබහට ඇය සම්බන්ධ කර ගතිමු.


අලුත් අවුරුදු කාලේ එළි දක්වපු 'අවුරුදු ඇවිදිල්ලා' අලුත් ගීතයට ලැබෙන ප්‍රතිචාර ගැන ඇය මෙසේ කීවාය.

" අවුරුද්දට මමයි මිගේ අයියයි. පමුදය විශ්වජිත් අයියයි තුන් දෙනාම එකතු වෙලා අවුරුදු සින්දුවක් කළා. ඒ ගීතයටත් හොඳ ප්‍රතිචාර තියෙනවා. අවුරුදු උත්සව වල නැටුම් වලට එහෙම ගොඩක් අය ඒ සින්දුව අරන් තිබ්බා, ඇත්තටම ඒ ලැබුණු ප්‍රතිචාර ගැන හර්ම සතුටුයි. මේ දවස්වල නම් ටිකක් ගෙදරට වෙලා හිටියේ අවුරුදු නිසා ඒ ඇරෙන්න සාමාන්‍ය විදිහට ප්‍රසංගවල වැඩ සහ සංගීත වැඩ කටයුතු කරගෙන ඉන්නවා. ඊට අමතරව තව අලුත් සින්දුවක් එන්න තියෙනවා. ඒ නිසා මේ දවස්වල ඒ වැඩත් කරගෙන යන ගමන් ඉන්නේ."

සියුමිණීගේ හඬට මේ තරම් විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබෙන්න ප්‍රධානම හේතුවක් වුණේ 'නුඹේ උණුසුම් හාදුවෙන්' ගීතය. ඉතින් එදා වගේම අදත් ඒ වෙනුවෙන් ලැබෙන ආදරේ ගැන ඇය මතක් කළේ සතුටින්,

" නුඹේ උණුසුම් හාදුවෙන් " ගීතයට තාෂිත් උණුසුම් ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගීතයට ඇත්තටම කිව්වොත් හොඳ විතරයි, කොහෙන්වත් වැරැද්දක් කියලා නැහැ. ඉතින් හර්ම සතුටුයි. දැන් ගීතය විකාශ වෙලා අවුරුද්දකටත් වැඩියි. හැබැයි තාමත් ඒ ගීතයට ඒ විදිහටම ප්‍රතිචාර ලැඛෙනවා, මිනිස්සු අහනවා. ඒ ගැන ගොඩක් සතුටුයි."

මේ ගීතය තම සංගීත ජීවිතයේ එක්තරා හැරවුම් ලක්ෂ්‍යයක් බව ඇය කියයි. '' මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ කිහිපයක්ම තියෙනවා. මම මුලින්ම සංගීත ක්ෂේත්‍රයට ආවේ The Voice Teens Sri Lanka එකට ගියපු නිසා. මම හිතනවා ඒක මගේ සංගීත ජීවිතේ හැරවුම් ලක්ෂයක් වුණ බව, තරගයෙන් අයින් වුණාට පස්සේ මට රෝහණ වීරසිංහ සර් කතා කළා කවර් එකක් කරන්න. තරගෙන් අයින් වෙලා මගේ සින්දු අහන අය අතරට පළමුවෙන්ම ආවේ වලා තීරයෙන් විහා' කවර් එක. ඊට පස්සේ මගේ ඔරිජිනල් එකක් විදිහට මගේ ජීවිතේ වටිනම සින්දුවක් තමයි 'නුඹේ උණුසුම් හාදුවෙන් ගීතය. ඊට කලින් ඔර්ජිනල් කරලා තියෙනවා. හැබැයි ඒ ගීතයෙන් තමයි ගොඩක් අය මාව අඳුනාගත්තේ. ඊට පස්සේ මම 'සංසාරේ පුරාවට' සින්දුව කළා. ඒකත් ආරාධනයක් ඇවිල්ලා කරපු එකක්, විකටත් හොද ප්‍රතිචාර ලැබුන්නා"

බොහෝ විට සියුමිණීගේ හඬින් ප්‍රේක්ෂකයන්ට ඇහෙන්නේ ළයාන්විත ගීත. වර්තමානයේ තියෙන ගීත කලාව නිසාම අපි හිතුවා ඇගෙනුත් යම් වෙනස් ගීතයක් එළි දැක්වෙයිද කියලා අහලා බලන්න.

" වෙනස් ආරයේ ගීතයක් කරන්න අදහසක් තියෙනවා. හැබැයි මම ඒක දැන්ම කරන්න පුළුවන්ද කියන එක හිතනවා. මගේ සින්දු අහන්න කැමැත්තෙන් ඉන්න අය අර විදිහේ හැඟීම්, ලස්සන දැනෙන වචන තියෙන සින්දු තමයි අහන්න කැමිති සහ මගෙන් ඉල්ලන්නේ. ඒක නිසා මුලින්ම ඒ වගේ ගීත ටිකක් කරගෙන ඊට පස්සෙ වෙනසකට යනවා කියන අදහසින් තමයි මම ඉන්නේ අනිත් එක තමයි මම හිතනවා මගේ කටහඬට ගැළපෙන්නෙත් ඒ වගේ සින්දු බව. ඒ නිසා දිගටම මේ වගේ සින්දු කියන එකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ අතරින් වෙනස් දේවල් කරන්නත් බලාපොරොත්තු වෙනවා. එකම විදිහේ සින්දු කරලා වැඩක් නැහැ. ඉදිරියේදී එන අදහසුත් එක්ක වෙනස් හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා."

නුදුරේදීම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නට බලා සිටින ඇය එහිදීද සංගීතය හදාරන බව කිව්වේ තමාට ලැබී ඇති හැකියාව නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීමේ බලාපොරොත්තුවෙනි.


"මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයට තේරිලා තියෙන්නේ, සංගීතය දිගටම හදාරන්න පුලුවන්. මට හිතෙන දෙයක් තමයි කලාවක් කෙනෙකුට පිහිටන්නේ හරිම කලාතුරකින්, ඉතින් එහෙම එකක් හඛ වෙලා තියෙද්දි ඒක අතාරිනවා කියන්නේ හරිම අපරාධයක්. අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ ඒ දේ කරන්න වෙන්න ඇති."


සියුමිණිට පවුලෙන් ලැබෙන සහයෝගය විශේෂයි. ඇගේ පවුලම කලාවට බර නිසා ඇයට ඇගේ සහෝදරයා සමගත් නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ මිහිරි සුසංයෝගයට ලැබෙන ප්‍රේක්ෂක ආදරයත් විශේෂයි. ඒ නිසාමි අපි ඒ සොඳුරු අත්දැකීම ගැනත් ඇගෙන් විමසලා බැසුවා,


"හරිම සතුටුයි. අයියත් එක්ක සින්දු කියන්න ලැබෙනවා කියන්නේ හැමෝටම හම්බ වෙන අවස්ථාවක් නෙමෙයි. ඒ වගේම සහෝදරයත් එක්ක එකම ක්ෂේත්‍රයක වැඩ කරන්න හම්බෙනවා කියන එක. ඒ වගේම ඉස්සරහටත් අපි දෙන්නගේ තව ගොඩක් වැඩ එන්න තියෙනවා. ඒවත් ලස්සනට වෙයි කියලා බලාපොරොත්තු වෙනවා."


සංගීතය ඇරුණම චිත්‍ර ඇඳීමට සහ ක්‍රීඩා කිරීමට කැමැත්තක් දක්වන ඇය නිදහස ප්‍රිය කරන තවමත් අවුරුදු 21 වන තරුණයක් ප්‍රේමය, විරහව වැනි සංකීර්ණ හැඟීම් ගොන්නක් සවන් දෙන්නන්ගේ හදවතේ ගැඹුරට ස්පර්ශ වන ලෙස ගායනා කළත් ඇයට ඒ හැඟීම් ගැන අත්දැකීම් නැති තරම්,

"ඇත්තම කිව්වොත් ගොඩක් අය කියන දෙයක් තමයි මම සින්දු වල වචන හැගීමෙන් ගායනා කරනවා කියන එක. එහෙම කිවිවට එහෙම අත්දැකීම් මට නැහැ. ආදරය ගැනවත් විරහව ගැනවත් ඇත්තටම මට එහෙම ලොකු අත්දැකීමක් නැහැ. මට තාම අවුරුදු විසි එකයි. ඉතින් තාම මට ඒ ගැන කියන්න අත් දැකීමක් නැහැ. මම සාමාන්‍යයෙන් සින්දුවක් කියන්න ගත්තාම වචන සහ මේලඩිය ගැන පොඩ්ඩක් හොයලා බලලා ඒකට හැඟීමක් දෙන එක තමයි කරන්නේ. ඒ ඇරෙන්න වෙන අත්දැකීමක් නැහැ. ඒ වගේම මම ගැන කිව්වොත් මම හරිම හැඟීම්බර, සන්සුන් සින්දු ටිකක් කිව්වට මම ඒ වගේ කෙනෙක් නෙමෙයි. මම හරිමි නිදහසේ දඟලලා ඉන්න ආස කෙනෙක්. ඒ වගේම සංගීතය ඇරුණාම මම ගොඩක් කැමතියි චිත්‍ර අඳින්න. ගෙදර ඉන්න ගොඩක් වෙලාවට මම කරන්නේ චිත්‍ර අඳින එක. ඒකත් කලාවම තමයි. ඒ ඇරුණම් තව මම ආසයි ක්‍රීඩා කරන්න. හැබැයි මේ දවස් වල සංගීත වැඩ කටයුතු සහ අධ්‍යාපන වැඩකටයුතු නිසා ක්‍රීඩාව පොඩ්ඩක් මගහැරිලා තියෙනවා. 


මෙතරම් පුංචි වයසකින් වුවද අද තමා ඉන්න තැන ගැන නිහතමානී සතුටකින් පසුවන ඇය කක්ෂේත්‍රයේ සිටින විට ජ්‍යේෂ්ඨයන්ගෙන් ලැබෙන සහයෝගය ආදරෙන් මතක් කරන්න අමතක කළේ නැහැ.


" මම මේක ප්ලෑනේ කරගෙන මේ වයසට සින්දු කියන්න එනවා කියලා හිතන් කරපු දෙයක් නෙමෙයි. මිමි විවිධ දේවල් කළා. චිත්‍ර ඇන්ද ක්‍රීඩා කළා, සංගීතය වගේම මම ඉගෙන ගන්න දේවද්යුත් කරගත්තා. ඒ අතරේ කොහොම හරි මේ ක්ෂේත්‍රයට වැටුණා, ඉතින් මේ අවුරුදු විසිවකට ආපු දුර ගැන මට ගොඩක් සතුටුයි. ඒ වෙනුවෙන් ක්ෂේත්‍රය ඇතුළෙ ජ්‍යෙෂ්ඨයන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. මම එන්නෙම එහෙම් තැනකින්. අපි ප්‍රසංගයකදි හර් රෙකෝඩින් එකක හරි වැඩක් කරන කොට ජ්‍යෙෂ්ඨයන්ගේ අත්දැකීම්, දැනුම ඒ හැමදේම අපිට ලැඛෙනවා. ඉතින් හරිම සතුටුයි ඒ වගේ දේවල් ලැබෙන කොට. ඒ වගේම මේ ගමයන් මුල විතරයි. මට තව ලොකු ගමනක් යන්න

තියෙනවා."


මේ වන විට ඇගේ දක්ෂතාව වෙනුවෙන් ඇය සම්මාන වලින්ද පිදුම් ලබා අවසන්, එසේම නුදුරේදීම තවත් ගීතයක් එළි දැක්වීමේ බලාපොරොත්තුවෙන් සිටින ඇය අපට කිව්වේ මෙවැන්නක්,


"මේ වෙන කොට සම්මාන කීපයක්ම ලැබිලා තියෙනවා. මෑතකදි Raigam TELE'ES 2025 - වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත ගායිකාව විදිහට සම්මානයක් ලැබුණා. ඉරගිනි මද්දහන ටෙලි නාට්‍යය වෙනුවෙන්, ඊට අමතරව අලුත් වැඩි විදිහට මෑතක දී මම දැමිණි මගෙයි අයියගෙයි යුග ගීතයක් තව මගේ සෝ සින්දුවක් එන්න තියෙනවා. මේ දවස්වල ඒ සින්දුවට තමයි වැඩකරන්නේ."


කෞශල්‍යා ලක්ෂානි

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post