හෙළ ගී රැජිනිගේ ඔටුනු පලන් කුමරා - තිසර බණ්ඩාර

gossiplanka image 1
 


"උපත ලබා මේ ලෝකේ 

සැපත නැතේ වේ සෝකේ 

එකට යෙදේවී කර්මේ 

පාපේ ලෙසේ// 

ධනපතිඳා හා දුගියා 

කුලපතිද හා රොඩියා 

නැණවතු හා මෝඩ ජනයා

බලවතු හා ලෝ ජනතා 

එකට යෙදේවී කර්මේ පාපේ ලෙසේ//"


ලෝ දහම ගැන කියවෙන ගැඹුරු පදනුවෙන්, මියුරු තත්සර රාවයෙන් හා ඊටම ගැළපෙන සොඳුරු ගායනා විලාසයෙන් යුත් මෙම ගීය ඇසෙන්නේ 1950 දශකයේ මෙරට නිපදවුණි මාතලන් චිත්‍රපටයෙන්.


බෙනඩික් ප්‍රනාන්දු ලියූ ආර්. මුත්තුසාමි සංගීතවත් කළ මේ ගීතය ගයන්ගේ සංගීතවේදී ධර්මදාස වල්පොළයි. ලතා ධර්මදාස යුගය අදටත් ජීවමානයි. ඔවුන්ගේ දරුවන් වන සුනෙත් අමිත්, වළින්ද හා ධම්මිකා ගෙන් උම් වූ ඒ ගීත දායාදය තුන්වැනි පරපුර දක්වා පැමිණ තිබෙනවා. ඊට කදිම උදාහරණයක් තමයි සංගීතවේදි මහින්ද බණ්ඩාර සහ ධර්මිකා වල්පොළගේ පුත් තිසර බණ්ඩාර. දැනටමත් ඔහු පරපුරේ ගීත ගොන්නක් ගායනය කරනවා.


කොහොමද ඔබ කලාවට යොමුවන්නේ?


මගේ පිය පරපුර වගේම මවු පරපුරත් කලාවට සම්බන්ධයි. මගේ සීයා ධර්මදාස වල්පොළ, ආච්චි අම්මා කලාසූර් ලතා වල්පොළ, මිගේ අම්මා ධම්මිකා වල්පොළ. ඒ වගේම තාත්තා මහින්ද ඛණ්ඩාරගේ සියා කලා ශිල්පී ඩී.සී. කොඩිතුවක්කු. ඒ වගේම ප්‍රවීණ තබ්ලා වාදන ශිල්පී ප්‍රේම්නාත් කොඩිතුවක්කුත් මගේ සීයා වෙනවා. රංගන ශිල්පි රාජු බණ්ඩාර කියන්නේ මගේ බාප්පා තාත්තාගෙ අම්මා ගායන වේදී චන්දා බණ්ඩාර මගේ සොයුරන් ගීත් බණ්ඩාර හා මයුර බණ්ඩාර. ඉතින් මේ කලා පවුම මාත් සමාජිකයෙක්


ලතා මැතිනියගෙන් ඔබට ලැබුණු සහය කොහොමද? 


ආච්චි අම්මා කියන්නේ හරිම සැහැල්ලු චර්තයක්, දිගු කාලයක් තිස්සේ ගැයූ ගීත දහස් ගණනක් සුන්දරව අර්ථය විහිදෙන පරිදි ගායනා කළා. එයා මට ගොඩාක් සමීපවයි හිටියේ. මරණාසන්න කාලයේදී පවා මාව ළංකරගෙන ගීත ගැයුවා, අවවාද දුන්නා. හැම අවුරුද්දෙම පවත්වන සංගීත රාත්‍රියට පවුලේ හැමෝම එකම වේදිකාවට නැග්ගා. අන්තිම ප්‍රසංගයේදී සංවිධාන කටයුතු සඳහා ආච්චි අම්මා අසීරුවෙන් ඉදින් මට උපදෙස් දුන්නා.


අද මෙම වේදකාවේ ඉන්නේ එයාගෙත් අම්මාගෙත් දිරි ගන්වීම් නිසයි. පාසල් කාලයේත් සංගීතය කළාද?


මං ගියේ ඉසිපතන විද්‍යාලයට එහි කලා කටයුතුවල මාත් නියාළුස්සා . මට ගායනයට වඩා වාදනය පිළිබඳ කුසලතාව ඇති බව දැනගත් තාත්තා මට වයලිනයක් ගෙනත් දුන්නා. චිත කොටත් කී බෝඩ් එකට හුරුවෙමින් හිටියෙ. මං ගුරු ඇසුරෙන් වයලීනය හැදෑරුවා.


වැඩිදුර අධ්‍යාපනයට ඕස්ට්‍රේලියාවට යාමට අවස්ථාව ලැබුණා. යළි ලංකාවට ආවේ 2015දියි. හැබැයි එහෙදි මං ඉගෙන ගත්ත සංගීත රටාව මෙම සුබාවිත සංගීත රටාවට ගැළපුණේ නැහැ, කොහොම්හරි දේශීය සංගීත රිද්මය හඳුනා ගන්න මට වාසනාව ලැබුණ.මගේ ප්‍රියතම ගායකයා අර දේවයන්, ගායිකාව නම් අම්ම තමයි


 මුලින්ම වේදිකාවට ආව දවස මතකද?


ඇත්තෙන්ම මම මුලින්ම සංගීතයට වේ වයලින් වාදකයකු ලෙසයි. තාත්තා සමග වාද්‍ය වෘන්දයේ ඉන්න තරම් මං වාසනාවන්තයකු වුනා. ඒ වගේම මගේ සබකෝලය මග හැරුෂත් ප්‍රවීණ සංගීතවේදීන් රැසක් සමඟ කටයුතු කිරීමට ලැබීම නිසයි. මගේ සීයා තබ්ලාවාදක ප්‍රේ මිනාත් කොඩිතුවක්කු, සංගීතවේදී රෝහණ විරසිංහ සමග එකම වේදිකාවේ ඉන්න ලැබීමත් සිහිනයක් සැබැවීමක්.


ඒ සමගම වික්ටර් රත්නායක, නන්ද මාලනි, සරත් ද අල්විස් වැනි දැවැන්ත චර්ත ළඟින් ඇසුරු කිරීමටත් ගුරුහරුකම් ලැබීමටත් දෛවය සැලසුවා. ඊළඟට සියාගේ පැරණි මියුරු ගීත සාගරය තරණය කිරීමටත් වාසනාව ලැබුණා. පවුලේ අය සමගත් තනිවත් හී ගැයුවා. තාත්තාගේ ගීත වලට අදවත් රසිකයන් ආදරෙයි. ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීම අපේ යුතුකමක්.


ඔබේ නිරිමාණත් තියෙනවාද?


ඇත්තෙන්ම මා පදවැල් ලියා සංගීත සංයෝජනය කළ ගීත 15ක්

පමණ තියෙනවා. ඒවා සමාජ මාධ්‍ය හරහා ජනගත කිරීමේ සිහිනයක් තිබෙනවා. තාම මං කැමති ගායනයට වඩා සංගීත අධ්‍යත් ක්ෂණයටයි. නව පරපුරේ හිතවත් සංගීතඥයන් සමග ඒ ගැන කටයුතු කරමින් ඉන්නවා.


ගීතයක් රස විඳින්නේ කොහොමද කියලා දැනගත්තේ මගේ ආච්චි

අම්මාගෙන්. ඇය ගැයූ සෑම ගීයකටම මං ආදරෙයි. ආච්චි නිතර ගැයීමට කැමිති මාත් අහන්න කැමති ගීයක් තමා ප්‍රේමයේ චන්ද්‍රයා නමැති ගීතය. මං ආච්චිත් සමග සීයාගේ පැරණි යුග ගීත කිහිපයක් ගැයුවා. තවමත් යන්නේ සියා සහ ආච්චිගේ යුගයයි. අපට ඉන් බහැරව යන්න බැහැ.


මා මගේ බිරිඳත් සාර්ථකව ගී ගැයූ යුගය අදවත් මතකයි.


"ප්‍රේමයේ චන්ද්‍රයා-යයි බැසා

මා හද --- ශෝකයේ

අඳුරෙහි ලා මෙද"


ලතා ආච්චිත් මාත් ප්‍රිය කරන මේ ගීය අහංකාර ස්ත්‍රී චිත්‍රපටයෙයි වන්නේ, පද මාලාවේ හියුගෝ ප්‍රනාන්දු මාස්ටර්ගේ සංගීතය ආර්. මුත්තුසාමි මාස්ටර්ගේ


ඉතින් ඔබේ ගීත ගැනත් කියන්නකො


ඇත්තෙන්ම මේවා ගොඩක් මා ලියා තනු දැමීම ඒවා. ඒවා පැරණියි. රසිකයන්ට අහසට පොළොව වගේ පේන්න පුළුවන්. නමුත් ආච්චි අම්මා නිතරම මාව දිරිමත් කිරීම නිසා ලියැවුණු ගීතයි. අනාගතයේදී මෙම ගීතාවලිය එකින් එක ජනගත කිරීම මගේ පැතුමයි.


"මුතු කදුළු කඩා මාලුගොතා ඔබ සරසන්නම් " නම් ගීතය ලියා දුන්නේ බන්දුල නානායක්කාර වසමි. "ප්‍රාර්ථනා පහන් තරුව අසන්නේ ආදරයේ පහන් සිළුව දැල්වෙන්නේ '' මේක කැලුම් ශිමාල් ගේ රචනයක්.


'“ප්‍රාර්ථනා පහන් තරුව '' ගීතය සංගීවත් කළේ මගේ තාත්තා අනික් සියලුම ගීවල සංගීතය මගෙමයි. රශ්මික ඩාවල ලියූ "ලොව සුසුම් මියෙන හන්දෑ යාමේ ඉගලින් වැටෙන ගොම්මන් යාමේ '' ගීතත් කැපී පෙනෙනවා. ඒ වගේම තමයි නාමල් ජයසිංහ ගතු ''වෑහෙන ආශා - මායාවකි දේවතාවියේ - නුඹ වසන්ත කාලේ මැව් '' ගීතය.


මටත් ගීත ලියන්න මුල් කාලයේදී බොහොම අසීරු වුණා. ඒත් සුන්දර ගී කිහිපයක් අන්තිමේදී සංගීතය තුළින් දොරට වැඩියා. "වාලුකා කතර මැද තනි වෙලා - නිමක් නැති සිහිනයේ ගයන්නා." "හුස්ම බිඳක් පපු කුහරේ සිරවී කදුළු නැතිව පියවුණු නෙත් පියවී වැනි.


ඉතින් මේවා ඔබේ අත්දැකීම්ද?


ඒ ප්‍රශ්නයට නම් උත්තර මා ළග නැහැ. ඒත් ප්‍රේමණීය ගීත වගේම විරහ ගීත ලියන්නත් අපට සිදු වෙනවානෙ. තිසර බණ්ඩාර කිව්වේ පොඩි දුකක් හිතේ දරාගෙන දෝ කියලා මට හිතුණා.


ඔහු කීබෝඩය ළං කරගෙන මෙහෙම ගයනන්වා.


"එක හුස්මක උණුහුම ලබන්න 

මගෙ දෙකොපුල් අයදිනවා 

ඔය නළලත සිප සනසන්නට 

දෙතොළඟ අද ළතැවෙනවා"


ඊටම සරිලන ගේය පද පෙලක් නාමල් ජයසිංහ ලස්සනට ගොතා තිබේනවා.


"කඳුළු සාගරේක නැහැවී

නිදහසේ වෙළී

මතක ආකරේක පාවී පියාඹන හැටි”


තිසර බණ්ඩාරයන්ගේ මාලබේ කහන්තොට පාරේ නිවසින් සමුගෙන යන්නට පෙර මං මෙහෙම් ඇහුවා.


කවදද ඔබේ ගීත අපට අහන්න ලැබෙන්නේ?


ආච්චි අම්මාගේ '' රැජින මමයි අපේ රාජ්ජේ " ප්‍රසංගය අවසාන වරට කළේ පසුගිය නොවැම්බර් මාසයේදී ඇයගෙන් පසු මා හා යුගගීත ගයන්න කවුරුත් නෑ. ඉතින් යළිත් එවන් ප්‍රසංගයක් වන වික හීනයක්, හැබැයි මගේම ගීත ඇතුළත් ඇල්බමයක් මේ වසරේ අග ජනගත කිරීමට අදහස් කරනවා. දැනට ගීත 14ක් යූ ටියුබ් නාලිකාවේ පෙන්වනවා. සීයා සහ ආච්චි අම්මාගේ ආශිර්වාදය මගේ ඉදිරි ගමනට ලැඛෙන බව නම් විශ්වාසයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post