අපි ගොඩක් අවස්ථාවල දකින්නේ නිර්මාණයක ප්‍රධාන චරිතවලට ලැබෙන ප්‍රසිද්ධියයි. සමහර අවස්ථා උදාවෙනවා ප්‍රධාන චරිත තරම්ම සෙසු චරිතත් ප්‍රේක්ෂක ආදරයට හිමිකම් කියන. මේ දිනවල ස්වර්ණවාහිනී ටෙලි තිරයේ විකාශනය වන ජහුටාහි දුමින්දගේ චරිතයත් එලෙස ඉස්මතු වී පෙනුණ අප්‍රධාන චරිතයක්. මේ දුමින්දට පණ දෙන ධම්මික සම්පත් ඛණ්ඩිහෙට්ටිගේ සමඟ කළ කතාබහයි.
රංගනයට ගායනයට සහ වාදනයට දක්ෂයකු වන ඔහුගේ වත්මන් කලා කටයුතු ගැන ඇසුවෙමු.
"මේ දිනවල පුංචි තිරයේ වගේම රිදී තිරයේත් නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා. ඒවායේ රූගත කිරීම එක්ක තමයි කාලය ගෙවුණේ. ඊට අතරව එළිමහන් සංගීත ප්‍රසංගවලටත් සම්බන්ධ වෙනවා. දේදුනු පාලම ටෙලි නිර්මාණයත් සමග පුංචි තිරයට එක් වෙමින් ටිකෙන් ටික හිමි හිමින් ඉදිරියට ආ ධම්මිකගේ කලා ගමන ජහුටාහි දුමින්ද කියන වර්තය නිසා ලොකු හැරවුම් ලක්ෂ්‍යයකට පත්වෙමින් තිබෙන බවක් දකින්න ලැබෙනවා.
දි. ග. සෝමපාල මහතාගේ දේදුනු පාලමෙන් තමයි මගේ ටෙලි තිරයේ ආරම්භය සනිටුහන් කරන්නේ. ජහුටා ටෙලි නාට්‍යය නිසා මේ දිනවල ලැබෙන ප්‍රතිචාර වලට සද්ධා මංගල සූර්ය ධණ්ඩාර මහත්මයාට තමයි ස්තුතිවන්ත වෙන්න ඕන. මම එයාගේ නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලා තියෙනවා. මේ ක ක්ෂේත්‍රය ඇතුළේ එකම චරිතයකට නළු නිළියෝ කොටු වෙන අවස්ථා නිතර දකින්න ලැබුණත් සද්ධා අයියාගේ නිර්මාණවල ඒ විදිහේ කොටු වීමක් නැහැ. අපේ විවිධ හැකියා තේරුම් අරගෙන වෙනස් විදියේ චරිත අපෙන් මතු කරන්න උත්සාහ කරනවා. දුමින්ද කියන්නේත් ඒ විදිහට නිර්මාණය වුණු වර්තයක්. ඒ වෙනස මට ආලෝකයක් වෙලා තියෙනවා."
දුමින්ද හරි අපූරුවට දකුණේ භාෂාව හසුරවනවා. ඇත්තටම ධම්මික දකුණට නෑදෑකම් කියන අයෙක්ද?
" මට දකුණු පළාතේ සම්භවයක් නැහැ. ඒ රූගත කිරීම්වලට යනකන්ම මම දැනගෙන හිටියෙත් නැහැ මේ චරිතය ඇතුළේ කතා කරන්න ඕන දකුණේ භාෂාවෙන් කියලා. මම
වගේම මම මීට කලින් මේ විදිහට දකුණේ මුලින්ම ටිකක් ෂොක් වුණා. ගොඩක් භාෂා ව්‍යවහාරයන් භාවිත කරපු චරිත කරලා තිබුණත් නැහැ. රූගත කිරීම් වලට යනකන්ම මම දැනගෙන හිටියෙත් නැහැ මේ චරිතය ඇතුළේ කතා කරන්න ඕන දකුණේ භාෂාවෙන් කියලා, මම මුලින්ම ටිකක් ෂොක් වුණා. ගොඩක්
ලොකු ඩයලොග් තිබුණා, ඒ වගේම ඒ කතාක ඇතුළේ ඒ රිද්මය පවත්වගෙන ඒ ඩයලොග් මතක තියා ගන්න එක ලොකු අභියෝගයක් කියලා මට හිතුණා. නමුත් අධ්‍යක්ෂවරයාගේ විශිෂ්ටත්වයත්, සහෝදර ශිල්පීන්ගේ සහායත්, මගේ උනන් දුවක් නිසා මම ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා කියලා මම හිතනවා." දුමින්දට ලැබෙන ප්‍රේක්ෂක ආදරය නම් හරිම ඉහළ බව ප්‍රේක්ෂකයා විවිධ මාධ්‍ය වලට දක්වන ප්‍රතිචාර සහ ඒ අයගේ හැසිරීම් සමග තේරුම් ගන්න පුළුවන්.
" ප්‍රතිචාර ගැන ගොඩක් සතුටුයි. සද්ධා අයියත් මට කීවා ගොඩ කාලෙකට පස්සේ තමයි මේ වගේ චරිතයකට මෙතරම් ප්‍රතිචාර ලැබෙන්න ගත්තේ කියලා. මේ චර්තය ඒ තරම් ඉදිරියක් දැකලා ලියපු චරිතයක් නෙවෙයි. නමුත් මිනිස්සු දුමින්ද කියන චරිතය ගොඩක් ආදරයෙන් වැළඳ ගෙන තියෙනවා. හොඳට රස විඳිනවා. මේ චර්තය ඇතුළේ මපු හාස්‍යයක් නැහැ.
ඇත්ත චරිතයක් තියෙන්නේ. නමුත් ඒ චරිත ස්වභාවය එක්ක නයි ඒ හාස්‍යය ගොඩ් නැගෙන්නේ. ඒ වර්තය නිසා තමන්ගේ ආතතිය නිවා ගන්නා ප්‍රේක්ෂකයෝ පිරිසක් ඉන්නවා කියලා මම දන්නවා. ඒ නිසාම ඒ ගැන මටත් ගොඩක් සතුටුයි"
ධම්මික රංගනයට මෙන්ම ගායන වාදන කටයුතු වලටත් තම කලා ජීවිතයෙන් ඉඩකඩ වෙන් කළ අයෙක්. මේ ගායන - වාදන - රංගන කලා කුසලතා, ඒ හැකියා, කුඩා කල පටන්ම තමන් ප්‍රගුණ කළ නිසා ලද බවත්, කලාවට එන්නට මූලික අඩිතාලම පාසල් වේදිකාව බවත් මේ කතාබහේදී අපට දැන ගන්න ලැබුණා.
" ගොඩක් අය මට කියන්නේ මම මල්ටි බැරල් එකක් කියලා, මම වෙලාවක ගායකයෙක්. තවත් වෙලාවක වාදකයෙක්. නැත්තම් ශිල්පියෙක්. ඇත්තම අංශයකට කොටු වෙලා වැඩ කරන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒ නිසා මගේ දක්ෂතා අනුව මම ඒ ඒක්ෂේත්‍රවල වැඩ කරනවා. මම පාසල් කාලයේදී තමයි මුලින්ම කලාවට සම්බන්ධ වුණේ. එතනදී මම මුලින්ම සංගීතය පැත්තටයි යොමු වුණේ. මම 1993-94 වගේ කාලෙදි සංගීත කණ්ඩායම්වල ගායන වාදන කටයුතුවලට එකතුවෙලා වැඩ කටයුතු කළා. පසුකාලීනව 2006 වසර වගේ වෙන කොට නමයි මු රූපවාහිනී තිරයේ රංගන ශිල්පියෙක් විදිහට වැඩ කටයුතු ආරම්භ කළේ. නමුත් මම ඒ හැමදේම කලින් පාසල් වේදිකාවේදී තමයි මගේ කලා කුසලතා ඔනංවා ගත්තේ "
ඕනෑම රංගන ශිල්පියෙකුගේ හීනය රිදී තිරයයි. ධම්මිකත් ඒ සිහිනයත් සැබෑවක් කර ගත් අයෙක්. ඔහු මේ වසරේත් සිනමා පට තුනකට රංගන දායකත්වය ලබා දී තියෙනවා.
"මිල්ටන් මල්ලවාරච්චි මහතා ගැන කෙරුණු අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයක් වන “ එදා රෑ සහ ලලිත් වණා රාජපක්ෂගේ "විසේකාර්’ යන සිනමා පට දෙකෙහි රූගත කිරීම් වලට සම්බන්ධ වුණා. ඒ වගේම මගේ ගුරුවරයා වන ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ අධ්‍යක්ෂණයක් වු සමහරු සහ සමාගම සිනමා පටයේත් වැඩ කළා."
පාසල් වේදිකාවේ රංගන හැකියාව ඉදිරිපත් කරන කාලයේ රංගන ශිල්පියෙකු වෙන සිහිනය තිබුණාද යන ප්‍රශ්නය නැගු විට ඔහුගෙන් ලැබුණු පිළිතුර වෙනස්ම එකකි.
"කැමරාවක් ඉදිරියේ, තිරයක් ඉදිරියේ නළුවෙක් වෙන්න අදහසක් තිබුණේ නැහැ. අපේ හිතේම තිබුණා අපි ලස්සන නැහැ කියලා අදහසක්. ලස්සන රූපයක් නැති නිසා නළුවෙක් වෙන හීනේ ලොකුවට තිබුණේ නැහැ. පොඩි කාලේ ඉඳන්ම කලාවට ළැදියාවක් තිබුණා. අපිම පාසලේදී තිර පිටපත් ලියාගෙන නට්‍ය රඟපාපු අතීතයක් තිබුණා. මම පාසල් තුනකට ගියත් ඒ එකකදිවත් අපේ කලා හැකියාව අඳුනාගත් ගුරුවරු ලැබුණේ නැහැ. එහෙම අදුනා ගත්තා නම් මීට කලින් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න තිබුණා. අද වෙන කොට මීට වඩා ඉදිරියෙන් ඉන්න තිබුණා. නමුත් ජීවිතය එහෙම තමයි. ඉතින් දැන් මම මේ ඉන්න තැන ගැන මට සතුටුයි."
කතාබහ අවසන් කිරීමට පෙරාතුව මට දැනගත යුතුව තිබුණේ කලා ජීවිතයේ ඔහුගේ ඉදිරි බලාපොරොත්තු යි.
" අපි කලාවට එන්නෙම මිනිසුන්ගෙන් ලැබෙන ඒ ආදරයට තියෙන ලෝකම නිසාමයි. ඒ ලැබෙන ආදරේ අපිට ආශීර්වාදයක්. මෙතනට එන්න ටිකක් පරක්කු වුණා මේ තියන සිස්ටම් එකත් එක්ක. මෙතන ඉක්මනින් ඉදිරියට යන්න නම් වෙනත් වෙනත් ක්‍රමවල යන්න ඕන, පඬුරු පාක්කුඩම් ලැබෙන්න ඕන ඒ ඒ අයට එහෙම නැති වුණාම අපිව දැන හෝ නොදැන කැපෙන අවස්ථා වැඩියි. නමුත් හැකියාව තියෙන කෙනා කොහොම හරි ඉදිරියට එනවා. ඉතින් ඉදිරියටත් දක්ෂතාවෙන්ම කලාවේ රැඳී ඉන්න බලාපොරොත්තු වනවා.