අවුරුදු කුමාරියක් වී කලාවට පැමිණීමේ බලාපොරොත්තුව ඉටුවුණා -සංජානා ගමආරච්චි

gossiplanka image 1
 


මේ දවස්වල රූමත් තරුණියන්, කඩවසම් තරුණයන් වේදිකා මත තම සුන්දරත්වය, ශක්ති සම්පන්න බව වගේම හැකියාවන් ඉදිරිපත් කරමින් අවුරුදු කුමාර කුමරියන් වෙන්නට තරග වදිනවා. මෙවැනි තරඟ කලාවට අලුත් මැණික් කැට එකතු කරන හොඳ අවස්ථාක්. මේ වෙනව්ටත් මෙවැනි තරඟ හරහා කලාවට එක් වූ ගොඩක් මැණික් කලාව තුළ ඔපමට්ටම් වෙමින් වටිනාකම් වැඩි දියුණු කර ගනිමින් සිටිනු අපි දකිනවා. අලුත් අවුරුද්ද එක්ක කරළියට එන මේ තරග නිසාම මෙවර සැදැල්ලෙන් අපි ඉඩකඩ වෙන් කළේත් එවැනි ජයග්‍රාහිකාවක වෙමින් කලාවට එක්වූ තරුවක් සමග දොඩමලු වෙන්නටයි. ඇය නමින් සංජානා ගමආරච්චියි.


 අවුරුදු කුමරියක ලෙස අබිසෙස් ලබමින් ඇය කලාවට සමීප වූ ආකාරය ගැන විමසමින්ම අපි කතාබහ ආරම්භ කළෙමු.


මම මුලින්ම අවුරුදු කුමාර්ය තරගයකට සම්බන්ධ වෙන්නේ 2018 වර්ෂයේදී. ඒ හිරු ටෙලි නාළිකාවේ පැවති තරගයෙන්. එතනදි මට අවසන් 12 දෙනා අතරට එන්න විතරයි අවස්ථාව ලැබුණේ ඉන් පසුව මු0 2019 වර්ෂයේදීත් නැවත අවුරුදු කුරියක් විදිහට තරග වදිනවා දෙරණ නාළිකාවේ. එම තරගයෙන් මට තුන්වන ස්ථානය හිමිකර ගන්න වාසනාව ලැබෙනවා. ඒ ජයග්‍රහණයත් එක්ක තමයි මට කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැඛෙන්නේ.


මේ තරගවලට සම්බන්ධ වෙන ගොඩක් තරුණ තරුණයන්ට විවිධාකාරයේ හීන - බලාපොරොත්තු තියෙන්න පුළුවන්. සංජානාත් මේ වෙනුවෙන් ඉදිර්පත් වෙන්නේ ගමනක් ගැන බලාපොරොත්තු දල්වාගෙන.


"මට තේරුමක් තියෙන කාලයේ ඉදන්ම මට තිබුණේ රංගන ශිල්පිනියක් වෙන සිහිනය. ඉතින් මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැති නිසා මම හිතුවා අවුරුදු කුමර කුමරිය තරගයකට සම්බන්ධ වුණොත් ඒ අවස්ථාව උදාකරගන්න පහසුවෙයි කියලා. ඒ නිසා මගේම අරමුණ වෙනුවෙන් මුල්ම අඩිය තියන බලාපොරොත්තුවෙන් තමයි මේ තරගවලට සම්බන්ධ වුණේ. නමුත් තරගයට සම්බන්ධ වෙන කොට මම මේ තරම් දුරක් එන්න පුළුවන් වෙයි කියලාවත් නිළියක් විදිහට මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබෙයි කියලවත් හිතුවේ නැහැ. හැබැයි දැන් ඒ ලැබෙන ආදරේට ලොකුම හේතුව ඒ තරගයට සමබන්ධ වීම."


සංජානාගේ මේ කතාව ඇතුළේ ඇගේ ලොකුම ශක්තිය - හයිය ඇයමයි. කලාවේ නමක් රන්දන තරුවක් වීම, කෙදිනක හෝ තමන් ටෙලි තිරය තුළ දැකීමේ ආශාව තමා තුළ තිබූ එකම පැතුමයි. "මගේ තනි කැමැත්තට තමයි මම මේ කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම තමයි මම අවුරුදු කුමරිය තරගයට සම්බන්ධ වෙන කොටත් මගේ අම්මිවත්, තාත්තිවත් ඒ කටයුත්තට කැමැත්ත දීලා තිබුණේ නැහැ. මගේ පවුලේ ගොඩක් අය හිටියේ ආරක්ෂක අංශයේ රුකියා කරන අය. ඒ නිසා ඒ අයගේ කැමැත්ත ගන්න එක පහසු වුණේ නැහැ. නමුත් මට ලොකු අධිෂ්ඨානයක් තිබුණා ඒ තරගයට සම්බන්ධ වෙනවා කියලා. ඒ කැමැත්ත නිසාමි පසු කාලීනව මගේ අම්මා මම වෙනුවෙන් හැම දේකටම උදව් කළා."


 මේ තරග අවස්ථා දෙකෙන්ම සංජානාට ලොකු අත්දැකීම් ගොන්නක් ලබා

ගන්න අවස්ථාව ලැබෙන්න ඇති?


හිටියා. විවිධ දක්ෂතා තිබුණු එදා ලොකු පිරිසක් ඒ තරගවලට සහභාගී වෙලා ඉතින් මුල ඉඳන්ම ලොකු තරගයක් තිබුණා. තරගය ඇතුළේ වට කිහිපයක්ම තිබුණා, ඒ හැම් වටයක්ම තරඟකාරී වගේම ගොඩක් අත්දැකීම එකතු කරගන්න පුළුවන් හොඳ අවස්ථාවක් වුණා.”

මුල් කාලයේ මොනයම් බාධා තිබුණත් දැන් ඇය ඇගේ පවුලට වටිනා සම්පතක්. ඒ බව මට හැඟුණේ ඇය කතාබහු ඇතුළේ පිට කළ මේ වචන වලිනි.


"දැන් මම මේ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන වික ගැන පවුලේ අය සතුටු වෙනවා. මුල් කාලේදී මාව එතනින් අයින් කරන්න හෝ කනු කටයුතුවලට යන්න දෙන්න එපා කියලා මගේ අම්මට කියපු මගේම පවුලේ අය දැන් එයාලගේ විශේෂ දේවලට මාව සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. ඒකෙන් කියවෙන්නේ අද මම ඉන්න තැන ගැන ඒ අයත් ආඩම්බර වෙනවා කියන දේයි. ඉතින් දැන් ඒ අයත් සතුටින් මමත් සතුටින්."


අවුරුදු කුමරිය වීමත් සමගම කලාවට අවතීර්ණ වෙන්න අවස්ථාව ලැබීමත් වාසනාවක්, සංජානාත් එවැනි වාසනාවන්තියක්,


"මම දෙරණ අවුරුදු කුම්රිය තෙවන ස්ථානය දිනා ගන්නවත් එක්කම මට ස්වාධීන රූපවාහිනීයේ 'ජීවිතේ ඇති තුරා' කියන ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. එතැනදී මට ලැබෙන්නේ ප්‍රධාන චරිතය. ඒක තමයි මගේ පළමු නිර්මාණය වෙන්නේ. ඉතින් පළමු නිර්මාණයෙන්ම ප්‍රධාන භූමිකාව හිමිවීමත් වාසනාවක් මට එදා දැනුණා."

අවුරුදු කුමර්යක ලෙස අභිෂේක කරවා ඒ සමගම් ටෙලි තිරයේ ප්‍රධාන භූමිකාවක් සමඟ ටෙලි නිර්මාණයකටද වරම් හිමිවී ජීවිතය තමන් හීන දුටු මානය දක්වා වෙනස් වෙද්දී ඒ වෙනස සංජානාට ලොකු සතුටක් විදිහට දැනෙන්න ඇති. "පොඩි කාලේ පටන් නිළියක් වෙන්න තිබුණු ආශාව මේ විදිහට සැබෑවක් වෙන්න මම තෝරගත්ත ඒ පාර ලොකු හයියක් වුණ එක ගැන ලොකු සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. මේ කලා ක්ෂේත්‍රය කියන්නේ ලොකු පඩිපෙල දහයක් නම් මම ඒකෙන් තාම නැගලා තියෙන්නේ එක පඩියක් වෙන්න පුළුවන්, මාව හඳුනන්නේ සුළු පිරිසක් වෙන්නත් පුළුවන්, නමුත් ඒ නැගපු එකම් පඩිය ගැනත් මම කතා කරන්නේ හර්ම සතුවෙන්, සංජානා වෘත්තිමය උපගන ශිල්පිනියක් වගේම ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියැළෙන තරුණ ව්‍යාපාරිකාවක්. ඒ ගැනත් කතාබහ කරන්නට අප අමතක කළේ නැත.


"මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකම රගත කිම් සිදුවෙනවා. ඒ දේවල් තමයි කලාව පැත්තෙන් සිද්ධ වෙන්නේ, ඊට අමතරව මට ව්‍යාපාර කිහිපයක් තියෙනවා. ඉතින් ඒ දේවලුත් කලා වැඩකටයුතුවලට බාධාවක් නොවෙන්න කරගෙන යනවා.


තමන් වගේම තනිව තම හීන පසුපස යන තරුණ තරුණියන්ට ඇය ලොකු පාඩමක් කියාදෙනවා.


"අපි කරන දේ හර් නම්, හොඳ ආධිෂ්ඨානයක් තියෙනවා නම්, හීනයක් දකිනවා නම්, ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනම ගෑනු ළමයෙකුට පුළුවන් වෙන්න ඕන, ඒ වගේම ඒ හීනේ දිනා ගන්න ශක්තිමත්ව ඉන්නවා නම් අනිවාර්යයෙන් ලස්සන අනාගතයක් උදාවෙනවා. ඒක විශ්වාසයි. "

ඇය කලාව දකින්නේ ගොඩක් ලස්සන තැනක් විදිහටයි. ඒ ලස්සන තැන තම රැකියාව රඳා පැවතීම ගැන ඇය කතා කළේ සතුටින්. ඉතින් ඇගේ බලාපොරොත්තුව ඒ ලස්සන තැන දිගටම රුඳෙන්නයි.


"රූගත කළ සිනමා පටයක් විකාශනය වෙන්න තියෙනවා ඒ දේවල් එක්ක කලාවෙන්ම ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.'' ඒ ඇගේ පැතුමයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post