මේ ගතවෙන්නෙ බක් මහේ අසිරිය ගැන කතාවෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලය. අවුරුද්ද ගැන කතා කරනකොට අවුරුදු කුමාරයත් නිසගයෙන්ම අපේ මතකෙට එනවා. ඉතින් අද අපේ පිටුව වෙන්වුණේ කඩවසම් සහ දක්ෂ යන ගුණාංග දෙකෙන්ම අගතැන්පත් අවුරුදු කුමාරයෙක් වෙනුවෙන්. මේ නිකන්ම 'නිකනි අවුරුදු කුමාරයෙක් නෙවෙයි. දැන් ලංකාවෙම ප්‍රසිද්ධ ගණිත ගුරුවරයෙක්, ප්‍රේක්ෂකයෝ වැඩි පිරිසක් නම් මුලින්ම ඔහු හදුනගන්නෙ දෙවෙනි ඉනිමේ රදිශ් විදිහටයි. මේ විදිහට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට ආපු ඔහු තමයි ඉෂාර මධුශාන්, අද මේ පිටුවෙ ඉඩ වෙන්වෙන්නෙ ඔහු සදහායි.
රඉෂාර කොහොමද අලුත් අවුරුද්දට සූදානම?
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද පිළිගන්න සතුටින් සූදානම් වෙන ගමන් ඉන්නේ. ඉතින් අපේ ගෙවල් වලිත් මේ දවස්වල අවුරුද්දට ලෑස්ති වෙනවා.
අලුත් අවුරුදු කාලය ගැන කතා කරනකොට අමතක කරන්න බැරිම කාරණයක් තමයි ඔබ අවුරුදු කුමාරයා බවට පත්වීම. මේ ගැන මතකය අවදී කළොත්?
මම අවුරුදු කුමාරයා වුණේ 2019 වසරේ. ඒ හිරු ටී.වී අවුරුදු කුමාරයා විදිහට. කැම්පස් එකේ ඉන්න ගමන් තමයි තරගෙට අයැදුම් කළේ. ඒ අවස්ථාව මගෙ ජීවිතේ ලොකු සන්ධිස්ථානයක් කිව්වොත් හර්. ඒ කාලෙ හර්ම සුන්දර කාලයක්. මතක ගොඩක් ජීවිතේට එකතු කරපු සහ අලුත් අත්දැකීම් වගේම මේ කලා ක්ෂේත්‍රය තුළත් ඇඳුනුම්කම් ගොඩක් වර්ධනය කරගන්න උපකාර වුණු හොඳ කාලයක් ඒක. ඒ වගේම ඒ වේදිකාව මගේ විවිධ වූ දක්ෂතා එළියට ගේන්නත් හොඳ අවස්ථාවක් වුණා.
කවුද තරගයට අයැදුම් කරන්න ඔබ උණන්දු කළේ?
මිපි ඉගෙනගත්තෙ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ. කැම්පස් ජීවිතේ මට හොඳ යාළුවෝ ටිකක් හිටියා. ඔවුන් නිතරම කිව්වා අවුරුදු කුමාරයෙකුට ගැළපෙන රූපයක් උඹට තියෙන්නෙ. ඒ නිසා තරගෙට ඉදිරිපත් වෙමු කියලා. එයාලාට තමයි ගොඩක්ම ඕනෙ වුණේ මාව මේ තරගෙට යොමු කරවන්න. එයාලා තමයි හිරු අවුරුදු කුමාරයා තරගෙට මගෙ අයැදුම්පත යොමු කළෙත්.
ප්‍රකොහොමද තරගෙදි ලැබුණු අත්දැකීම්?
මම මීට කලින් මේ වගේ තරගෙකට සම්බන්ධ වෙලා තිබුණෙ නැහැනෙ. ඉතින් හොඳ අත්දැකීමක් වුණා ජීවිතේට ඒ වගේම අලුත්ම කට්ටියක් ආශ්‍රය කරන්න ලැබීම, අලුත් යාළුවො කොටසක් හමුවීම අලුත් අත්දැකීම් විශාල ප්‍රමාණයක් ජීවිතේට එකතු කළා කිව්වොත් හර්.
මේ තරගයට සම්බන්ධ වීම නිසා ඔබේ ජීවිතයෙහි වෙනසක් ඇති වුණා කියලා කිව්වොත් නිවැරදිද?
කලාව පැත්තෙන් නම් යම් ප්‍රමාණයකට වෙනසක් ඇති කළා කිව්වොත් ඇත්තටම හර්. ඒ වගේම ඒක නිසා ලැබුණු ප්‍රසිද්ධියත් මගෙ අනෙකුත් වැඩවලට ලොකු උදව්වක් වුණා මාව ජනතාව, ප්‍රේක්ෂකයන් හඳුණා ගත්තේ මේ මුලින්ම අවුරුදු කුමාරයා වෙලා ආරම්භ කරපු ගමනෙන් නිසා, මේක මගේ ජීවිතේ එක්තරා අංශයකට හැරවුම් ලක්ෂ්‍යයක් වුණා
කිව්වොත් හරි.
මේ දිනවල කලාවට සම්බන්ධ වැඩකටයුතු කොහොමද වෙන්නෙ?
මම රංගන ක්ෂේත්‍රය පැත්තෙන් නම් සම්බන්ධ වුණේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයට විතරයි. මම පූර්ණ වශයෙන් මගෙ අවධානය යොමු කරලා තියෙන්නෙ දැනට ටියුශන් ක්ලාස් වලට නිසා. හැබැයි ඉස්සරහට ෆිල්ම් එකක් ප්‍රඩියුස් කරන්නත් ලාපොරොත්තුවක් තියෙනවා. ඒකෙ රගපාන්නත් බලාපොරොත්තුවක් තියෙන්වා. ඉදිරියේදී බලමු ඒක ඉෂ්ට කරගන්නත්,
ගුරුවරයකු වශයෙන් ගෙවන ජීවිතේ ගැන කතා කළොත් ?
මම කරන්නෙ ඔන්ලයින් ක්ලාසස් විතරයි. දැනට ළමයි 2000කට වැඩි පිරිසක් මගෙන් ඉගෙන ගන්නවා. ඒ වගේම රට පුරාම ඉන්න ළමයි මගේ ක්ලාසස් වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ටියුෂන් වැඩටික හොඳට කෙරෙමින් තියෙනවා ඉතින්. මෙච්චර ළමයි ප්‍රමාණයකට උගන්වන්න ලැබීම ගැන තියෙන්නේ නිහතමානි සතුටක්.
2019 හිරු ටීවී අවුරුදු කුමාරයා වීම වගේම දෙවනි ඉනිම ටෙලිනාට්‍යයත් ඔබේ ප්‍රසිද්ධියට බලපෑවා. ඒ වගේම ටියුශන් ජීවිතයටත් මේ ප්‍රසිද්ධිය බලපෑවා ද?
ඇත්තටම පන්ති ආරම්භයේදී මේ ප්‍රසිද්ධිය ගොඩක් උදව් වුණා, ක්ලාස් එක ළමයි අතරට ගෙනියන්න. ගොඩක් ළමයි මුලදි මාව අඳුනගත්තෙ දෙවෙනි ඉනිමේ රගපාපු නිසා, දැන් වෙනකොට මම වැඩිය රංගන කටයුතුවල නියැළෙන්නෙත් නැති නිසා ගුරුවරයෙක් විදිහට තමයි ළමයි අතර ප්‍රසිද්ධියට වෙලා තියෙන්නෙ, ඒ නිසා ක්ලාසස් ආරම්භයේදී නම් මේ ලැබුණු ප්‍රසිද්ධිය ගොඩක් උදව් වුස්සා කියලා කිව්වොත් මම හරි,
රංගන ක්ෂේත්‍රය පැත්තෙන් ඉදිරියට එන්න බලාපොරොත්තුවක් තියෙනවද? නැත්නම් දිගටම ටියුශන් කරන්නද බලාපොරොත්තුව ?
දැන්නම් තියෙන්නෙ. දිගටම ක්ලාසස්වලින් ඉස්සරහට යන බලාපොරොත්තුවක් තමයි. මේ වෙනකොට ටිකක් ලොකු පරිමාණයකින් තමයි ක්ලාසස් කරගෙන යන්නෙ. ස්ටාෆ් මෙම්බර්ස්ටත් අනුවක් විතර ඉන්නවා. ඉතින් පොඩි කම්පැනි එකක් වගේ තමයි කටයුතු කෙරෙන්නෙ, මේ විදිහට මගේම දෙයක් කරන්න ලැබුණු නිසා ක්ලාසස්වලින් ඉස්සරහට යන එක තමයි බලාපොරොත්තුව, ප්‍රකාර්යබහුල ජීවිතයක් ගෙවන ඔබට
පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මතක් කරමු.
ඇත්තටම පවුලෙ අයගෙන් හොඳ සහ ලොකු සහයෝගයක් ලැඛෙනවා. මට ඉන්නෙ අයියලා දෙන්නෙක් සහ අක්කා කෙනෙක් ලොකු අයියා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දැන් ව්‍යාපාර කරනවා. පොඩි අයියා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තේ සහ දැන් පදිංචිව ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ. එයාලා එයාලගේ වැඩත් කරගන්න ගමන් මටත් පුළුවන් විදිහට හොඳ සහයෝගයක් දෙනවා.