ධර්ම යුද්ධය සිනමා පටයේ පවුලේ හුරතල් බඩ පිස්සිය ලෙස රංගනයෙන් දායක වන විනුමි වන්සඳි එදා පුංචි පැටික්කියකි. ඇය දැන් සුන්දර යෞවනියකි. අපි ඇය හා දොඩමලු වුණෙමු.
ඉතින් විනුමි කියන්නකො බලන්න, මේ දෙබස ඇතුළත් වුණ ජවනිකාව ගැන විස්තරයක් ?
ධර්ම යුද්ධය චිත්‍රපටයේ මේ ජවනිකාව එන්නේ අපේ ගෙදරට පොලිසියෙන් ආවට පස්සේ, අක්කගෙ හිතේ ඇතිවන චංචල භාවය නිසා තමයි ආයෙත් මේ විදිහට අසනීප වෙන්නේ. ඇත්තම කිව්වොත් මේ ජවනිකාව මගේ හිතේ ලොකු සසල වීමක් ඇති කරපු අවස්ථාවක්. මේ වෙලාවේ මට ඇඬෙන්නෙත් ඇත්තටමයි. ග්ලිසරීන් පාවිච්චි කළෙත් නැහැ. රූපගත කරලා ටික වෙලාවක් යනකම් මං හිටියෙත් ෂොක් වෙලා" ඇය පවසයි.
කොහොමද ධර්ම යුද්ධයට සිනමා පටයට සම්බන්ධ වුණේ?
මං අවුරුදු හයේ විතර ඉඳලා සිරස කිඩ්ස් ෆස්ට් වැඩ සටහනේ ප්‍රධාන නිවේදිකාව. අවුරුදු දහයක් විතර වැඩසටහන කළා. සිරසෙන් ම තමයි මට ආරාධනා කළේ ධර්ම යුද්ධය චිත්‍රපටයේ පළමු කොටසේ රඟපාන්න. ගිහාන් රංග බණ්ඩාර මාමා මට කතා කළේ. ඒ වෙනකොට මං හෝ ගානා පොකුණ චිත්‍රපටයෙත් රඟපාලා තිබුණා.ධර්ම යුද්ධය 2 රඟපාන්න නම් මට කතා කළේ ධර්ම ශ්‍රී මාමා.
ධර්ම යුද්ධය කියලා කියන්නේ පීතෘ සෙනෙහස මූලික කරගත් චිත්‍රපටයක්. පළමු චිත්‍රපටයේ පීතෘ සෙනෙහස ඔබට අහිමිවෙනවා.ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම් ජැක්සන් මාමා කියන්නේ මට අමතක කරන්න බැරි කෙනෙක්. ක්ෂේත්‍රයේ බහුශ්‍රැතයෙක්, විශිෂ්ට රංගධරයෙක් වුණාට, මාමා සාමාන්‍ය ජීවිතයේ දී හර්ම සුන්දර සරල පුද්ගලයෙක්. මා මාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. එයා නොදන්න දෙයක් නැහැ. ටිකක් වෙනස් විදියක ගහක් දැක්කත්, ඒක ගැනත් ගොඩක් දේවල් කියන්න එයාට තියෙනවා. දෙවන චිත්‍රපටිය කරද්දි මාමා අපි හැමෝටම මතක් වුණා. ජැක්සන් මාමා දිල්හානි නැන්දා, තිසූ අක්කා එක්ක ගෙවුණු සුන්දර මතක සටහන් ගොඩක් මට තියෙනවා.
අලුතෙන් ලැබුණු පීතෘ ප්‍රේමය ගැන මොකද හිතෙන්නේ?
"ඒ පීතෘ ප්‍රේමයේත් කිසිම අඩුවක් නැහැ. බිමල් මාමා කොහොමත් හරිම සන්සුන් කෙනෙක් ඒ වගේම ඔහුගේ දක්ෂතාව ගැන කියන්න මං හිතනවා මට හැකියාවක්වත් නෑ කියලා.ඒ තරමට ම ඔහු ප්‍රවීණයෙක්. බිමල් මාමා හැම වෙලාවෙම මාව පරිස්සම් කළා දුවෙක් වගේ. රූගත කරද්දිත් ඊට පස්සේත් එහෙමයි. ඒ වගේම තමයි දිල්හානි නැන්දා, කුසුම් නැන්දා, ආන්ද මාමා. මේ හැමෝමත් මාව ආරක්ෂා කළා. ඒ මතකයන් හමේ සුන්දරයි.
පු රූගත කිරීම් අතර සිද්ධ වුණු අමතක නොවන සිදුවීම් මොනවාද?
සිදුවීම් ගොඩක් තියෙන්නේ ධර්ම යුද්ධය පළමු චිත්‍ර පටියක් එක්ක. ධර්ම යුද්ධය පළමු චිත්‍රපටියට විදේශ නිර්මාණ ශිල්පීන් සම්බන්ධ වෙලා හිටියා, චිත්‍රපටයේ අධ්‍යක්ෂ චෙයියාර් රවී මාමා වගේම කැමරා අධ්‍යක්ෂ සරවනන් මාමා එක්ක වැඩ කරන්න ලැබුණ එකත් මගේ ජීවිතේ අමතක නොවන අත්දැකීමක්, මම නවකයෙක් කියලා කිසිම බලපෑමක් මට එයාලගෙන් තිබුණේ නැහැ. මට එතකොට අවුරුදු දහ හතරක් වගේ. ඒක මට ලොකු පහසුවක් වුණා චිත්‍රපටයේ රඟපාන්න. ඒ වගේ ම එක දර්ශනයක් තියෙනවා අපි හතර දෙනාම මෝටර් සයිකලයක යන, ඇත්තට ම හර්ම අමාරුවෙන් තමයි ඒ දර්ශනය රූපගත කළේ අපි හතර දෙනාට ම ඒකේ යන්න හරි අමාරුයි. දිල්හානි නැන්දා නම් ධම කිව්වා. අන්තිමට බොහොම
හරි, ගත කිරීම ලෑස්ති කරලා ජැක්සන් මාමා බයිසිකලය ස්ටාට් කරලා ඉස්සරහට ගියා. නැන්දා තමයි බයික් එකේ අන්තිමට ඉඳගෙන හිටියේ. ටික දුරක් යනකොට අපිට පේනවා, අපේ ඉස්සරහ හිටපු අය ඔක්කොම අපි ඉන්න දිහාවට දුවගෙන එනවා. මාමා බයික් එක නැවැත්වුවට පස්සෙයි අපි දැක්කේ දිල්හානි නැන්දා බයිසිකලෙන් වැටිලා නැන්දට එදා ටිකක් තුවාල වෙලත් තිබුණා. ඒ වුණත් ඒ ෂොට් එක ඒ විදිහටම ආපහු ගත්තා.ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා ඉතින් කියනව නම්.
ඉතින් කියන්නකො බලන්න නුමිගේ පවුලේ තොරතුරු ටිකක්
මගේ පවුලේ ඉන්නේ අම්මයි අප්පච්චියි, මල්ලි මමයි. අපි පදිංචි වෙලා ඉන්නේ කැලණියේ අප්පච්චි හෝටල් ක්ෂේත්‍රයේ F&B manager කෙනෙක් විදියට වැඩ කරනවා. අම්ම රැකියාවක් කරන්නේ නැ.කැලණිය ධර්මාලෝක විද්‍යාලයේ ඉගෙන ගන්නවා. මම ඉගෙන ගත්තේ කිරිබත්ගොඩ විහාරමහා දේවී බාලිකා විද්‍යාලයෙන්. දැන් මම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඇප්ලයිඩ් ඛයෝ ටෙක්නොලජි උපාධිය හදාරන දෙවන වසරේ සිසුවියක්.
රංගනයෙන් ඉදිරියට යන්න ඔබේ. බලාපොරොත්තුවක් නැද්ද?
මං ඉදිරියට යන්න කැමති මම උපාධිය හදාරන විෂය ක්ෂේත්‍රයෙන්, හැබැයි, රංගනයට මාගේ ලොකු කැමැත්තක් තියෙනවා. ඒකෙන් මං ලොකු ආස්වාදයක් ලබනවා, නමුත් රුකියාව විදිහට රංගනයේ නිරත වෙන්න අදහසක් නෑ. හැබැයි මම රංගනය අත්හරීන්නේ නැහැ, මට ගැළපෙන, මගේ හැකියාව පෙන්නන්න පුළුවන් චරිත ලැබුණොත්, ඉඩක් ලැබෙන විදිහට මං ඒ නිරමාණ වලට දායක වෙනවා.
ධර්ම යුද්ධය තුනත් මග එනවා නේද?මේ කතාවේ අවසානය ඒකද?
බොහෝ දුරට එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඒත් ඒක හරියට ම කියන්න දන්නේ නැහැ. අප්‍රේල් මාසේ දී විතර තමයි ධර්ම යුද්ධය තුන මුදා හැරෙන්නේ, අවසාන බලා ගන්න තව ටික කාලයක් ඉන්න වෙනවා.
ර සවිනියි, සචිනිගේ පවුලේ අයයි. මිනීමැරුමක් කරලා, ඒක සූක්ෂ්ම
විදිහට සඟවාගෙන ඉන්නවා. මේක අසාධාරණයි නේද?මේකට දැඬුවමක් ලැබිය යුතු නැද්ද?
වැරැද්දක් කලොත් දඬුවමක් ලැබෙන්න ඔනේ .නැත්තංඅසාධාරණයි. සිද්ධියේ දී අසාධාරණයට ලක් වුණු කීප දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම මගේ අක්කා. තරුණයෙක්ගේ නොහික්මුණු ක්‍රියාවක් නිසා, එයාට මුළු ජීවිත කාල ම බියෙන් සැකෙන් ජීවත් වෙන්න වෙලා. ඒ වගේම එයා රෝගියෙක් වෙළා. ඒ වගේම මගේ අප්පච්චිගේ මුළු ජීවිතේ ම මේ සිද්ධිය නිසා වෙනස් වුණා. අපි හැමෝගෙම ජීවිතත් ඒ වගේ. ඒ විතරක් නෙමෙයි. ෂේන්ගේ අම්මයි තාත්තයි දෙන්නත් ලොකු අසාධාරණයකට ලක්වුණු දෙන්නෙක්.ඒ දෙන්නට අයිතියක් තියෙනවනේ එයාලාගේ පුතාට වුණ දේ දැනගන්න. සාක්‍ෂි තිබිලත් වැරැද්ද හර්යාකාරව ඔප්පු කරගන්න බැරි වුණු පොලිස් නිලධාරීන්ට වෙලා තියෙන්නෙත් අසාධාරණයක්, සාධාරණයක් වෙනවා නම් මේ හැමෝටම සාධාරණයක් වෙන්න ඕනේ කියලයි මම හිතන්නේ, කෙනෙක්ගෙ ජීවිතයෙන් ගෙවෙන කාලය, කවදාවත් නැවත ගන්න බැහැ. ඒ පණිවිඩය ධර්ම යුද්ධය එක සහ දෙක චිත්‍රපට දෙකේ ම තිබුණා. ඒකයි මට හිතෙන්නේ මේක ආදර්ශවත් චිත්‍රපටියක් කියලා.
ජී පණ වාතරගේ