ඔය අතින් දඩ කොළයක් කෑවත් සැපයි කියනවා - තාරා කළුආරච්චි

gossiplanka image 1
 

සාජන්ට් පුංචිසෝම එක්ක හමුවන තාරා කළුආරච්චිට මේ දිනවල තියෙන්නේ පුදුමාකාර ඉල්ලුමක්. ඒ තරමටම මේ සුන්දර පොලිස් නිලධාරිනිය ප්‍රේක්ෂකයන්ගේ හදවතේ තැන්පත් වෙලා. මේ නිසා අපි තාරාව සම්බන්ධ කරගත්තා.




මේ දවස්වල ජනප්‍රියයි නේද?




මම කොහොමත් මොඩ්ලින්වල ජනප්‍රියයි. හැබැයි මේ දවස්වල සාජන්ට් පුංචිසෝම නිසා වෙනස්ම ආකාරයකට ඒ ජනප්‍රියත්වය ලැබිලා.




චිත්‍රපටය බලන අයගේ ප්‍රතිචාර කොහොමද?




කොල්ලන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හරිම ඉහළයි. පිරිමි ළමයි වාහනේ නතර කරලා ඔය අතින් දඩ කොළයක් කෑවත් සැපයි කියලා කියනවා. පුංචි සෝම නිසා මාර ආතල් එකක් ලැබෙන්නේ.




මේ තාරාගේ කීවැනි චිත්‍රපටයද?




උදයකාන්ත මහතාගේ ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටයට පස්සේ රඟපෑවේ මේ චිත්‍රපටයේ. මීට අමතරව රයිඩර් චිත්‍රපටය රඟපෑවා. ඇත්තටම ඉස්කෝලේ යන කාලේ ඉඳලම උදයකාන්ත මහත්තයාගේ චිත්‍රපටයක රඟපාන්න හීනයක් තිබුණා. දැන් ඒකත් සැබෑ වුණා.




නිළියක් වීම හීනයක්ද?




මුලින්ම කැමැත්තක් තිබුණේ නිරූපිකාවක් වෙන්න. ඒ ආශාව ඉෂ්ට වුණාට පස්සේ නිළියක් වෙන්න කැමැත්තක් ආවා.




පුංචි කාලේ ගැන විස්තර ටිකක් කියමුද?




මම අනුරාධපුරයේ. ඉගෙන ගත්තේ නිවන්තක චේතිය මහා විද්‍යාලයේ. පුංචි කාලේ ඉඳන් හරිම සතුටින් ජීවිතයට මුහුණ දුන්නා.




අනුරාධපුරයේ ඉඳන් මෙච්චර ලොකු ගමනක් එන්න පුළුවන් වෙයි කියලා හිතුවද?




ඇත්තටම අනුරාධපුරේ කියන්නේ රටට විශාල කලාකරුවෝ දායාද කරපු ප්‍රදේශයක්. අපේ ඉස්කෝලේත් හොඳ කලාකරුවෝ සිටියා. ඇත්තටම මට පුළුවන් කියන මතයේ තමයි හිටියේ.




ලංකාවේ වැඩියෙන්ම මනාලියක් ලෙස හැඩවෙලා තිබෙන්නේ ඔබද?




අවුරුදු දහතුනක් බ්‍රයිඩිල් ෂූට්වලට හැඩ වුණා. දහසකට වඩා වැඩි අවස්ථා ගණනක් මනාලියක් ලෙස හැඩ වුණා. දෙවුන්දරතුඩුවේ ඉඳන් පේදුරු තුඩුව දක්වා බ්‍රයිඩල් ෂෝවලට ගිහින් තියෙනවා.




ඇත්තටම මනාලියක් වෙන්නේ කවදාද?




ඇත්තටම මනාලියක් වෙලා ඉවරයි.


ඒ කියන්නේ හොර රහසේම.




නැහැ. මම විවාහ වුණා. දහස් ගණන් අවස්ථාවල මනාලියන්ට හැඩවෙලා සාමාන්‍ය විදිහට බැන්දා. මොකද මගේ විවාහය කියලා බ්‍රයිඩල් එකක් දැම්මොත් කවුරුත් ඒක විශ්වාස කරන්නේ නැති වෙයි. ඇත්තටම මනාලියක් ලෙස හැඩවෙන එක එපා වෙනතරමටම මනාලියන්ට ඇන්ද නිසයි නිහඬව විවාහ වුණේ.




කවුද ඒ වාසනාවන්තයා?




ඔහු පවන් මිනොන්. දක්ෂ ජනප්‍රිය ගායකයෙක්. ඉතා ඉක්මනින් අපි විදෙස්ගත වෙන්නයි ඉන්නේ.




එතකොට ඔබේ කලා ජීවිතය




දැන් හොඳටම ඇති. කලාව වෙනුවෙන් අවුරුදු 13ක් කැප කළා. මගේම කියලා විශ්වාස කරන්න පුළුවන් ආදරයක් මුණ ගැහුණාම මමත් එතනින් නවතින්න ඕන කියලා හිතුණා. ඔහුගේ ආදරය රැකවරණය තමා දැන් මගේ අනාගතය.


ඒ තරමටම ඔහුගේ ආදරය විශ්වාසයි.




වගකීම් ඇති කෙනෙක් ජීවිතේට ලැබෙන්නේ කලාතුරකින්. ඒ තරමටම මට ඒ ආදරේ විශ්වාසයි.




ආයේ රඟපාන්නේ නැද්ද?




බ්‍රයිඩල් කළා. ටෙලිනාට්‍යවල රඟපෑවා. මියුසික් වීඩියෝ කළා. චිත්‍රපට කළා. අනාගතයේ හොඳ නිර්මාණයක් ලැබුණොත් රඟපාන එක ගැන හිතනවා.




අලුතින් එන නිරූපිකාවෝ ගැන මොකද හිතෙන්නේ.




ඒ අය හිතන්නේ එක බ්‍රයිඩල් ෂූට් එකක් කළොත් එයා මොඩල් කියලා. ඊට පස්සේ තමන්ට හොඳ මිලක් හදාගන්නෙත් නැතුව දෙකයි පනහට වැඩ කරනවා. මේ අය තමයි ෆීල්ඩ් එක විනාශ කරන්නේ.




ඔබ නවකයෙක් විදිහට ආපු කාලේ වැඩ කළේ කොහොමද?




මම තෝරා බේරාගෙන වැඩ කළා. මට හොඳ මිලක් හදාගත්තා. ඒ නිසා තමයි අවුරුදු දහතුනක් වැඩ කරන්නේ. රැල්ලට මොඩ්ලින් නොකර වගකීමෙන් කළොත් විතරයි ස්ථාවර වෙන්න පුළුවන්. කවදාවත් මම මගේ වටිනාකම අඩුකරන්නේ නැහැ. 

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post