රයිගම් ටෙලීල්ස් හොදම අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු

gossiplanka image 1
 මෙවර රයිගම් සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත්තේ ප්‍රියන්ත ප්‍රනාන්දුය. ඒ ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශනය වූ "සසංකාරා" ටෙලිනාට්‍යය වෙනුවෙනි. ළඟදීම තවත් අලුත් නිරිමාණයකින් ඔබට සමීප වෙන්නට සූදානම් වන ප්‍රියන්ත හා සදැල්ල කළ කතාබහයි මේ,


සසංකාරා නිර්මාණය වුණේ කොහොමද?


විහි ගෞරවය ඒ නිෂ්පාදන කණ්ඩායමට ලබා දිය යුතු වෙනවා. ඔවුන් නිෂ්පාදන ආයතනයක කිහිපදෙනෙක්. එච්. ඩී. ප්‍රේමසිරි, වන්න ප්‍රනාන්දු, බන්දුල ඒකනායක, සහ ඛණ්ඩාර ඇහැලියගොඩ මහත්වරුන් මම ඉතා ආදරයෙන් මතක් කරනවා. ඔවුන්ගේ නිෂ්පාදන කණ්ඩායම් හරහා වන්න ප්‍රනාන්දු මහතා ඔවුන්ට වෙලි නාට්‍යයක් නිර්මාණය කරලා දෙන්න කියලා මට ආරාධනා කළා, එහි ප්‍රතිඵලයක් ලෙස "සසංකාරා බිහිවුණා.


 ඒ වෙද්දී සසංකාරා පිටපත ගොඩනැගිලද තිබුණේ.?


නිර්මාණයකට ආරාධනා ලැබුණට පසුව මගේ හිතේ තිබුණා

පොඩි කතාවක් මම සසංකාරා ජිපත් රචකයා සමග කතාග

කළා. ඔය අතරේ නිෂ්පාදක වන්න ප්‍රනාන්දු මහතාත් මෙම තීර පිටපතේ සාරාංශය සාදාගන්නට දායක වුණා. කතාවට" සංකාරා නම් යෝජනා කළේත් ඔහුමයි. මේ ටෙලිනාට්‍යය හා ඒ පිටපත ගැන ලොකු අවබෝධයක් ඔහු තුළ තිබුණා.


සසංකාරා ටෙලි නාට්‍යයේ ග්‍රේස්ගේ චරිතයට ඔබ එකතු කර ගත්තේ අලුත් මුහුණක්. ඒ අප්සරා ගුණතිලකයි. ඒ චරිතයට අලුත් මුහුණක් එකතු කරගන්නට මුල සිටම අවශ්‍යතාවක් තිබුණද..?


මුලින්ම මේ ග්‍රේගේ චරිතය වෙනුවෙන් වෙනත් රංගන ශිල්පිනියන් දෙදෙනෙකුට ආරාධනා කළා, ඒ කාල වකවානුවේදී එක් රංගන ශිල්පිනියක් ඇයගේ උසස් අධ්‍යාපනයට විදේශගත වුණු නිසා දායක වෙන්න වුණා අනිත් රංගන ශිල්පිනිය දිනවකවානුවල ගැටලුවක් නිසා මිට අසාධාරණයක් වේවි කියන බයට ඇයත් එයට දායක වෙන්න අමාරුයි කියනු කිව්වා. ඔය අතරෙදි සිගුරුනාදන් මහතාගේ මේගා ටෙලි නාට්‍යයක් බලද්දි අහර්ෂධෙන් වගේ එක කොටසක අලුත් මුහුණක් දැක්කා, ඒ පොඩි කොටසින් මේ අලුත් මුහුණට යමක් කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය මට තිබුණා. ඒ අනුව තමියි අප්සරා ග්‍රේස් ගේ වර්තයට මම තෝරා ගත්තේ.


 පසුගියදා පැවති රයිගම් සම්මාන උලෙළේ හොඳම නිළිය වුණේ ඇයයි. තම හැකියාව ග්‍රේගේ චරිතයෙන් බිහි කරන්නට අප්සරාට පුළුවන් වුණේ කොහොමද...? 


සසංකාරා ටෙලිනාට්‍යයේ ග්‍රේස්ගේ වර්තය හරි ප්‍රබල චරිතයක්. ඒ පිටපතෙහි වාතයේ ස්වභාවය ලියවිලා තිබුණා. ඒ වර්තය ස්වභාවයත් එක්ක අපි අප්සරාට ග්‍රේස්ගේ වර්තයට යොමු කළා. ඒ වෙනුවෙන් ඇය තුළ චරිතය ගැන අවබෝධයක් විශේම රංගනයට යම් දක්ෂතාවක් තිබිය යුතු වෙනවා. අප්සරා ඒ විෂය පිළිබඳව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක්. ග්‍රේස් චරිතය සූක්ෂ්මව ග්‍රහණය කරගන්නට අප්සරා සමත් වුර්තා.


සසංකාරා ගැමි පරිසරයක් ආශ්‍රයෙන් නිර්මාණය වූවක්. ඒ ගැමි පරිසරයෙන් ලබපු අත්දැකීම් කොහොමද? 


සසංකාරා තුල අපි කුඩා කාලයේදී දැකපු ගමයි තියෙන්නේ.

අද ගමක ජීවත්වන පරම්පරාවකට වුණත් ඒ අපි නිර්මාණයෙන් පෙන්වන දේවල් හරි අලුත්, ගමේ ජීවත් වන අලුත් පරම්පරාවේ ඉන්න දරුවන් පවා සමහර දේවල් දැකලා තිබුණ නැහැ. නිර්මාණයකින් අපි පෙන්නන දේ ඒ සමහර ගමේ දරුවන්ට පවා ආධුනිකයි. ඒ නිසා නිර්මාණයෙන් ඒ අපූර්වත්වය. ඔවුනුත් වින්දා. මම කුඩා කාලයේදී පොල් අතු කරත්ත දැකලා තිබුණා. ඉස්සර පොල් අතු කරත්ත වලින් යන අය ඊට නවාතැන් ගත්තේ, කෑම උයා ගෙන කෑවේ අතරමගයි. ඒ පොල් අතු කරත්ත පහක් හයක් පෝලිමේ යද්දි ඒ කරත්තේ යට කොටසේ ගෝලයෙක් පැද්දී පද්දි නිදාගෙන යන විදිහ අදටත් මට මතකයි. ඒ එදා මම දැකපු දේ අද දරුවන්ට පෙන්නන්නට මට ඕන වුණා. ඒක වෙනම් සම්ප්‍රදායක්, පොල් අතු කරත්ත විතරක් නෙවෙයි පහු කාලයේදී කොළඹින් යාපනය දක්වා ලොරි ගියා. පොඩි කාලේ කොළඹ ඉදන් ලොරිවල නගලා දුර පළාත්වලට ගියපු කාලය අදටත් මතකයි. අද දරුවන්ට ඒ අපූර්වත්වය දකින්නට ලැබෙන්නේ නහැ. විඳින්නට ලැබෙන්නේ නැහැ. ඉස්සර කොළඹ ඉඳන් අනුරාධපුරයට යනවා කියනම් වෙනම ගමනක්. අද එහෙමි නාහ්‍ය. ඒ එදා විඳපු දේ නිර්මාණයකින් හෝ අලුත් පරම්පරාවට එකතු කරන්නට මට ඕන වුණා.


ප්‍ර‍ේ ඔබේ ළමා කාලය ගමක ගෙවුණේ නැහැ නේද...?


ඔව්. ඒක ඇත්ත. මම කොළඹ ඉපදුණේ. මගේ අමිමගේ තාත්තා රජයේ රැකියාවක් කරද්දී පිට පළාත්වලට මාරුවීම් ලැබුණා. ඒ නිසා පුංචි කාලයේ වී පරිසරවල ජීවත් වෙන්න අපිට ඉඩ කඩ ලැබුණි. මගේ අමාගේ සහෝදරවරුන් පිට පළාත්වලින් කසාද බැඳලා එහි පදිංචි වෙද්දී පාසල් නිවාඩු කාලයට පි ඒ ගම්වලට ගිහින් ඒ අපූර්වත්වය වින්දා. ඒ පරිසරයට අපි හරි ආදරෙයි. අනුරාධපුර, පොළොන්නරුව වැනි පළාත් ඒ කාලේ අතිදුෂ්කරයි. හැබැයි ඒ විඳීම අපිට හරි සතුටක්.



 

පාසල් යන කාලයේ ඉඳන්ම ප්‍රියන්තගේ සිහිනය වුණේ

කලා නිර්මාණයට සම්බන්ධ වෙන්නද...?


ඔව්.. ඒ වගේ පොඩි ආසාවක් තිබුෂ්ය. පාසල් සාහිත්‍ය උලෙළවලදී නිර්මාණ කටයුතු වලට දායක වුණා, රංගනයට වඩා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කරන්න මම ආසා කළා, කලා කටයුතුවලට වගේම ක්‍රිඩාවටත් මගේ ඇල්මක් තිබුණා.


 මේ දිනවල අලුත් වැඩකට අතගහලා කියලා ආරංචියි..?


ඔව්... ලබන මාසයේ මුල සිටි "සිත් අතර හිස් තැන් නමින් ටෙලි නාට්‍යයක් විකාශනය වෙනවා. එය අරුණ ප්‍රේමරත්නගේ තිර රචනයක්, නිෂ්පාදනය කළේ සන්ධධ්‍යා මහ වේදගේ සහ ලක්ෂ්මන් තෙවරප්පෙරුමයි. එය වෙනත් හැඩයක තියෙන පවුලේ කතාවක්.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3

Previous Post Next Post