ජනප්‍රිය නළු බුද්ධික ජයරත්න රෝහල් ගත කරලා



 මෙරට වර්තමාන සිනමාවේ ජනප්‍රියම දුෂ්ටයා කවුදැයි ඇසුවොත් ඒ බුද්ධික ජයරත්න බවට ඔබට සිතෙනු නොඅනුමානය. ඒ තරමට තමන් කරන චරිතය ප්‍රේක්ෂකයන්ට වඩා සමීප කරන්න ඔහු දරන ප්‍රයත්නය ප්‍රසංසනීයයි.මෑතකදී බුද්ධිකට ඩෙංගු රෝගය වැළඳීලා රෝහල්ගත කරලා තිබුණා. සුව වී පැමිණි ඔහු තමන්ගේ එම අත්දැකීම සමාජ මාධ්‍යවල ඡායාරූප කීපයක් සමඟ පළ කරලා තිබුනා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප සහ සටහනයි...


තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් සියැසින් දුටිමි.....

යථාර්තයක් වුනු .. ඩෙංගු රඛ්තපාත ෆැන්ටසිය ....

.... ඩෙංගු මදුරුවාගේ අම්මා මතක් කරමින් මේ සටහන ආරම්භ නොකරන්නෙ ඉතිරි වී ඇති ලැජ්ජාවට භය නිසා පමණක් බවත් ඌ ගැන ඇති සත්වකරුණාවකට නම් නොවන බව කරුණාවෙන් සලකන්න....

දවස් තුනක තිබුණා වූ දැඩි උණ තත්වය නිසාම බිරිදගේ , පුතාගේ හා දෙමව්පියන්ගේ තර්ජනයන් හමුවේ මට රැධිර පරීක්ශණයකට නොමු වෙන්න සිදුවිය.. මට දැඩි ඉන්ජක්ශන් ෆෝබියාවක් ඇත්තෙකු වීම එය ප්‍රමාද වීමට මූලික හේතුව උනද... රුධිර පරීක්ශණයේ ප්‍රථිපල ලෙස මාගේ පේට්ලට් 25,000 අගය දක්වා පහල බැස ඇති බවත් ඉක්මනින් රෝහල් ගත කරන බවත් දැනුම් දීමෙන් පසු මා IDH උණ හා වසන්ගත රෝග අංශයට ඇතුලත් කරන ලදී.. 

ප්‍රථිකාර ආරම්භවිය.. එහිදී මා මිහිපිට දෙවි දේවතාවුන් සියැසින් දුටිමි.. එහි වෛද්‍යවරුන් හා හෙදියන් ප්‍රමුඛ සියලුම කාර්‍යමණ්ඩලය තමාවෙත යොමු වූ සියලුම රෝගීන්ගේ සුවය වෙනුවෙන් වන්නා වූ කැපවීම හා රාජකාරියට එහා ගිය මනුශ්‍යත්වය හා හැකියාව ඒ වන විට පේට්ලට් 3000 ට බැස තිබු මා.. දින හතරක් තුල නිවස බලා යෑමට තරම් සුවපත් විය.... 

ජනවාරි 1 දා මාගේ ප්‍රථම කාර්‍ය වශයෙන් රෝහලේ සේවකයන් බැහැදැකීම කලේද ඔවුන් නොවෙන්නට මට 2023 හෝ තවත් ජනවාරියක් නොතිබෙන්න තිබූ නිසාය..

මිහිපිට දෙවිවරුන් බදු වූ ඒ කාර්‍යමණ්ඩලයට මේ සටහන උපහාරයක් වේවා 






Previous Post Next Post