කලා ලෝකය තුළ එක්තරා අවස්ථාවක දී දක්ෂ රංගන ශිල්පියෙක් ලෙසත් තවත් විටක නිවේදන ශිල්පියෙක් විදියටත් ප්‍රේක්ෂකයන් හමුවට ආපු මේ සුන්දර කලාකරුවා තමයි සුමිරාන් ගුණසේකර කියන්නේ. සුමිරාන් කියනවටත් වඩා ගොඩක් දෙනෙක් ඔහුව දන්නේ අභිමන් කියන නමින්. ඒකට මූලිකම හේතුව සුමිරාන් විසින් රංගනයෙන් දායක වන නීල පබළු ටෙලිනාට්‍ය නිසයි. ඒ ටෙලි නාට්‍යය තුළ අභිමන් කියන චරිතයට ඔහුට ඉහළ ප්‍රේක්ෂක ආදරයක් අදටත් ලැබෙනවා.
සුමිරාන් කියන්නේ කවුද කියලා අහපුවාම ඔහු ඔහු ගැන මේ විදිහේ අදහසක් දුන්නා,
“සුමිරාන් කියන්නේ වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. ඒ අතරේ රංගනය වෘත්තීය විදිහට කරන බව කියන්නත් පුළුවන්. ඒ වගේම ආදරණීය ස්වාමි පුරුෂයෙක්. අම්මට තාත්තට පවුලේ හැමෝටමත් සමාජයටත් හොඳ මිනිහෙක්”
ඉතිං මේ සුන්දර තරුණයා පුංචි කාලෙ ඉදන් ඉගෙන ගන්න හරිම දක්ෂයි ඔහු ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ රාජකීය විද්‍යාලයට එනවා වැඩිදුර අධ්‍යාපනය හදාරන්න. ඔහු පාසල් යන කාලෙ ඉඳන් නිවේදනය ඒ වගේම විවාද තරග ආදී සියලුම දේවල් නියෝජනය කරපු කෙනෙක්. ඒ නිසාම ඒ දක්ෂතාවය හරහා ඔහුට කලා ලෝකයට එන්න ඒ තරම් අමාරු වෙලා නැහැ.
ඒ වගේම තමයි සුමිරාන් තමන්ගේ ආදරණීය පෙම්වතියට විවාහ යෝජනාවක් කරනවා ප්‍රසිද්ධ ස්ථානයකදී. එතැන් පටන් තමයි බොහොමයක් ආදරවන්තයින් තමන් ආදරය කරන ආදරවන්තියට විවාහ යෝජනා කරන්නත් පටන් ගත්තේ. ඒ දේවල් වලට ගොඩක් දෙනෙක් සුමිරාන් ට විවේචන එල්ල කරලා තිබුණා. නමුත් ඒ කිසිම දෙයක් ඔහු කනකට ගන්නේ නැතුව ආදරණීය බිරිඳත් එක්ක හරි රසවත්ව ජීවිතය ගත කරනවා.ඉතින් අදටත් මේ දෙන්නා ගොඩාක් සතුටින් තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම තමයි ඔහුගේ බිරිඳ ඔහුට ආදරේට මැණික කියලලු කතා කරන්නේ. ඒ වගේම සුමිරානුත් ඇයට මැණික කියලා කතා කරනවලු.ඉතින් බිරිඳ ගැන කතා කරද්දි ඇය නමින් නිවොද්‍යා ජයමාන්න. සුමිරාන් ගේ ජීවිතයට ඇයව ලැබිලා තියෙන්නෙත් හරි අහඹු විදිහට. ඒ කියන්නේ දෙන්නට තිබිලා තියෙන්නේ හරිම රසවත් ප්‍රේම කතාවක්. ඔහු ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මේ විදිහටයි.
“එයා මට වඩා අවුරුදු නමයක් බාලයි. එයාගේ තාත්තා අපට ඈතින් මාමා කෙනෙක් වෙනවා. ඉතින් උපන් දවසේ ඉඳලා මම ඇයව දන්නවා. අපි දවසක් සෝමාවතියේ වැඳපුදාගන්න ට්‍රිප් එකක් ගියා. එදා තමයි මම මුලින්ම එයාගෙන් ඒ ගැන ඇහුවෙ. මුලින්ම එයා මට කැමති වුණේ නැහැ. කොහොම හරි අපේ සම්බන්ධය ගෙවල් වලට මාට්ටු වුණා. ඊට පස්සේ කොහොමහරි ගෙවල්වලින් අවසන දුන්නා හරියට පතාගෙන ආවා වගේ තමයි. දෙන්නා හොඳටම ගැලපුනා ගෙවල් වලට කිවුවහම අපේ අම්මා තාත්තා එක පාරට කිව්වේ නැහැ බඳින්න කියලා. ඔය දෙන්නට දෙන්නගෙ අදහස් ගැලපෙනවද බලන්න කිව්වා. අපි අවුරුදු පහක් විතර ආදරේ කරලා අන්තිමට යද්දී මට තේරුණා මෙයා හැර වෙන කෙනෙක් නෑ කියලා. ඊට පස්සේ තීරණයකට ඇවිත් අපි විවාහ වුණා. මගේ තේරීම සීයට දස දහස් වාරයක් හරි ලොකු සතුටක් අද මට දැනෙන්නෙ”
ඔහු ඒ විදිහට ආදරණීය බිරිඳව ජීවිතයට තෝර ගත්තු තීරණය සහ ඒ ආදරේ ගැන අදහස් දැක්වූයේ ඒ ආකාරයෙන්.

.jpg)
.jpg)
.jpg)