කාංචනා අනුරාධිගෙ හඩට මම වශී වෙලා - උරේෂා රවිහාරි

 


ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ චිත්‍රපට ගණනාවකටම පසුබිම් ගීත ගායනා කරන ඒ මියුරු හඬ හිමි ඇය අපි කවුරුත් දන්න උරේෂා රවිහාරි. සංගීත ප්‍රසංග තුළ ඒ හඬ නැතිනම් ප්‍රේක්ෂකයාට ලොකු අඩුවක් දනවන ආකාරයේ ජනප්‍රියත්වයක් විශාල රසික පිරිසක් ඇගේ හඬට ඇද බැද තබා ගන්නා කෙනෙක් තමයි ජනප්‍රිය ගායිකා උරේෂා රවිහාරි කියන්නේ. 

ඇය ගායනා කළ ගීත අතර චිත්‍රපට පසුබිම් ගීත සහ වෙනත් ගීත ගණනාවක්ම ඇය විසින් ගායනා කරනු ලැබුවා. ඇය ගායනා කළ ගීත අතර අහසින් එහා, හීනයකි මට ආදරේ, උන්නා එක ගංගාවක, සමනලයින් පාට පාට වැනි ගීත ඇගේ මියුරු හඩින් ගායනා කල ගීත වෙනවා. ඉතින් සසිකා නිසංසලා ආදරණීය ගායන ශිල්පිනියගේ සමකාලීන ගායිකාවක් වන උරේෂා රවිහාරි කුඩා කාලයේ සිටම ගායනයට දක්ෂ කෙනෙක්. අපේ සංගීත ක්ෂේත්‍රය තුළට පායන නවක තරු අතරින් උරේෂා ගේ හිත හොරාගත් නවක ගායිකාවක් මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවා. ඉතින් කිසිම කෙනෙක්ගේ තැනක් ගන්නේ නැති, අනිත් කෙනාව අගය කරන හොඳ හදවතක් තියෙන උරේෂා රවිහාරි ඇගේ ප්‍රියතම නවක ගායිකාව ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය හමුවක දී සඳහන් කරලා තිබුණේ.


” අපේ සංගීත ලෝකයට නවක තරු ගොඩක් පායලා තියෙනවා. ඒ අතරින් මම වඩාත්ම ප්‍රිය කරන හඬක් තියෙන කෙනෙක් ඉන්නවා. මම ඒක කවදාවත් කියලා නැහැ. කාංචනා අනුරාධි කියන්නේ හරිම ලස්සන හඬක් තියෙන කෙනෙක්. මං හිතන්නේ එයාගෙ හඬට මම වශී වෙලා. ඒ තරමටම ඇගේ ගීත මම රසවිඳිනවා. අපෙන් පස්සේ සංගීත ක්ෂේත්‍රයට හොඳ තරුවක් තමයි ඇය. මම කාගෙවත් අවස්ථාවක් ගන්නේ නැති කෙනෙක්. ඒ වගේම ගොඩක් දෙනෙක් කැමති නෑ අනිකාව අගේ කරන්න. නමුත් මම කැමතියි අලුතින් එන අයව අගය කරන්න. කාංචනා අනුරාදි කියන්නේ සංගීත ක්ශේෂ්ත්‍රයට එන හොදම හොද දක්ෂ කෙනෙක්.”


මේ විදිහටයි ජනප්‍රිය ගායිකාවක් වන උරේෂා රවිහාරි ඇගේ අදහස් ඉදිරිපත් කර තිබුණේ.





Previous Post Next Post