මම අමුඩයක් ඇදගෙන හරි රගපානවා -සම්පත් ජයවීර



 ‘ කෝලම්කුට්ටම’ ටෙලිනාට්‍යයේ දොලේ මහත්තයා විදියටත් ‘හේරා’ ටෙලි නාට්‍යයේ කරවලා විදිහටත් ‘ ලෝකා ‘ ටෙලි නාට්‍යයේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක් විදියටත් එකිනෙකට හාත්පසින්ම වෙනස් වුණු චරිත රංගනය කරන ඒ දක්ෂ රංගන ශිල්පියා තමයි සම්පත් ජයවීර කියන්නේ. ඉතින් ඔහුව ටෙලි නාට්‍ය ගණනාවක් හරහා ම දැක දැක ගන්නට ලැබෙනවා. වේදිකාව ද පුංචි තිරය ද මේ ඕනම එකක් තුළම ඕනෑම චරිතයකට හරි අපූරුවට අනුවර්තනය වෙන්න පුළුවන් දක්ෂ රංගන ශිල්පී සම්පත් ජයවීරගේ වෘතීය කලා ක්ෂේත්‍රයයි.

ඔහු හිතන විදිහට පුංචි තිරයේ අහිංසක පෙම්වතාට වඩා කලු චරිත ප්‍රේක්ෂකයා ආදරෙන් වැළඳ ගන්නවා. ඉතින් ලෝක ටෙලි නාට්‍යයේ විශ්වවිද්‍යාලය කථිකාචාර්යවරයා විදිහට රංගනය කරපු සම්පත් ජයවීරගේ චරිතයට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලින්ම ලැබුණා ලැබුණා කියලයි සම්පත් කියන්නේ. ඉතින් වෘතීය රංගන ක්ෂේත්‍රය කරගත් සම්පත් ජයවීර ඔහුගේ රංගන වාරණයන් ගැන මේ විදියටයි පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.

” මම රංගනය තුළ කිසිම වාරණයක් දාගෙන නෑ. උඩුකය නැතිව රඟපාන්න බැහැ කියලා වත් අමුඩයක් ඇඳගෙන රඟපාන්න බෑ කියලා වත් සෙරෙප්පු දෙකක් දාගෙන රඟපාන්න බෑ කියලා මගේ එකක් නෑ. මට ලැබෙන විවිධ චරිත ඕනෑම එකක් මම රඟපානවා. මොකද මම ජීවත් වෙන්නේ රංගනය නිසා. අද කාලේ චරිත තෝරා බේරා ගෙන කරන්න අමාරුයි. මොකද රටේ බඩුමිල වැඩිවෙලා. ඉතින් ගොඩක් කලා ශිල්පියෝ රටත් ඇහැරලා යනවා. ඒකෙ වැරැද්දක් කියන්න බෑ. ‘’

මේ විදිහටයි කුසලතා පිරි ජනප්‍රිය රංගන ශිල්පී සම්පත් ජයවීර ඔහුගේ අදහස් එක් කරලා තිබුණේ. අනාගතයේ විශේෂ බලාපොරොත්තුවක් නැති ඔහුට හොඳ නිර්මාණ කිරීම සහ දරුවාගේ අනාගතය ගැන බැලීම තමයි තියෙන ලොකුම වගකීම කියලා සම්පත් ජයවීර අවසාන වශයෙන් කියලා තිබුණේ.





Previous Post Next Post