ළමා නිවේදිකාවක් විදිහට කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා පසුකාලීනව අවුරුදු කුමාරියක ගෙන් තේරී පත්වුණු හිරුෂි වසුන්දරා මේ වන විට ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදියට ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් සිටිනවා. ඇය කාලෙන් කාලෙට කලා කටයුතු සමගින් එකතු වෙන නිසා වැඩිපුර පුංචි තිරය හරහා ඇය දැක ගන්න ලැබෙන්නේ නෑ.
චරිත බෙහෙවින් තෝරාගෙන තමයි හිරුෂි රංගනය කරන්නේ. ඉතින් ඇය රංගනය කරන ගමන්ම ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදි උපාධියක් හදාරනවා. ඒ නිසා තමයි ඇය ලැබෙන ටික කාලෙකදි හොඳම චරිතයක් කරලා ප්‍රේක්ෂකයන් අතරට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මියුසික් වීඩියෝ, වෙළඳ දැන්වීම් වල දැකගන්න ලැබෙන හිරුෂිගේ චිත්‍රපටයක් එන්න තියෙනවා කියලයි ඇය සඳහන් කරන්නේ. ඉතින් මේ විදිහට කලා ක්ෂේත්‍රය තුළ දක්ෂතා දක්වන හිරුෂිගේ කලා ගමන ආරම්භ වූ විදිය ගැන ඇය මේ විදිහටයි එක්තරා පුවත්පතකට අදහස් දක්වමින් ප්‍රේක්ෂකයන් සමඟ බෙදා ගෙන තිබුණේ.
” මම මට වයස අවුරුදු දාහතරේදී වගේ පුංචි පැංචි වැඩසටහන ළමා නිවේදිකාවක් විදිහට එන්නෙ. එතනින් පටන් අරන් මම 2008 අවුරුද්දේ අවුරුදු කුමරිය වෙනවාත් එක්කම තමයි කලා ගමන ආරම්භ වුණේ. ගෙදරින් හෙවනැල්ල වගේ මගේ පස්සෙන්ම ඉඳලා හැම සහයෝගයක්ම ලබා දුන්නා. අම්මා තමයි මගේ හැම දේකටම මම එක්ක ආවෙ.’’
තවම ආදරවන්තියක් නොවෙන හිරුෂි වෘත්තීය විදිහට කලාව තෝරගන්න කැමති නෑ. මොකද අද කලා ක්ෂේත්‍රය ආර්ථිකය අතින් ශක්තිමත් තැනක නැති නිසයි. ආසාවට විනෝදයට වගේ කලා ක්ෂේත්‍රයත් එක්ක එකතුවෙන හිරුෂි වසුන්දරාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා කරන්නෙමු.

.jpg)
.jpg)
.jpg)