නර්තන ශිල්පියෙක් විදියට කොයි කවුරුත් දන්න ජනප්‍රිය තරුවක් තමයි කවිදු මධුෂාන් කියන්නේ. ඉතින් ඔහු ජනප්‍රිය රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද් සමගින් නර්තන තරගාවලියකටද පෙනී සිටියා. ටික් ටොක් හරහා බෙහෙවින් ජනප්‍රිය වුණු කවිදු මධුෂාන් මේ වන විට නර්තන ගුරුවරයෙක් විදියට වැඩ කටයුතු කරනවා.
ඉතින් ඔහුට වයස අවුරුදු 12 දී වෙස් තියන කවිදු කුඩා කාලයේ ඉදලම නර්තනයට දක්ෂතා දක්වපු කෙනෙක් බවනම් අපිට කිසිදු සැකයක් නෑ. ඒ වගේම කවිදු මේ වන විට දක්ෂ නර්තන ශිල්පියෙක් විතරක් නෙමෙයි දක්ෂ රංගන ශිල්පියෙක් ද වනවා. ඔහුව සමාජ මාධ්‍ය හරහා බෙහෙවින්ම ජනප්‍රිය චරිතයක් බවට මේ වන විට පත් වෙලා හමාරයි. කවිදු මේ වන විට නර්තන පන්තියක් කරගෙන යනවා. ඔහු සදහන් කරන්නේ ඔහුට කන්තාවක්ගේ ලාලිත්‍යයෙන් නර්තනයේ යෙදෙන්න පුලුවන් කියලයි. ඉතින් ඔහුගේ නැටුම් පන්තිය ගැන මේ විදියටයි කවිදු එක්තරා යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
” මගේ පන්තියට වැඩි පුරම එන්නේ ගෑහැණු ළමයි. ගොඩක් ගැහැණු ළමයි ඉන්න පන්තියක මම ගැහැණු ළමයින්ට නටන්න ඕන විදිය පිරිමියෙක් විදියට ඉදලා කියලා දීලා වැඩක් නෑනේ. ඒ නිසා මම කාන්තාවක් වගේ රංගනයේ යෙදෙන්න. මගේ ක්ලාස් එකට එන ළමයින්ගේ අම්මලා තමයි මම එක්ක ළමයින්ට වඩා ක්ලෝස්. මොකද අම්මලානේ හොදටම දන්නෙ ළමයි ගැන.’’

.jpg)
.jpg)
.jpg)