නිවේදකයෙක් වගේම දක්ෂ රංගන ශිල්පියෙක් වන කුසලතා පරිපූර්ණ ඔහු ධනංජය සිරිවර්ධනයි. එක් විටක අහිංසක ප්‍රේමවන්තයා වෙනකොටම තවත් අතකින් ඔහු දුෂ්ටයා විදිහට ඕනෑම චරිතයකට නිසි ආකාරයෙන් ආරෝපණය වෙන්නට හැකියාවක් තියෙන නිසාවෙන්ම වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මොහු දක්ෂ රංගන ශිල්පියෙක් කියල හඳුන්වන්නට පුළුවන්.ඉතින් කියවීමේ ගුණාංගයත් හොඳින්ම සපුරාගෙන තියෙන ධනංජය කලාව තුළ හරි දැක්මක් ඇතුව වැඩ කරන කෙනෙක්. මේ වන විට විවාහ වෙලා දරුවෙකුත් ඉන්න ධනංජය පෞද්ගලික ජීවිතය වගේම කලා ජීවිතයත් හරි අපූරුවට ගත කරනවා. ඉතිං ධනංජය විවාහ වෙලා ඉන්නේ ගුවන් සේවිකාවක් විදියට වැඩ කටයුතු කළ සුරූපී ශෂිනි සමගයි.
ධනංජයගේ බිරිඳ ට මීට පෙර දරුවන් ලැබෙන්නට සිටියදී ම ඉතා අවාසනාවන්ත විදිහට ඒ දරුවන් ඔවුන්ගෙන් ඈත් වෙනකොට ධනංජය ශශිනිත් උතුම් මවුපියන් කරමින් මෞර්යා චූටි දුව ඔවුන් අතරට එනවා. ඉතින් තේරුම් ගත්ත පවුල් ජීවිතයක් ගත කරන ධනංජයගේ කැදැල්ලේ සුන්දරත්වය ගැන ශෂිනි මේ විදියටයි එක්තරා මාධ්‍ය හමුවකදී කියලා තිබුණේ.
” මමයි ධනංජය මීට අවුරුදු ගණනාවකට පෙර සිටම දැන හඳුනගෙන තමයි විවාහ වෙන්නේ. ඉතින් අපි දෙන්නා නොගැලපීම් එක්ක ගලපගෙන තමයි මේ විදිහට ජීවත් වෙන්නේ. ‘’
ඉතින් ඇය කිව්ව දේට ධනංජය ඔහුගේ අදහස් එකතු කළේ මේ විදිහටයි.
” අපි දෙන්නා ලබන ආත්මේ එකට ඉන්නවා කියලා නම් තවම තීරණය කරේ නෑ. නමුත් දැනට නම් සතුටින් ජීවත් වෙනවා.”

.jpg)
.jpg)
.jpg)