ආදරෙන් ගෞරවයෙන් අනිත් කෙනා හරියට තේරුම් අරන් ඉන්න - චන්ද්‍රලේකා පෙරේරා

 


ශ්‍රී ලාංකීය සංගීත ක්ශේෂ්ත්‍රය තුල අපි කවුරුත් ආදරය කරන අපි කාගේත් ගෞරවයට පාත්‍ර වෙන ප්‍රවීන ගායකයෙක් තමයි රූකාන්ත ගුණතිලක කියන්නේ. ඔහුගේ ආදරණීය බිරිද පමණක් නෙමෙයි දියණියන් දෙදෙනාත් සංගීත ක්ශේෂ්ත්‍රය තුල ජනප්‍රිය චරිතයන් බවට පත් වෙලා.රයිනි චාරුකා සහ වින්ඩි කියන රූකාන්ත ගුණතිලකගේත් චන්ද්‍රලේකා පෙරේරාගේත් දියණියන් දෙදෙනා ප්‍රේක්ෂකයන් බෙහෙවින් ආදරය කරන හරි අපූරු කටහඩක් හිමි දෙදෙනෙක්. ඉතින් මේ ගායන පවුලේ පොඩි දුව තමයි වින්ඩි කියන්නේ. වින්ඩි ගැන ගොඩක් දෙනා කතා බහ වෙන මේ දිනවල ඉතාම ජනප්‍රිය කෙනෙක් බවට ඇය පත් වෙලා.

ඒ අයියෝ සාමී ගීතය තුලින් සහ ඇගේ විවාහයත් එක්ක. කාලයක සිට පවත්වාගෙන ආපු සනුකගේ සහ වින්ඩිගේ ආදර කතාව පසුගිය දින මල්ඵල ගැන්වුණා. ඒ ඔවුන් දෙදෙනාගේ විවාහයත් එක්කයි. ඉතින් සනුකගේ සහ වින්ඩිගේ විවාහ උත්සවයේ ගත් ඡායාරූප සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා. ඉතින් යුග දිවියට පිවිසෙන්නට හිටපු තම පොඩි දුවට සාර්ථක විවාහ ජීවිතයකට චන්ද්‍රලේකා පෙරේරා උපදෙස් දුන්නේ මේ විදියටයි.

” සනුක කියන්නේ රූකාන්ත වගේම දක්ෂතාවයකින් පිරිපුන් කෙනෙක්. ඒක එයා ලියපු අයියෝ සාමි ගීතය තුලින් ඒක හොදටම තේරෙනවා. ඉතින් මට කියන්න තියෙන්නෙ වින්ඩිට එකිනෙකා කෙරෙහි අන්‍යෝන්‍ය අවබෝධයෙන් ආදරයෙන් තේරුම් අරන් ජීවත් වෙන්න කියලා.”





Previous Post Next Post