මගේ බිරිඳ තමයි මගේ දෙවෙනි අම්මා - රොෂාන් ප්‍රනාන්දු

 


කණ්ඩායම් සංගීත කලාවේ ඉහලින්ම ඉන්න ඒ අපූරූ ගායකයා තමයි රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම. කොයි කවුරුත් ආදරේ කරන කොයි කවුරුත් දන්න හදුනන කෙනෙක් තමයි රොෂාන් ප්‍රනාන්දු කියන්නේ. ඔහු මේ වන විට විවාහ වෙලා දරුවන් ඉන්න ආදරණීය පියෙක්.රොෂාන් ප්‍රනාන්දුගේ බිරිද ඔහුගේ මේ සංගීත ගමනට ලොකු සහයෝගයක් ලබා දෙන ශක්තිමත් ගැහැණියක්. ඉතින් තම ආදරණීය බිරිද නිසා අද ඔහු මේ තැන ඉන්නවා කියලයි කියන්නේ. ඉතින් ආදරණීය බිරිද ගැන රොෂාන් ප්‍රනාන්දු මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.


” මම ජීවිතයේ එක තැනකදි හොදටම වැටුනා. ඒ මගේ කියලා මම බලාගෙන හිටපු මගේ ආදරයක්. නමුත් ඒ දේ හරියන්නෙ නෑ. ඒ නිසයි මම මානසිකව වැටුනේ. ඉතින් ඒ විදියට මම ජීවිතේ අවසානයටම වැටිලා ඉන්නකොට මට හම්බ වෙනවා මාව ගොඩ දාන්න පුලුවන් කෙනෙක්. ඒ ශක්තිමත් ගැහැණිය තමයි මගේ බිරිද. ඇය මගේ දෙවෙනි අම්මා. ඇයට මගේ ජීවිතයේ ලොකු ගෞරවයක් තියෙනවා. අපි හිතන්නෙ දෙන්නෙක් එකතු වුනාම ලව් කරනවා කියන්නේ ප්‍රේම කතා කියන එක කියලා අපි හිතන්නේ. නෑ එහෙම නෙමෙයි වැටුණු කෙනෙක්ව ආයේ නැගිට්ටවන්න පුලුවන් වුණු කෙනෙක් ඇය. අද වන විට අපිට දරුවො ඉන්නවා. අපි අද හරි සතුටින් ඉන්නේ ‘’


මේ විදියටයි ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දු අදහස් දක්වලා තිබුණේ.






Previous Post Next Post