රංගන ශිල්පියෙක් විදියට කාලයක සිට ප්‍රේක්ෂක ආදරය ලබා ගෙන සිටින ඔහු ගයාන් වික්‍රමතිලකයි. ඒ වගේම සමාජ ක්‍රියාකාරී කෙනෙක් වන ගයාන් තම ජනප්‍රියත්වය කාලයක සිටබ්‍රැක ගෙන ගුණාත්මක නිර්මාණ සදහා තම දායකත්වය ලබා දෙන කෙනෙක්. ඔහුට ලැබෙන චරිත අතරින් ගොඩක් දුෂ්ටයා චරිතය තමයි ගයාන්ට හිමි වන්නේ.නමුත් ලැබෙන ඕනම චරිතයකට තම සාධාරණත්වය ලබා දෙන්න පුලුවන් කෙනෙක් තමයි ඔහු. ගයාන් මේ වන විට විවාහ වෙලා ඉන්නේ අපේ පුංචි තිරයේ එදා සිට අද දක්වාම සුන්දරත්වය රැක ගෙන ඉන්න සුරූපිනියක් වන චතුරිකා පීරිස් සමගයි. ඉතින් චතුරිකා සහ ගයාන්ගේ ආදරණීය කැදැල්ලට ආරාධනා දෝනි නිසා තවත් ඔවුන් සතුටින් කල් ගෙවනවා.
චතුරිකා ගයාන් කියන්නේ කලා ක්ශේෂ්ත්‍රයේ කා සමගත් හරිම සුහදශීලීව ඉන්න දෙන්නෙක්. ඒවගේම ආරාධනා දෝණි ගැනත් මේ වන විට නොදන්න කෙනෙක් නෑ. ඒ ගයාන් ඔහුගේ සමාජ මාධ්‍ය හරහා ආරාධනා දෝනි සමගින් කරන විවිධ වීඩියෝ අපි දකිනවා. ඉතින් ගයාන් චතුරිකා ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
”චතුරිකාගේ ජීවිතේ තියෙන හොදම ගති ගුණේ තමයි මමත් එක්ක ඉන්න එක. මොකද මම නිදහස උපරිමයෙන්ම විදින කෙනෙක්. අනිත් එක මම යාලුවෝ ආශ්‍රය කරනකොට ඒකත් උපරිමයෙන්ම කරනවා. යාලුවෙක් ඕනම දෙයක් උදව්වක් ඉල්ලුවොත් මම ඒ දේ කරනවා. ඉතින් මමත් එක්ක ඒ දේවල් තේරුම් අරගෙන ඉවසලා ජීවත් වෙන එක තමයි එයාගේ හොදම ගති ගුණේ. එයාගේ නරකක් කියන්න දෙයක් නෑ.”
ඉතින් මේ විදියටයි ගයාන් අදහස් දක්වලා තිබුණේ.
.jpg)
.jpg)
.jpg)
.jpg)