මට අවුරුදු 18ක් වුණාට මට ආදරවන්තියගේ චරිතය කරන්න වුනා -දසුනි සෙනෙත්මා




හිරු නාලිකාවේ විකාශය වෙන ‘රැල්ල වෙරලට ආදරෙයි’ ටෙලිනාට්‍යයේ යෙනුකි විදියට ප්‍රේක්ෂක ආදරය දිනා ගන්න ඇය දසුනි සෙනෙත්මා. ඇයව මේ දිනවල පුංචි තිරය හරහා එකිනෙකට වෙනස් වූ චරිත කිහිපයක් ඔස්සේම දැක බලා ගන්න පුලුවන්. ඒ නීල පබළු ටෙලිනාට්‍යයේත් ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘දිව්‍යාදරී’ ටෙලිනාට්‍යයේත්.ඉතින් දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 4 සහ 5 තරගාවලු හරහා කලා ක්ශේෂ්ත්‍රයට එන දසුනි ඉන් අවසන් පස් දෙනා අතරට තේරී පත් වෙලා තමයි ඇයට පුංචි කුස්සිය, සමනල සිරස වැනි වැඩ සටහන් වල නිවේදන කටයුතු සිදු කලා. ඉතින් තාත්තගේ කැමැත්ත නිසා රංගනයට ආව දසුනි මේ වන විට චිත්‍රපට තුනකට සම්බන්ධ වෙලා තියෙනවා.තවම පාසල් වයසේ ඉන්න දසුනි සෙනෙත්මා ඇගේ රංගන ජීවිතය ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.


” මට තවම වයස 18 යි. මම තාම පොඩියි. ගොඩක් අය දන්නෙ නෑ මම පොඩියි කියලා. ඉතින් මේ වෙනකොට මම පෙම්වතියගේ චරිතත් රංගනය කරලා තියෙනවා. නමුත් මට ඒ ගැන කිසි අත්දැකීමක් නෑ. ‘’


ඉතින් මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දසුනි සෙනෙත්මා ඇගේ අදහස් දක්වලා තිබුණේ.





Previous Post Next Post