ජනප්‍රිය රංගන ශිල්පිනී වත්සලා දියලගොඩගේ සහෝදරිය බුවනි චාපා දියලගොඩ කියන්නෙත් අපේ කලා ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න ඉතාමත් ආකර්ෂණීය රංගනයකින් හෙබි දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් ඇය ටෙලිනාට්‍යය හරහා විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගත්තා.
ඉතින් ඇය රංගනයෙන් දායක වූනු ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘පිනි’ ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වුණු බුවනි දක්ෂ නිවේදිකාවක්ද වෙනවා. වත්සලා සහ බුවනි කියන්නේ සහෝදරියන් වගේම ඔවුන් දෙදෙනාගේ ස්වරූපය සහ කට හඩත් එක හා සමාන වීමත් එක්ක ප්‍රේක්ෂකයා ඔවුන්ට බෙහෙවින් ආදරය කරන්නට පෙළඹුනා. ඉතින් මේ වන විට විවාහ වෙලා ඉන්න බුවනිගේ අත ගත්තේ කසුන් නැමති ව්‍යාපාරික කෙනෙක්. ඒ කාර් සේල් එකක් තියෙන කෙනෙක්. ඉතින් ඒ විදියට බුවනි සහ කසුන් ආදරයෙන් කල් ගෙවද්දී ඔවුන්ගේ කැදැල්ලෙන් අපිට සුබ ආරංචියක් අහන්න ලැබුණා. ඒ කසුන් සහ බුවනි උතුම් මව්පියන් වෙන්න වාසනාවන්ත වෙලා කියලා.
ඉතින් මේ සතුටු දායක ආරංචියත් එක්ක කසුන්ගේ උපන්දිනය පසුගිය දා යෙදිලා තිබුණා. ඒ හේතුවෙන් ඔවුන් ගර්භණී මව් වරුන්ට වියලි ආහාර ලබා දීමේ උතුම් පිංකමක් කරලා තිබුණා. ඉතින් පසු ගියදා උපන්දිනය සැමරූ කසුන්ට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලත් ළගදීම උතුම් මව් පියන් වෙන්න ඉන්න බුවනිටත් කසුන්ටත් සුබම සුබ ප්‍රාර්ථනා අපිත් එක් කරන්නෙමු.

.jpg)
.jpg)
.jpg)