කිසිම හේතුවක් නැතුව මිනිස්සු වෙනස් වෙනවා දකිද්දි හරි පුදුමයි - ශානිකා මධුමාලී



ජනප්‍රිය ගී රැසක් ගැයු, ප්‍රසංග වේදිකාවෙත් කැපී පෙනෙන ගායිකා ශානිකා මධුමාලී මුහුණු පොතෙත් බොහෝම ජනප්‍රිය චරිතයක්. ඉතින් ශානිකා ගොඩක් වෙලාවට ඇගේ මුහුණු පොතට පෝස්ට් එහෙමත් එකතු කරනවා.මේ තියෙන්නෙ ඇය පළකරපු සංවේදී සටහනක්.

මම ගායිකාවක් උන මේ අවුරුදු ගානට මට වැඩිපුරම හම්බුනේ, ඉරිසියාකාර, එකිනෙකාව කොටවන, කුහක කපටි, බොරුවෙන් ජීවත් වෙන මිනිස්සු විතරමයි. කිසිම හේතුවක් නැතුව මිනිස්සු වෙනස් වෙනවා දකිද්දි හරි පුදුමයි. ඒ නිසාමයි මට මෙහෙම කියන්න හිතුනේ, "එකිනෙකාගේ හිත් වල මෙවරය ඇති කරන්න එපා. තවත් කෙනෙක්ගේ දියුනුව දැකලා සතුටු වෙන්න උත්සහ කරන්න. කිසියම් කෙනෙක් කිව්වා යැයි කියන දේවල් විශ්වාස නොකර හිතට එකගව හරි තීරණ ගන්න. හැම සිදුවීමකම, හැම කතාවකම දෙපැත්තක් ඇති බව මතක තියාගන්න. " හැමෝම එක්ක ආදරෙන් ඉන්න.






Previous Post Next Post