පයිලට් කෙනෙක් වෙන්න ආස සෝරත පොඩි හාමුදුරුවෝ කියන කතාව

Thursday, September 23, 2021 , 0 Comments





වසර හයක් තිස්සේ සෝරත හිමියන්ගේ චරිතය රඟපාමින් එක ලෙස තමන්ගේ ජනප්‍රියත්වය රඳවාගෙන සිටින කවීෂ් විහඟ පසුගියදා පුවත්පතක් සමඟින් ෙමලස  අලුත් විස්තර ගැන පවසා තිබුනා..


මේච්චර කල් සෝරත පොඩි හැමුදුරුවෝ විදිහටම හිටි කවීෂ්ට සංඛ වෙන්න අපහසු වුණේ නැතිද?

නැහැ.. එහම අපහසුවක් දැනුනෙ නම් නැහැ. මම මේචචර කල් පොඩි හාමුදුරුවන්ගෙ චරිතය විතරම තමයි රගපෑවේ. ඒ නිසා මේ මම චරිතය කරත්දි මුලින් පොඩි වෙනසක් නම් දැනුනා. ඒත් ඒක කරන එක අපහසු වුණේ නම් නැහැ. ගමේ ඇවිල්ලා ටෙලි චිත්‍රපටය රූගත කලේ පහුගිය මාර්තු මාසයෙ. මේ සැප්තැම්බරයේ තමයි මේක විකාසය වුණේ. ටෙලි චිත්‍රපටය විකාශය වන බවට පූර්ව ප්‍රචාරක දැන්වීම් පළවෙත්දි ඉඳන් සහ ටෙලි චිත්‍රපටය පෙන්නුවාට පස්සෙත් ගොඩක් අය මට කතා කරල හොඳයි කිව්වා. මේ කතාව දැන් අපි වගේ ළමයින්ගෙ ආසාවන් ගැන කියවෙන කතාවක් දැන් ගොඩක් ළමයින්ට මොබයිල් ෆෝන් තියෙනවනෙ සංඛ කියන්නෙත් මොබයිල් ෆෝන් එකකට ආසාවෙන් ෆෝන් එකක් ගන්න හීන මවමින් සල්ලි එකතු කරපු ගමක ළමයෙක්. හැබැයි අන්තිමට එයාට ෆෝන් එකක් ගන්න වෙන්නෙත් නැහැ ජීවිතයේ වටිනාම දේ වන අම්මත් නැති වෙනව.




කවීෂ් වැඩියෙන්ම කැමති මොනවගේ චරිත රඟපාන්නද?

එහෙම නැහැ දෙන චරිතයක් බාරගන්න එපැයි. ඉතින් ඒ නිසා දැනට කරල තියෙන චරිත දෙකටම එක වගේ කැමතියි.


සිදූ එකේ සෝරත පොඩි හාමුදුරුවන්ගෙ චරිතය කරන්න පටන් අරන් කොච්චර කල් වෙනවද?

මම දෙරණට එත්දි මට අවුරුදු තුන හමාරයි. සිදු ටෙලි නාට්‍යයේ පොඩි හාමුදුරුවන්ගෙ චරිතය රඟපාන්න පටන් ගත්දි මම එක වසරෙ හිටියෙ. ඉස්කෝලෙ යන්න පටන් ගත්ත විතරයි. දැන් මම හය වසරෙ ඉන්නෙ.


අවුරුදු හයක් තිස්සෙ සිවුරක් ඇඳන් රඟපාපු කවීෂ්ට දැන් තනියම සිවුරක් ඇඳගන්න පුළුවන්ද?

මට තනියම සිවුර අඳින්න පුළුවන්. එත් සිදූ ටෙලි නාට්‍යයේ කලා අධ්‍යක්ෂණය කරන මාමා තමයි මට හැමදාම සිවුර අන්දවන්නෙ.


රඟපානවට අමතරව කවීෂ් දක්ෂ තව මොනවටද?

හඩ කැවීම්වලට ගායනයට පියානෝ වාදනයට වගේ දේවල්වලටත් මම දක්ෂයි. මුල් කාලෙ ඉඳන්ම මම දෙරණෙ ගොඩක් වැඩසටහන්වල හඬ කැවීම්වලට ගියා. මේ දවස්වල හිරු එකේ රූමා එකේ හඬ කැවීම් කරනවා.


ගොඩක් වැඩ කරන නිසා කවීෂ් ගොඩක් කාර්ය බහුල වෙලාද ඉන්නෙ?

එහෙම නැහැ ගෙදර ඉන්නත් වෙලාව තියෙනව ගෙදර ඉන්දි පාඩම් වැඩකරනව තව ඕගන් එක ප්ලේ කරනව. මල්ලිත් එක්ක සෙල්ලම් කරනව. කම්මැළි වෙලාවට ටී වී බලනව.


කවීෂගේ රඟපෑම්වල අඩුපාඩු කියන අයත් ඉන්නවද?

තවම නම් කව්රුත්ම අඩුපාඩු කියල නැහැ ගොඩක් අය කිව්වෙ හොදට කලා කියල තමයි රගපාන්න ගියහම ඩිරෙක්ටර්ල කියල දෙනව මමත් හිතාගෙනත් කරනව ඉස්සර නම් දර්ශන තලයෙදි මට ගොඩක් වැරදුණා. දැනුත් වැරදෙනව ඒත් ඉස්සර වගේ වැරදෙන්නෙ නැහැ.


කවීෂ් ෂූටිං යන්නෙ තනියමද?

නැහැ නැහැ මම තවමත් අම්මත් එක්ක තමයි ෂූටිං යන්නෙ.


රගපෑමට ගිහින් ඉගෙනීමේ වැඩ අතපසු වෙලා ටීචර්ලගෙන් බැණුම් අහලත් තියෙනවද?

මම ඉගෙනගන්නෙ කොළඹ සාන්ත පිතර විද්‍යාලයෙ හය වසරෙ දැන් අපේ ඔන් ලයින් ක්ලාස් පටන් අරන් තියෙන නිසා පන්ති වලට නොකඩවා ඉන්න උත්සාහ කරනව ෂූටි ං නිසා පන්තියකට ඉන්න බැරි උණොත් එදාට උගන්නපු පාඩම් හොයගෙන කරනව කොහොම හරි අධ්‍යාපන වැඩ හරියට කරන්න හැම වෙලාවෙම මහන්සි වෙනව.


අධ්‍යාපනය අවසන් කරල එහෙම නළුවෙක් වෙන්නද ආසාව තියෙන්නෙ

මම ගුවන් නියමුවෙක් වෙන්නත් ආසයි. ඩොක්ටර් කෙනෙක් වෙන්නත් ආසයි. ඒ වගේම රගපෑමත් කරගෙන යනව.


රගපාන්න ගිහින් සිදුවුණ ලොකුම අකරතැබ්බය මොකක්ද?

සිදූ පටන් ගත්ත කාලෙම මම එක දවසක ගොඩක් බයවුණා ඒ තමයි මම වැවක නෑව පළවෙනි වතාව එදා අපිට ෂටීං තිබුණෙ වැවේ නාල සෙල්ලං කරන දර්ශනයක් අපිට පිටුපස්සෙ තමයි කැමරා සෙට් කරල තිබුණෙ හැබැයි උඩිනුත් ඩ්‍රෝණ කැමරාවක් තිබ්බ කියල මම දැනගෙන හිටියෙ නැහැ අනික මම ඒ කාලෙ ඩ්‍රෝන කැමරා ගැන දැනගෙන හිටියෙත් නැහැ දැකල තිබ්බෙත් නැහැ ඉතින් උඩ තිබබ් ඩ්‍රෝන කැමරාව දැක්ක මම එක පාරටම බයවෙලා පැනලා දිව්වා ඒ සිදුවීම නම් මට අමතක වෙන්නෙම නැහැ.


සෝරත හාමුදුරුවන්ගෙ යාළුවො වුණ සිදූ චුට්ටටෙ එහෙම දැන් මුණගැහෙන්නෙ නැතිද?

නැහැ දැන් එයාලව හම්බවෙන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ.


කවිෂගෙ පවුලෙ විස්තර ටික්ක කියනවද?

අපේ තාත්ත රණාලෙ ලංකා ටයිල් එකේ වැඩ කරනව අම්ම අපිව බලාගෙන ගෙදර ඉන්නව මට මල්ලියෙක් ඉන්නව මේ දවස්වල අපේ ආච්චිත් අපේ ගෙදර ඇවිත් ඉන්නෙ අපි කලින් හිටියෙ හංවැල්ලෙ මගේ වැඩ වලට ලේසි නිසා අපි පිළියන්දල පදිංචියට ආවා.



ධම්මිකා සුරංජි පතිරණ