අපේ පවුලේ කවුරුත් දැනන් හිටියේ නෑ මම ඌරු පැටියෙක් හදනවා කියලා - කේ සුජීවා

Wednesday, September 08, 2021 , 0 Comments





අපේ රටේ කවුරුත් ආදරය කරන ප්‍රසංග වේදිකාවේ ඉතාමත්ම පෙරලියක් සිදු කරපු ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ආදරණීය ගීත කෝකිලාවියක් තමයි කේ සුජීවා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම කළා  ලෝකයේ විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත්ත ඇය ආදරණිය දියණියන් දෙදෙනෙකුගේ මවක්ද වනවා.  කොහොම නමුත් මේ දක්ෂ ගායන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ සුරතලුන් ගැන කතා බහ කරලා තිබුන්නේ මෙන්න මේ විදිහටයි. දැන් මගේ ළඟ  කුරුල්ලෙක් ඉන්නවා.  තව කුරුල්ලට අමතරව පූසෝ දෙනෙක් ඉන්නවා සහ බලෙක් ඉන්නවා. මම සත්තු හදන්න පටන් ගත්තේ මට අවුරුදු 7ක් විතර කාලේ ඉඳන්. මම ඉස්සෙල්ලාම හැදුවේ ඌරු පැටියෙක්. එයාව මම අපේ එහා ගෙදරින් හොරකම් කරගෙන තමා ආවේ.. ඒවගේම මම එයාව හොරෙන් තමයි අපේ ගෙදර තියන් හැදුවේ. අපේ පවුලේ කවුරුත් දැනන් හිටියේ නෑ  මම ඌරු පැටියෙක් හදනවා කියලා. 



ඒ විතරක් නෙවෙයි වැටිලා හිටපු කපුටු පැටියෙකුත් මම හදලා තියෙනවා. හැබැයි ටික දවසක් යනකොට ගෙදර කට්ටියට අහුවුණා. ඊටපස්සේ ගුටිත් කාලා, බැනුම් අහලා ලොකු ප්‍රශ්නයක් වුණා. අනිත් එක අනිවාර්යයෙන් අපේ ගෙදර අය දන්නවා මම මේ ඌරු පැටියව කොහෙන් හරි හොරකම් කරන් ආපු  කෙනෙක් තමයි කියලා. මම එයාව හැදුවේ මගේ කාමරේ වොෂ්රුම් එකේ දාගෙන. ඉරිදා දවසක කට්ටියම කෑම කකා ඉද්ඳි වොෂ්රුම් එකේ දොර ඇරලා ඇවිල්ලා මම අමතක වෙලා. ඊටපස්සේ ඌරු පැටියා සාලෙ  මැද්දට දුවගෙන ආවා. එදා තමා අහුවුණේ. අම්මා මම හොඳටම බැනුම් ඇහුවා. ඊටපස්සේ අම්මා කිව්වා එහා ගෙදරටම ගිහිල්ලා දෙන්න කියලා. මම හොඳටම ඇඬුවා. කන්නේ නැතුවත් ඉඳලා අපේ වත්තෙම පොඩි තැනක් හදාගෙන එයාව හොඳින් හැදුවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ..