ලොකු වුණාම ශාරුක් ඛාන් වගේ වෙයි කියලයි අම්මා මට බත් කැව්වේ - අශේන් සිරිවර්ධන

Wednesday, August 18, 2021 , 0 Comments




ඔහු කලාවට නවකයෙක්. කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට පෙරුම් පුරනා අයෙක්. දක්ෂතාව, උත්සාහය, අධ්‍යාපනය සහ කැපවීම මුසු ගමනක් යන්න වෙර දරනා ඔහු ජනප්‍රිය නළු අශේන් සිරිවර්ධන. ඔහුගේ අලුත්ම තොරතුරු ගැන ෙමලස පුවත්පතක් සමඟින් පවසා තිබුනා


මේ දවස්වල වැඩකටයුතු මොනවද?

අහස් මාලිගා ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කළා. ටෙලි නාට්‍යය නම් තවම විකාශය වෙනවා. 


අශේන් අහස් මාලිගාවලට සම්බන්ධ වුණේ කොහොමද?


අහස් මාලිගා ටෙලි නාට්‍යයට එක් වුණේ 606 වැනි කොටසින්. ලංකාවේ ප්‍රධාන නාළිකාවක ජනප්‍රියතම ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයට ආරාධනා ලැබුණු නිසා, “කමක් නැහැ ඔයා මේ තෝරා ගන්න” කියලා අපේ අම්මා තමයි කිව්වේ. තිර පරීක්ෂණයෙදි දීපු පළමු දෙබස් ඛණ්ඩයම සාර්ථකව ඉදිරිපත් කළා. එයින් සෑහීමට පත්වූ ඔවුන් මාව තේජාගේ චරිතයට තෝරා ගත්තා.


අශේන්ට ජොන් වීමට පහසු වුණාද?


ඇත්තටම තේජොන් සල්ලිකාර, ඕනෑම ගැහැනු ළමයෙක්ව යහළු කරගන්න හැකියාව ඇති අපෙනේ. නමුත් ඔහු අහිංසා මතෙම නැහෙනවා. මම චරිතය භාර ගනිද්දි දුෂ්ටයා කියන පැත්තට චරිතයේ වැඩි නැඹුරුවක් තිබුණා. ඇත්තටම ජෝන් කියන කෙනා නරක කෙනෙක් නොවෙයි, ඔහු මේ විධියට සටන් කරන්නේ ආදරය වෙනුවෙන් බව ප්‍රේක්ෂකයන්ට ඒත්තු ගන්වන්න මට අවශ්‍ය වුණා. ඒ සඳහා මගේ හැඟීම් ප්‍රකාශනයන් ආදිය යොදා ගත්තා. මේ චරිතය ඇතුළේ සටන් ජවනිකා රාශියක් තිබෙනවා. එනිසා ලොකු කැපවීමක් සහිතව ඒ සියල්ල ඉදිරිපත් කළා.


වෙන අයෙක් කළ චරිතයක් මඟදි භාර ගැනීම අභියෝගයක්ද?


තේජොන්ගේ කැරැක්ටර් එක කලින් කළේ දෙක පෝරගේ. ඇත්තටම කාලයක් පුරාවට එක් මුහුණකට හුරු වූ රසික පිරිසක් එක්වරම මගේ පැත්තට යොමු කරවා ගැනීමම ලොකු අභියෝගයක්. චිත්‍රපටයක වුවත් අතරමඟදි ප්‍රධාන නළුවාට වෙනත් අයකු ආදේශ වූ විට දෙවැනි කෙනා කොතරම් සාර්ථකව රඟපෑවත් රසිකයන්ට හුරු මුහුණ නැති නිසා බැනුම් අහන්න වෙනවා. කොහොම හරි ඒ දේට මම සාර්ථකව මුහුණ දුන්නා.


අශේන්නේ කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ?


මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 3ක්. පළමුවෙන්ම පොඩි පොඩි වැඩවලට සම්බන්ධ වුණා. පුබුදු චතුරංග අයියා, දිව්හානි අශෝකමාලා මැඩම් එහෙම සිටි චිත්‍රපටයක පසුබිම් චරිතයක් කළා. ඉන්පසුව මැලිබන් බිස්කට් වෙළෙඳ දැන්වීමේ උප ප්‍රධාන චරිතයක් කළා. ඉන්පසුව රැස් ටෙලි නාට්‍යයේ “නිරෝධ” නම් උප ප්‍රධාන චරිතය කළා. ඉතින් මට ලැබුණු ප්‍රථම ප්‍රධාන චරිතය අහස් මාලිගාහි ත්තේන්. එහෙම තමයි මේ ගමන පටන් ගත්තේ.


ඔබ නිරූපණ ක්ෂේත්‍රයෙනුත් ජයග්‍රහණ කිහිපයක් අත්කරගත් අයෙක්. ඒ ගැනත් මතක් කරමු?


Mr British Empire Sri Lanka තරගයේ Mr. Ceylon, Mr. Talent කියන කිරුළු දෙක ජය ගන්න පුළුවන් වුණා. එය සංවිධානය කළේ වෛද්‍ය නුවන්ඩිකා සිරිවර්ධන මිස්. ඇත්තටම සමහර ඔඩිෂන්වලට ගිය විටදී "ඔයා කවුද?, අපි නම් අර තරගය දින්නා, අවුරුදු කුමාරයා වුණා" කියලා ගොඩක් අය පුරසාරම් කියනවා. ඉතින් මටත් මගේ හැකියාව සහ දක්ෂතාව පෙන්වීමට අවස්ථාවක් ලබාගත යුතුව තිබුණා. ඒ සඳහා හොඳම තැනක් සොයන විට මගේ වාසනාවට මේ තරගය හමුවුණා. එයින් මට ජය ගන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි.


අශාන් කුඩා කාලේ ඉඳන් නළුවෙක් වෙන්න හීන මැවු කෙනෙක්ද?


ඔව්. කුඩා කාලයේත් මමත් කවදාහරි ටීවී එකේ ප්‍රධාන නළුවට රඟපානවා කියලා මම අම්මටත් කියලා තිබුණා. තරු සහභාගි වෙන වැඩසටහන්වලට කෙදිනක හෝ තරුවක් විදියට මමත් සහභාගි වෙනවා කියලා තිබුණා. ඉතින් ඒ කිව්වා වගේම මේ වසරේදී මට ඒ අවස්ථාව උදා වුණා. හීනයක් තිබුණා. ඒ වගේම, කුඩා කාලයේදී අම්මා බත් කවන්නේත්, “පුතේ මේ බත් ටික කෑවොත් තමයි ලොකු වෙලා ශාරුක් ඛාන් වගේ වෙන්න පුළුවන් වෙන්නේ" කියලයි.


නර්තනයට ඇති කැමැත්ත කොයි වගේද?


මම ඩාන්සර් කෙනෙක් නෙවෙයි. නමුත් නර්තනයටත් මම හරිම ආසයි. වුවමනාව සහ කැපවීම කියන දේ මගේ ඇඟෙන්ම තිබෙනවා. පොඩි කාලේ ඉඳලම හින්දි ෆිල්ම් බලන්න ආසයි. බොලිවුඩ්වලින් ශාරුක් ඛාන්ගේත් හොලිවුඩ්වලින් මයිකල් ජැක්සන්ගේත් නන ඉරියව් බලලා ඒ විධියට නටන්න උත්සාහ කළා. ඉතින් හිරු මෙගා ස්ටාර් තරගය තුළත් දිගු ගමනක් යන්න බලාගෙන ඉන්නවා.


ඔබ සටන් කලාවත් ප්‍රගුණ කළ කෙනෙක්. ඒ ගැනත් මතක් කරමු?


කරාතේ කියන දේටත් පොඩි කාලේ ඉඳන් මම ආසයි. ඒකාලේ ඉඳන්ම බෲස්ලිගේ ෆිල්ම් එහෙමත් බලනවා. ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මම පාර්ට් ටයිම් විධියට කරාතේ  උගන්වනවා. ආර්.ජේ. ඩික්සන් සහ ඔහුගේ සහෝදරයා ආර්.ජේ. ඇලෙක්සැන්ඩර් කියන දෙපළ තමයි මගේ කරාතේ ගුරුවරුන්.


ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොයි වන්ද?


ප්‍රවීණයන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මුල් කාලයේදී වැරැදි අඩුපාඩු ගොඩක් මා තුළත් තිබුණා. ඩයලොස් හරියට උච්චාරණය කරන්න බැහැ. සියල්ල හෙමින් ඉගෙන ගනිමින් ඉදිරියට යනවා. අහස් මාලිගා ටෙලි නාට්‍යයේ මගේ පියාට ඉන්න බුද්ධික ජයරත්න අයියා සහ අධ්‍යක්ෂතුමා ප්‍රභාත් රෝෂන් අයියා බැන බැන හරි මට ඒ දේවල් ඉගැන්නුවා. ඒ නිසා මට වචනයෙන් හරි උදවූ කරපු හැමෝටම මම ණය ගැතියි. ගොඩක් අය කියනවා, “නිර්මාණ එකක දෙකක වැඩ කළාම ගොඩක් නවකයගේ ලොකු සීන් කියලා”. ඇත්තටම මම එහෙම නැහැ. මම තාම පටන් ගැන්මේ ඉන්නේ. අදාළ සීන් එක කරන්න ඕන කොහොමද, මගේ අඩුපාඩු මොනවද කියන දේ ප්‍රවීණයන්ගෙන් නිතරම අහනවා. ඔවුන් නිහතමානීව ඒ සියල්ල කියා දෙනවා.


සිනමාවට එන්නත් ආසාවක් ඇති?


නිර්මාණයක් කරන්නත් හිතාගෙන ඉන්නවා. විශ්වවිද්‍යාල සමයේදී සිනමාව සම්බන්ධ විවිධ පැතිකඩයන් පිළිබඳව ඉගෙන ගත්තා. පසුව මා අධ්‍යක්ෂණය කොට නිර්මාණය කළ මියුසික් විඩියෝවකුත් එළිදැක්වූවා. පුරුද්දක් විධියට, මට රූගත කිරීම් නැතිනම්, අධ්‍යක්ෂතුමා රංගන ශිල්පීන්ට හසුරුවන ආකාරය, ලයිටිස්, කැමරා හැසිරවෙන ආකාරය, සටන් ජවනිකා සිදුවෙන ආකාරය පවා මා තනිවම අධ්‍යයනය කරනවා. විශේෂයෙන්ම අහස් මාලිගා නාට්‍යයෙහි අවසාන කොටස්වලදී මමත් සහ අනික් අය කළ සටන් ජවනිකා දෙකක්ම choreography කරන්නත් මට හැකිවුණා. එයට ප්‍රභාත් රෝෂන් අයියා ලොකු සහයෝගයක් දුන්නා. එය මට විශේෂයි.


පවුලේ විස්තරත් කියමු?


පවුලේ ඉන්නේ අම්මා, තාත්තා සහ මම පමණයි. මම සාමාන්‍ය පෙළ, උසස් පෙළ දෙකම හැදෑරුවේ කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන්. 


ස්තූතිවන්ත පිරිසක් ඇති?


මගේ අම්මට තාත්තට, වෛද්‍ය නුවන්ධිකා සේනාරත්නට මිස්ට, හිරු අහස් මාලිගා ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂතුමා ප්‍රභාත් රෝෂන් අයියා ඇතුළු පිරිසට, බුද්ධික ජයරත්න අයියට, හිරු නාළිකාවේ සභාපතිතුමා ඇතුළු පිරිසටත්,  උදවු කළ සැමටත් ගොඩක් ස්තූතියි.