මං රංගන ජීවිතයෙන් විවේකයක් ගත්තේ දරුවා වෙනුවෙන් - මහේෂි මධුසංකා

Monday, July 12, 2021 , 0 Comments




කාලයකට පසුව ඇය නැවතත් පුංචි තිරයේ දක්නට ලැබෙන්නේ ස්වර්ණවාහිනියේ විකාශය වන "ඇය" ටෙලි නාට්‍යයෙනුයි. මහේෂි මධුසංකායි. ඇගේ මේ දවස් වල අලුත් විස්තර ගැන මෙලෙස පුවත්පතක් සමඟින් පවසා තිබුනා.


කොහොමද මේ දවස්වල ජීවිතේ?

පරිස්සමින්, සෞඛ්‍යාරක්ෂිතව සිටිනවා.


කලා කටයුතුවල විස්තර කොහොමද?

"ඇය" ටෙලි නාට්‍යයේ රූගත කිරීම් නුදුරේදි අවසන් වුණා. තවත් අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා.


ප්‍රසූත කාලය නිමවූ පසුවත් ඇය ටෙලි නාට්‍යයේ චරිතය ඔබටම හිමි වුණා. නැවත ඒ චරිතයට හැඩගැසෙන්න ඔබගේ සිරුරේ හැඩය වෙනස් කරගත්තද?


මං කිරිදෙන මවක් නිසා පෝෂණ තත්ත්වය ගැන වැඩියෙන් හිතනවා. ඒ නිසා සිරුරේ හැඩය පවත්වා ගන්න විශේෂ යමක් සිදුකළේ නැහැ. ඇය ටෙලි නාට්‍යයෙන් දරුවන් දෙදෙනකුගේ මවකගේ චරිතයට පණපොවන නිසා මගේ ශරීර ස්වභාවය එකී චරිතයට ගැටලුවක් වුණේ නැහැ.


ඇය කියන්නේ විදේශීය නාට්‍යයක කොපියක්ද?


ඇය ටෙලි නාට්‍යයේ තිර රචනය සිදුකරන්නේ චින්තක පීරිස් මහත්මයා. එකවගේ නිර්මාණ කිහිපයක් බිහිවීමේ අවකාශය පවතිනවා. මං හිතන්නේ "ඇය" කියන්නේ යම් ආභාසයකට ලියැවුණු ලාංකික අනන්‍යතාව එක්වූ නිර්මාණයක්.


අඥ ඩඥ චිත්‍රපට ටෙලි නාට්‍ය තුළින් කලා නිර්මාණවල ගුණාත්මකභාවය විචලනය වෙනවාද?

නිර්මාණයක් කොපියක්ද නැද්ද කියන කාරණයට වඩා එකී නිර්මාණය තුළින් ආදර්ශයක් සමාජයට ලැබෙනවාද කියන කරුණයි වඩාත් වැදගත් වෙන්නේ. අපේ රටේ බොහොමයක් දෙනා අගය කරන්නේ විදේශීය ටෙලි නිර්මාණ. නමුත් එයින් අපේ රටට ආදායමක් ලැබෙන්නෙ නැහැ. ඒ වගේම අපේ කලාකරුවන්ට ආදායමක් වගේම සමාජ පිළිගැනීමක් හිමිවෙන්නේ නෑ. කොපියක් වුණත් ලංකාවේ කරනවා නම් වගේම අපේ කලාකරුවන්ට අවස්ථාවක් ලබාදෙනවා නම් එය අගය කළ යුතුයි.



ජනප්‍රියත්වයේ හිණිපෙත වැජඹෙන විට ඔබ කලා ක්ෂේත්‍රයෙන් මඳක් සමුගන්නවා

. එකී විස්වේචනය නිසා ප්‍රේක්‍ෂකයන්ගෙන් ඔබ තරමක් අවෑත් වුණා නේද?


රැකියාව හා පවුල් ජීවිතය සමබර කරගැනීමේදී ඇතැම් විට වෘත්තීය ජීවිතයෙන් තරමක් අරූත් වෙන්න සිදුවන අවස්ථාවන් තිබෙනවා. මං රංගන ජීවිතයට මඳ විවේකයක් ලබාදුන්නේ මගේ ආදරණීය දරුවා වෙනුවෙනුයි. ඒ නිසා මට ඒ ගැන අංශු මාත්‍රයකවත්  දුකක් නැහැ.


 පුංචි තිරයේ රඟපාන ඇතැම් කලාකරුවන් රිදී තිරය තුළදී රංගනයෙන් අසාර්ථක වෙනවා. රිදී තිරය තුළ බහුලව දකින රංගන ශිල්පීන් රංගන ශිල්පිනියන් ටෙලි නාට්‍ය තුළ රංගනයෙන් අසාර්ථක වෙනවා. මෙවැනි තත්වයක් පැන නගින්නේ ඇයි?


රංගන ශිල්පීන්ට හෝ රංගන ශිල්පිනියන්ට රිදී තිරයටත්, පුංචි තිරයටත් කොටුවෙන්න අවකාශයක් නැහැ. මං ක්ෂේත්‍රයට පිවිස්සෙන්නේ චිත්‍රපටයකින්. ඒ නිසා ගොඩක් අධ්‍යක්‍ෂවරුන් මට පැවැසුවා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න එපා කියලා. අපට චිත්‍රපටයක් හිමිවන්නේ මසකට හෝ මාස කිහිපයකට පසුවයි. 

චිත්‍රපටයක රඟපෑවත් එය තිරගතවීමට අවුරුද්දක්, දෙකක් හෝ ඊට වැඩි කාලයක් ගත වෙනවා. මං චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙලා වසර 02ක් කිසිම ටෙලි නාට්‍යයක් භාර නොගෙන බලන් හිටියා. මගේ පළමු චිත්‍රපටය තිරගත වෙනකොට මං ටෙලි නාට්‍ය දෙකකට රංගනයෙන් දායකවී හමාරයි. විනෝදාංශයක් විදියට රංගන කටයුතු කරනවා නම් චිත්‍රපටවලට විතරක් කොටුවෙන්න පුළුවන්. වෘත්තීය මට්ටමේ දී එකී සිද්ධාන්තය අසාර්ථකයි.


එකී ක්‍ෂේත්‍රයන් ද්විත්වයේම අසාර්ථක නොවී ස්ථාවරත්වය පවත්වා ගන්නේ කොහොමද?


රංගනය කියන්නේ හැදෑරිය යුතු විෂය පථයක්. ඒ වගේම ප්‍රවීණයන් සමඟ කටයුතු කරන කොට ඔවුන්ගේ දැනුම උකහා ගතයුතුයි. රිදී තිරයේ සාර්ථකවීම් පුංචි තිරයේ නොපෙනීමටත්, පුංචි තිරයේ ජනප්‍රිය තරු රිදී තිරයේ අසාර්ථකවීමේ අවස්ථාවත් අපේ කලාකරුවන්ට පමණක් පොදු කරුණක් නොවෙයි. එයට වාසනා ගුණයත් කරමින් හෝ බලපානවා.


මවගේ භූමිකාව හා වෘත්තීය ජීවිතය සමබර කරගන්නෙ කොහොමද?


තමන්ගේ දරුවන්ගේ වගකීම තමන්ම දැරිය යුතුයි කියන මනසේ මං ඉන්නවා. කාලය කළමනාකරණය කර ගැනීම තුළ වෘත්තීය ජීවිතය වගේම මවගේ භූමිකාව සමබර කරගන්න පුළුවන්.


පවුලේ විස්තර කොහොමද?

මගෙ අම්මා, සැමියා, දුව, පුතා මගේ පවුලේ ඉන්නෙ.