අපේ සිනමාවේ රොමෑන්ටික්ම නළුවා හේමාල් - ශානිකා නිරෝෂනී

Friday, April 09, 2021 , 0 Comments




ජනනි කියන්නේ එක්දරු මවක්. ඒත් ඇය විවාහ වෙලා තියෙන්නෙ තමන් කැමති පිරිමියා එක්ක නෙවෙයි. ජනනි ආදරය කළේ ඔස්කාට. නමුත් ඔහුගේ මොකක්දෝ වැරැද්දක් නිසා ඇය ඔස්කාගෙන් වෙන්වෙනවා. නැවතත් ජනනි හා ඔස්කා හමුවන්නේ ජනනි මවක් වූවාටද පසුව. මේ ජනනි සිටින්නේ කලම්බු චිත්‍රපටයේ. එය මේ දිනවල ප්‍රේක්ෂක ඔබට නැරැඹිය හැකි සිනමාපටයක්. අසම රන්දිල් ලියනගේ අධ්‍යක්ෂණය කළ කලම්බු සිනමාපටය සමඟින් තවත් කතා නායිකාවක් සිංහල සිනමාවට එක් වුණා. ඇය තමයි ජනනි හැටියට එහි චරිතය රඟන්නේ. ජනනිගේ ඇත්ත නම ශානිකා නිරෝෂනී. ඉතිං ඇය ඇගේ අලුත් තොරතුරු ගැන මෙලෙස පුවත්පතකට පවසා තිබුනා.


 


ශානිකා, ඇත්තද ඔබ වඩාත් කැමැති සිනමාවට කියලාද කියන්නේ?


අනිවාර්යනේම. මම සිනමාව කියන මාධ්‍යට බෙහෙවින් ආදරේ කරනවා. ඒකට ප්‍රධානම හේතුව මම සිනමා රසිකාවක් වීම. අපේ තාත්තා හරියට චිත්‍රපට බැලුවා. ඒ ආභාෂය මටත් ලැබුණා. කවදාහරි සිනමාව කියන මාධ්‍යය පැත්තෙන් තමයි මම ඉදිරියට යන්න හිතාගෙන ඉන්නේ.


 


එතකොට ඔබ ටෙලිනාට්‍යය රඟපාන්නේ නැද්ද?


කලම්බො සිනමාපටය ෂූට් කළේ 2016. එය රිලීස් වුණේ වුණේ මේ අවුරුද්දනේ. ඒ අතරතුර දී මට නිර්මාණ කිහිපයකටම කතා කළා. විශේෂයෙන්ම ටෙලිනාට්‍යවලට. නමුත් දැනට මගේ ප්‍රතිපත්තියක් තියෙනවා ටෙලිනාට්‍යවල රඟපාන්නෙ නැහැ කියලා. ඒ නිසා මම ඒ ආරාධනා සියල්ල ප්‍රතික්ෂේප කළා.


 


ඒක ඔබට අවාසියක් නෙවෙයිද?


නැහැ. මම එහෙම හිතන්නේ නැහැ.


 


කලම්බු චිත්‍රපටය ඔස්කාගේ චරිතය නිරූපණය කරන්නේ ජනකාන්ත නළු හේමාල් රණසිංහ. මොකද හිතෙන්නේ ප්‍රථම චිත්‍රපටය ඔහුත් එක්ක රඟපාන්න ලැබීම ගැන?


ඇත්තටම හේමාල් රණසිංහ කියලා කියන්නේ අපේ දැනට සිනමාවේ ඉන්න රොමෑන්ටික්ම නළුවා කියලා තමා කියන්නේ. මම ඔහුත් එක්ක රඟපාන බොහොම කැමැත්තෙන් හිටියා. මම ගෙදර අයත් එක්කත් සඳහන් කරලා තියෙනවා මම කවදහරි හේමාල් එක්ක රඟපානවා කියලා. හැබැයි කවදාවත් හිතුවේ නැහැ ප්‍රථම චිත්‍රපටයම ඔහුත් එක්ක රඟපාන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම ගොඩක් රංගන ශිල්පිනියන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා හේමාල් එක්ක රඟපාන්න. ඇත්තටම ඔහු ඉතා හොඳ නළුවෙක්. ඒ වගේම හොඳ මනුස්ස ගතිගුණ ඇති තැනැත්තෙක්. මම හිතනවා මටත් ලොකු වාසිදායක දෙයක් වුණා කියලා ඔහුත් එක්ක ප්‍රථම චිත්‍රපටයේම රඟපාන්න ලැබීම නිසා.


 


හේමාල් එක්ක රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම් 


මොනවද තියෙන්නේ?


ඇත්තටම මං අර කලින් සඳහන් කළේ හේමාල් කියන්නේ හොඳ ගතිගුණ තියෙන මනුස්සයෙක් කියලා ඒ වගේම ඔහු හරියට කාන්තාවන්ට ගරු කරනවා. එක්තරා අවස්ථාවකදී අපිට තිබුණා කෝවිලක ෂූට් කරන්න. ඒ වෙලාවේ අපිට ඇඳුම් මාරු කරගන්න හරියට තැනක් තිබුණේ නැහැ. හේමාල් ඉක්මනින් ඒ තත්ත්වය තේරුම් ගෙන මට ඇඳුම් මාරු කරගන්න ඔහුගේ වාහනයට යන්නේ කියලා කිව්වා. ඇත්තටම ඒක ඒ වෙලාවේ ලොකු උපකාරයක් වුණා මට. ඒ වගේ ඔහු අති විශාල සහායක් දුන්න මට මේ චරිතය ගොඩනඟා ගන්නත්.


 

ඔබ ජනනි නම්?


ඇත්තටම ඒකට උත්තරයක් දෙන්න අමාරුයි. මොකද ජනනි කියලා කියන්නේ පිටපතකින් ගොඩනඟපු චරිතයක්නේ. හැබැයි මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. ඔය තත්ත්වය තුළදී ජනනි තමන්ගේ පැත්තෙන් ගන්නා තීරණ නිවැරදියි.


 

ඔබ විවාහකයි?


ඔව් මමත් මවක්. මගේ හස්බන්ඩ් පූර්ණ සචින්තක. ඔහු කලාවට සම්බන්ධ නෑ. ඒ වගේම සැමියාගෙන් කිසිදු වාරණයක් නැහැ මගේ රංගන කටයුතුවලට.


 

ඔබේ ගම කොහෙද

මම දෙල්ගොඩ


 

ඉගෙනගත්තු පාසලත් සඳහන් කළොත්?

කරුණාරත්න බෞද්ධ මහා විදුහල මත්තුමගල.


 

උපන්දිනය

91 නොවැම්බර් 01