ආදරය සුන්දර වරදකි කියලා තමයි කියන්න වෙන්නේ - සංගීත් සතරසිංහ

Thursday, March 25, 2021 , 0 Comments

 



හිමොග්ලොබින් තරමටම කලාවත් ඔහුගේ රුධිරය හා මුසු වී පවතින නිසා කෙටි කාලයකින් ඔහු කලා ක්ෂේත්‍රයේ දීර්ඝ ගමනක් ගොස් හමාරය. මේ වන විට ඡායාරූපකරණයට අත්පොත් තබා වෙනස් මානයන් සොයා යන ගමනකද ඔහු ගමන් ගනිමින් සිටියි. “සංගීත් සතරසිංහ" ඉතිං ඔහු ඔහුගේ අලුත් තොරතුරු ගැන මෙලෙස පුවත්පකට කියා තිබුනා


කොහොමද මේ දවස්වල ජීවිතේ?

හොඳින් සතුටින් කාලය ගෙවනවා.


කලා කටයුතුවල විස්තර?

චනුක පෙරේරාගේ “අපේ අම්මා”, “පස්” කියන ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක  වෙනවා. අර්ජුන කමලනාන්ගේ නිර්මාණයක් වූ මංජුල මොරගහ අධ්‍යක්ෂණය කරන “ගුඩ් නිවුස්” කියලා නාට්‍යයකට මේ දවස්වල දායක වෙනවා. නිහාල් ප්‍රනාන්දු මහත්මයා හා බුද්ධික සේරසිංහගේ නාට්‍ය 2කටත් සම්බන්ධ වෙලා ඉන්නවා.



කොහොමද කලා ලෝකයේ ඉපදෙන්නේ?

මං මුලින්ම ක්‍ෂේත්‍රයට ආවේ ගුවන්විදුලි නිවේදකයෙක් විදිහට. ඉන් පස්සේ රූපවාහිනියේ වැඩසටහන් මෙහෙයවන්නෙක් ලෙස කටයුතු කළා. හිරු එෆ්.එම්.එකේ, නෙත් එෆ්.එම්.එකේ වැඩසටහන්වලට හඩ කැවීමෙන් දායක වුණා. මෑන් හන්ට් එකේ “Mister Personality" වීමේ අවස්ථාව උදාවෙන්නේ ඒ අතරවාරයේ. 2012 මුල් භාගයේදී "සඳසාවී” නාට්‍යයෙන් රංගන හැකියාව පෙන්නුම් කිරීමට මට හැකි වෙනවා. කලාවට අත්පොත් තබන්නේ එහෙමයි.


ඒ කියන්නේ පියාගේ පසුපසේ වැටෙන්නේ නැතිව ඔබගෙන්ම මාර්ගයකින්ද කලාවට පිවිසෙන්නේ?

ඔව් ඇත්තෙන්ම. තාත්තාගෙන් උදවු ලැබුණු අවස්ථා තිබුණා. ඒත් මං මුල්ම නාට්‍යයට රඟපෑවෙත් සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වෙලා. මං ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ හාස්‍යමය රංගනයෙනුත් නෙමෙයි. මං මගේ පාරක් හදාගෙන මගේ ගමන යන්නේ. ඒ ගමනට තාත්තාගෙනුත් උපරිම සහයෝගය ලැබෙනවා.


මේ දවස්වල ගොඩක් නළු නිළියන් ජනප්‍රිය ලිස්ට් එකට පොරකනවා. ඔබත් ඒ තරගයට තරගකාරිත්වයක් දෙනවද?

නැහැ. මං ඒ තරගයෙන් ටිකක් අවෑත් වෙලයි ඉන්නේ. පසුගිය වසරේ මං රඟපෑවා “රන්තිලි වැව” නාට්‍යයට. එය ගුණාත්මක ගණයේ නාට්‍යයක්. අඩුම තරමේ ඒ නාට්‍ය කිසිම සම්මාන උළෙලක නිර්දේශිත නාමයන් අතර්වත් නැහැ. ඒ නිසා සම්මාන හිමිකර දෙන්නේ කුමන පදනමකින්ද කියන ගැටලුව මට තියෙනවා. ඒ නිසා ජනතා සම්මානය, ඔහුගේ ආදරය මට ලැබෙනවා. එය හොඳටම ප්‍රමාණවත්.


ඡායාරූපකරණයට යොමු වන්නේ කොයි කාලයේද?

පාසල් යන කාලේ ඡායාරූපකරණය පිළිබඳ හැදෑරීමක් කළා. වෘත්තියක් විදිහට ඡායාරූප කරණයට යොමු වුණේ මීට වසර 2කට විතර ඉහතදීයි. මේ වෙනකොට ඒ කාර්යයන් සාර්ථක මට්ටමක පවතිනවා.


වෘත්තියක් විදිහට ඔබ තෝරාගන්නේ රංගනයද? ඡායාරූපකරණයද?

මගේ ජීවිතයේ හැමදාම අංක එකට තිබුණේ රංගනය. ඡායාරූපකරණය අමතර වෘත්තියක් ලෙස හැකිතාක් කාලයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.



ජීවිතේ ආපස්සට ගිහින් වැරදුණු තීරණයක් , වැරදුණු තැනක් හදාගන්න වරමක් දුන්නොත් ඔබ මොකද කරන්නේ?

ගිය දේවල් ගියා. අතීතයේ කරපු වැරැදි වර්තමානයේදී නිවැරැදි වෙනවා. ඒ නිසා අතීතයෙන් පාඩම් ඉගෙනගෙන වමානයේ හරියට ජීවත්වීමයි මගේ අදහස.


ජනප්‍රියත්වය පෞද්ගලිකත්වයට බාධා වුණු අවස්ථා තියෙනවාද?

රංගන ශිල්පියෙක්ට ඒක දරාගන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට ආදරේ කරන, අප වටා ඉන්න මිනිස්සු නිසයි අපේ ජීවිත ගොඩනැගෙන්නේ. ඒ නිසා ප්‍රශංසා, නින්දා, ගැරහුම්, උපේක්ෂාවෙන් දරාගන්නවා. ප්‍රේක්ෂකයන්ට කරදරයක් වුණොත් ඒක අපේ පැවැත්මට බාධාවක් වෙනවා.


ආදරය ගැන මොකද හිතෙන්නේ?

ආදරය සුන්දර වරදකි කියලා තමයි කියන්න වෙන්නේ.



ඒ කියන්නේ පෙම්වතෙක් නෙවෙයිද?

ඔව්. පෙම්වතෙක් නෙමෙයි.


පෙම්වතෙක් වෙන්න අහලකවත් හීනයක් නැද්ද?

නැතේ නැහැ. සුදුසු කාලෙදී සුදුසු කෙනා ලැබෙයි කියලා විශ්වාස කරනවා.


පෙම්වතියක් වෙනවා නම් ඇය සම්පුර්ණ කළ යුතු ගතිගුණ මොනවාද?

තමන් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වීමයි වැදගත්ම ලක්ෂණය. හොඳ තේරුම් ගැනීමක් තියෙන, වෘත්තීය භාවය අඳුරගන්න පුළුවන් කෙනෙක් වෙනවා නම් ගොඩක් හොඳයි.


පියාගේ අඩිපාරේ යමින් රංගනයෙන් එහා පියවරක් තියන්න බලාපොරොත්තුවක් තියෙනවද?

අදහසක් තියෙනවා අධ්‍යක්ෂණයට යොමු වෙන්න. ඒත් ඒ වගේ තැනකට යන්න තාම මං තෙම්පරාදු වෙලා මදි කියලා මට හිතෙනවා.


විශ්මි ජයනිකා