විරාජ්ව අතහරින්න කියලා හැමෝම කියනවා - හංසි දෙව්මිණි

Thursday, March 25, 2021 , 0 Comments

 




 මේ දිනවල ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වන 'හදවිල අරණ', ස්වර්ණවාහිනි නාළිකාවේ 'ඇය' ටෙලි නාට්‍යයෙහි සහ දෙරණ නාළිකාවේ "ධරණි' යන ටෙලි නාට්‍යයන් ත්‍රිත්වය තුළින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන ඇය නමින් හංසි දෙව්මිණි. මේ දිනවල ඇයගේ වැඩකටයුතු සහ නවතම තොරතුරු ගැන ඇය මෙලස  පුවත්පතකට පවසා තිබුනා.



ඔබ රංගනයට සම්බන්ධ වූ ආකාරය මතක් කළොත්?

මම කුඩා කාලයේදී නිවේදිකාවක් වශයෙන් තමයි මුලින්ම සම්බන්ධ වුණේ. Max TV එකේ සහ CSN නාළිකාවේ ළමා පුවත් නිවේදිකාවක වශයෙන් සම්බන්ධ වුණා. ඒත් එක්කම ළමා වැඩසටහන් මෙහෙයවන්නියක වශයෙනුත් කටයුතු කළා. එතකොට මට අවුරුදු 14ක් විතර ඇති. ඉන්

අනතුරුව සිරස නාළිකාවේ සිරස වෙසක් කලාපය, සිරස අවුරුදු උත්සවයන්හි නිවේදන කටයුතුවලටත් මට අවස්ථාව හිමිවුණා. එහෙම තමයි කලාවට මුලින් සම්බන්ධ වුණේ.


සිරස Film Star කියන්නේ ඔබගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය නේද?

ඔව්. 2017 වසරේදී සිරස Film Star තරගයේ අවසන් 16 දෙනා අතරට එන්න මට අවස්ථාව හිමි වුණා. එය මා ලද භාග්‍යයක් ලෙස සලකන්න පුළුවන්. 


හදවිල අරණ ටෙලි නාට්‍යයෙහි "යශෝධා" ගැනත් අපි මතක් කරමු?

හදවිල අරණ ටෙලි නාට්‍යයෙහි වොල්ගා කල්පනී අක්කාගේ යාළුවාට තමයි මම රංගනයෙන් එක් වෙන්නේ. 


හදවිල අරණ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ

කොහොමද?

හදවිල අරණ ටෙලි නාට්‍යයෙහි Make up ආර්ටිස්ට් කෙනෙක් වශයෙන් කටයුතු කරන Sharu Kumara (පැංචා) අයියාගේ මාර්ගයෙන් හදවිල අරණ  ටෙලි නාට්‍යයේ නිෂ්පාදකතුමා හේරත් වර්ණකුලසූරිය මහතාව හඳුනා ගන්න අවස්ථාව ලැබුණා. ඔහුගේ මාර්ගයෙන් තමයි එම ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ.


ස්වර්ණවාහිනි නාළිකාවේ 'ඇය' ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ කොහොමද?

ඇය ටෙලි නාට්‍යයෙහි අධ්‍යක්ෂතුමා සමන්කුමාර ලියනගේ මහතාගේ ආරාධනයෙන් තමයි එම ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ.


ඇය ටෙලි නාට්‍යයෙහි ස්ටෙලා කියන්නේ බොහොම විනෝදකාමී චරිතයක්

නේද?

 ඔව්. ඇත්තටම මම පෞද්ගලිකව හරිම ආස චරිතයක් තමයි ස්ටෙලා කියන්නේ. සින්දු එහෙම අහගෙන සතුටින් කාලා බීලා විනෝදයෙන් ඉන්න චරිතයක් තමයි ටෙලා කියන්නේ.


ස්ටෙලා කියන්නේ සැබෑ ජීවිතයේදී ඔබගේ චරිත ලක්ෂණයන්වලට සමීප චරිතයක්ද?

මගේ සැබෑ ජීවිතයට ස්ටෙලා කියන චරිතය ගොඩක්ම සමීප නැහැ. නමුත් සැබෑ ජීවිතයේදී මමත් ස්ටෙලා වගේම හරිම විනෝදයෙන් ඉන්න ආස කරන කෙනෙක්.


ධරණි ටෙලි නාට්‍යයට සම්බන්ධ වූ ආකාරයත් මතක් කරමු?

ධරණි ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ ප්‍රදීප් මාණවඩු අයියා නිසයි. (සිඳු ටෙලි නාට්‍යයෙහි "දරපාන්') ධරණි ටෙලි නාට්‍යයෙහි ශ්‍රියන්ත ප්‍රසාද් මහතාවත් මේ අවස්ථාවේදී මතක් කළ යුතුයි.


ධරණි ටෙලි නාට්‍යයෙහි දුලානි මිස් කියන චරිතයට වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවාලු නේද?

ඇත්තටම ඔව්. කතාව තුළදී මගේ තාත්තා මම යාළුවෙලා ඉන්න පිරිමි ළමයාගෙන් සල්ලි ගන්නවා. ඉතින් මම පාරේ යනකොට "  තාත්තා බෑනාගෙන් සල්ලි ගත්තා නේද කියලා" ප්‍රේක්ෂකයන් මගෙන් අහනවා. ඒ වගේම "දුලානි මිස් විරාජ් නිසා ඔයතරම් අඩන්න එපා. විරාජ්ව අතහරින්න. ඔයාට හොඳ කොල්ලෙක් හොයා ගන්න පුළුවන්" කියලත් සමහර අය මට කියලා තිබෙනවා. ඇත්තටම ඉතින් එවැනි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන එක ගැන මට ඇත්තටම සතුටුයි.


දුලානි මිස් වගේම සැබෑ ජීවිතයේදීත් ඔබ ප්‍රේමවන්තියක්ද?

තවම නම් නැහැ. ඇත්තටම විරාජ් වගේ ආදරේ වැඩිකමට නපුරුකම් කරන පිරිමි ළමයකුට නම් මම කැමැති නැහැ. ඒ වගේ නීති දාලා තිබෙන ආදරයක් මගේ ජීවිතයේ ඉදිරියේදී මට හම්බ වුණෙතින් පෞද්ගලිකව මම නම් භාර ගන්නේ නැහැ. මොකද මම ගොඩක් නිදහසේ ඉන්න කැමැති කෙනෙක්.


ඔබ කුඩා කල සිට රංගනයට ඇලුම් කළ කෙනෙක්ද?

ඔව්. රංගනයට කුඩා කල සිටම ආශාව තිබුණා. නමුත් ඉගැනීම් කටයුතු නිසාවෙන් රංගනය සඳහා ගෙදරින් අවසර ලැබුණේ නැහැ. එයාලා මට නිතරම කිවේ කැම්පස් යන්න කියලා තමයි. අද වන විට මම ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අතරම රංගනයටත් අවස්ථාව හිමි කරගෙන තිබෙනවා. ඒ පිළිබඳව මට ඇත්තටම සතුටුයි.


ඉදිරියේදී වෘත්තීයමය රංගන ශිල්පිනියක වීමට ඔබ තුළ බලාපොරොත්තුවක් තිබෙනවාද?

ඇත්තටම ඔව්. ඉදිරියේදී රංගනය තුළින්ම ඉදිරියට යන්න තමයි මම ගොඩක්ම කැමැති.


පාසල් කාලය සහ ඔබගේ පවුලේ විස්තරත් මතක් කරමු?

මම ඉන්නේ දෙමටගොඩ. මගේ පවුලේ ඉන්නේ අම්මා, අප්පච්චි, අයියා, මම විතරයි. මගේ පාසල් දෙක කොළඹ ප්‍රෙබිටීරියන් බාලිකා විද්‍යාලය සහ ගම්පහ තක්ෂිලා විද්‍යාලයයි. මම දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ නාට්‍ය හා රංග කලාව විශේෂවේදී උපාධියේ තුන්වැනි වසර ඉගෙනුම ලබමින් ඉන්නවා.


කලාව තුළින් ඉදිරියට යෑමට නම් යම් අධ්‍යයනයක් සමඟ කටයුතු කළ යුතුයැයි ඔබ සිතනවාද?

ඔව්. අනිවාර්යයෙන්ම කලාව තුළින් ඉදිරියට යන්න බලාපොරොත්තු තියෙනවා නම් හැදෑරීමක් සමඟ ඉදිරියට යෑම අත්‍යවශ්‍යයි. මම දැනට විශ්වවිද්‍යාලය තුළත් රංගනය පිළිබඳව හදාරමින් සිටිනවා. ඉතින් කැම්පස් එක තුළ උගන්වන දේවල් ප්‍රායෝගිකව අක්හදා බැලීමට ටෙලිනාට්‍ය රංගනය තුළින් මට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ නිසා රංගන කටයුතු සාර්ථකව කරගෙන යෑමටත් ඒ තුළින් මට පහසුවක් සැලසෙනවා.

මම හිතන විදිහට යම් දෙයක් පිළිබඳව හදාරමින් ජීවිතය තුළදී ඉදිරියට යා හැකි නම් ඒ යන ගමන තුළදී අපට හමුවන බාධක පහසුවෙන් ජය ගත හැකියි.


චිත්‍රපටවලට ඔබට ආරාධනා ලැබුණේ නැද්ද?

ආරාධනා දෙකක් ලැබුණා. ඒ අතරින් රංගනයෙන් දායක වුණු චිත්‍රපටයක් ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.


ඉදිරියට එන්න තිබෙන නිර්මාණ මතක් කළොත්?

බොරදිය මල් කියලා අලුත් ටෙලි නාට්‍යයක් ඉදිරියට එන්න තිබෙනවා.


ඔබ තුළ අනාගතයේදී ජනප්‍රියතම නිළිය කියන කාණ්ඩයට නිර්දේශ වීමට කැමැත්තක් තිබෙනවද?

ජනප්‍රියතම ගණයට වඩා මම වඩාත්ම කැමැති කෙදිනක හෝ හොඳම කියන සම්මානය ලබා ගැනීමටයි. ඇත්තටම බොරු කියන්න අවශ්‍ය නැහැ කුමන හෝ සම්මාන උළෙලක නිර්දේශිත නාම අතරට හෝ මගේ නම රැගෙන ඒමට මමත් කැමැතියි. එය මගේ එක හීනයක්. ඇත්තටම ඒ හීනයට යන්න තමයි මේ උත්සාහ කරන්නේ.