මම ලොකුවට වෙඩින් එකක් ගන්නේ නැ, ඒත් ළඟදීම බඳිනවා - සම්පත් ශ‍්‍රී රෝෂන්

Thursday, March 25, 2021 , 0 Comments

 



ඔහුව අපිට මුලින්ම මුණ ගැහෙන්නේ ජීවිතය ලස්සනයි. පන්සිළු විදිහට. ඒ කාලේ මොහු හරි ජනප‍්‍රියයි. ඊට පස්සේ මේ චරිතය අපිට විවිධ ටෙලිනාට්‍ය හරහා ද චිත‍්‍රපට හරහා ද දකින්න ලැබුණා. පස්සෙ කාලයක අධ්‍යක්‍ෂවරයෙක් විදිහටත් මුණ ගැහුණා. අද දවසේ ඔහු ආට් ටෙලිනාට්‍යයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් විදිහටත් අපිට මුණ ගැහෙනවා. මේ හාදයා වෙන කවුරුවත් නෙමෙයි සම්පත් ශ‍්‍රී රෝෂන්. මෙයා දැන් කොහේද ඉන්නේ මොනවද කරන්නේ කියලා පුවත්පකට මෙලෙස කියා තිබුනා.

 


සම්පත් කොහොමද?

 

 වරදක් නෑ. හොඳින් ඉන්නවා.

 

 ‍ෙදැන් කොහේද පදිංචිය

 

 ඔස්ට්‍රේලියාවේ. මම මෙහේ ස්ථිර පදිංචියට ආවා.

 

 ලංකාවෙන් ගියේ කොයි කාලෙද?

 

 2018 අවුරුද්දේ තමයි ලංකාවෙන් ආවේ. ලංකාවෙන් ඇවිත් අවුරුදු දෙකක් විතර වෙනවා.

 

 හදිසියේම ලංකාවෙන් ගියේ ඇයි?

 

 හදිසියේම නෙමෙයි. මම ලංකාවේ ටෙලිනාට්‍ය ක්‍ෂේත‍්‍රයේ අවුරුදු 18 ක් විතර වැඩ කළා. ඉතිං ඒකාලය තුළ මට මගේ කියලා දියුණුවක් ගොඩනඟා ගන්න බැරි වුණා. මටත් කියලා මොනවාහරි දෙයක් කරන්න ඕනෑ හින්ද ඔස්ට්‍රේලියාවට ආවා.

 

 කලකිරීමෙන්ද ආවේ?

 

 අයේ එහෙම දෙයක් නැහැ

 

  ඔස්ට්‍රේලියාවේ මොනවද කරන්නේ?

 

 මම මෙහේ ව්‍යාපාරයක් කරනවා

 

  මොකක්ද ව්‍යාපාරය?

 

 මට මෙහේ වීඩියෝ ඇන්ඞ් ෆොටෝග‍්‍රැෆි කම්පැනියක් තියෙනවා. ව්‍යාපාර ක්‍ෂෙත‍්‍රයේ සියලූම දේවල් මගේ ආයතනයේ කරගන්න පුළුවන්. විශේෂයෙන් වෙළෙඳ ප‍්‍රචාරණයට අවශ්‍ය සියලූම දේවල්.

 

 ආපහු ලංකාවට එන්නේ නැත්ද?

 

 ලංකාවට එනවා කොවිඞ් ප‍්‍රශ්නය හින්දා තමයි ලංකාවට එන්න ප‍්‍රමාද වුණේ. කොවිඞ් ප‍්‍රශ්නය ඉවර වුණ ගමන් ලංකාවට එනවා. අනික මගේ එමලා චිත‍්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරන්නත් තියෙනවා.

 

 ලංකාව දාලා ගිය එක අපරාධයක් නේද?

 

 මෙහෙමයි ඇත්තම කියනවා නම් මම ලංකාවෙන් ආවේ ආර්ථිකමය අතින් ගොඩක් ශක්තිමත් වෙන්න ඕනෑ හින්දා. මොකද මම ලංකාවේදී ඒ දේ කරගන්න බැරි වුණා. මගේ ලයිෆ් එකට ඕනෑ දේවල් ටික හදාගන්න ඕනෑ හින්දයි  ඔස්ට්‍රේලියාවේ පදිංචියට ආවේ.

 

 මොකක්ද මේ ඔස්ටේ‍්‍රලියාවේ ඉඳන් මත්ද්‍රව්‍ය ඡුාවාරම් කරනවා කියන්නේ?

 

 ඔය කියනවා ඇත්තේ මගේ අලූත්ම නාට්‍ය ගැන වෙන්න ඇති. දාම් ටෙලිනාට්‍යයට මම ඔස්ටේ‍්‍රලියාවේ ඉඳන් සම්බන්ධ වුණා. මගේ අලූත්ම චරිතය විකී. මේක විලන් චරිතයක්. ඒ වගේම සමාජයෙන් බැහැර කරන චරිතයක්. චරිතයේ නම විකී.

 

 විකීට ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?

 

 විලන් චරිතයක් වුණාට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. ගොඩක් කාලයකට පස්සේ රගපාන්නේ.

 

 අන්තිමට ර`ගපෑව ටෙලිනාට්‍ය මතකද?

 

අන්තිමට රගපෑවේ ආදරේ ගින්දරක් ටෙලිනාට්‍යයේ. මම හිතන්නේ ඒකත් විකාශය වුණේ සිරස නාලිකාවේ 2016 අවුරුද්දේ.

 

 විකීට ආරාධනා ලැබුණේ කොහොමද?

 

 ධනුෂ්ක රත්නායක තමයි කතා කළේ.

 

 කොහොමද ෂූටින් කරන්නේ

 

 මට අන්තර්ජාල හරහා ධනුෂ්ක පිටපත එව්වා. මගේ වීඩියෝ ප‍්‍රඩක්ෂන් එක තමයි මෙහෙ ෂූට් කරන්නේ. මෙල්බර්න්වල ලංකාවේ විදිහටම ටීම් එකක් මෙහේ වැඩ. ධනුෂ්ක ඔන්ලයින් ඉඳලා වැඬේ අධ්‍යක්‍ෂණය කරනවා.

 


 වැඩේ ලේසිද?

 

 ලේසි නෑ. මෙහෙ ෂූටින් ලේසි නෑ. ලංකාවේ වගේ නෙමෙයි. අපිට හිතෙන හිතෙන වෙලාවට මෙහෙ ෂූටින් කරන්න අමාරුයි. අනික පරිසරයත් වෙනස්.

 

 පුද්ගලික ජීවිතය එහෙම?

 

 දැන් මගේ ව්‍යාපාරක් කරගෙන ඔස්ටේ‍්‍රලියාවට වෙලා සුපිරි ජීවිතයක් ගත කරනවා. අම්මත් ඉන්නේ මාත් එක්ක. තාත්තා ලංකාවේ. නංගි ඩුබායිවල.

 

 

කසාදයක් ඉක්මන් කරනවා කියන්නේ?

 

 ඔව්. ඔව්. ඉස්සරහට ඒ විස්තර කියන්නම්කෝ. අනිවාර්යයෙන්ම ළ`ගදීම කියනවා.

 

 ඇයත් ඉන්නේ ඔස්ට්‍රේලියා නේද?

 

 ඇය ඔහෙත් හිටියා. මෙහෙත් හිටියා. දැන් ඉන්නෙ වෙන රටක.

 

 සම්බන්ධයේ ආදර කතාවට වයස කීයද?

 

 අවුරුදු හයක් වෙනවා

 

 ලොකුවට වෙඩින් එකක් ගන්නවද?

 

 ඒවා කියන්න බෑ. ඒවා ඇත්තට ම බොරු වැඩ. අනික ඕවා ගැන හිතන්නේ නෑ. ජීවිතය තමයි වැදගත්. ලොකුවට වෙඩින් ගත්තු අය බොහොම ඉක්මනට ඩිවෝස් වෙනවා අපි දැකලා තියෙනවා.

 

 සම්පත්ගේ ජීවිතය ඔස්ට්‍රේලියාවට සීමාවෙයිද?

 

 නැහැ.  ඔස්ට්‍රේලියාවට සීමා වෙන්නේ නැහැ. එක දිගට එකරටක ඉන්නේ නැහැ. ලංකාවෙයි  ඔස්ට්‍රේලියාවෙයි දෙකේම ජීවත් වෙනවා.