රුපියලක්වත් අතේ නැති නිසයි මම මේ හැම වැඩේටම අතගහන්නේ - ගයාන් ගුණවර්ධන

Friday, February 12, 2021 , 0 Comments





මේ දිනවල විකාශය වන 'අහස් මාලිගා' හා 'අසංවර වැස්ස' ටෙලි නාට්‍යවල දකින ගයාන් ගුණවර්ධන වර්තමානයේ සිටින යොවුන් ජනප්‍රිය රංගන ශිල්පියෙකි. රංගනයට අමතරව ගීත ගැයිමේ හැකියාවක්ද ඇති ගයාන් ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ පුතුණුවන්ද වනවා. ඔහු පසුගිය දිනක අලුත් වැඩක් කරන්න පටන් අරන් තියෙනවා.. ඉතිං ඒ ගැන ඔහු පුවත්පතකට මෙලෙස විස්තර කියා තිබෙනවා.


ගයාන් අලුත් වැඩකට මුලපිරුවා කියලා ආරංචියි?

මගේ "නුගා ටීවි' කියන යූ ටියුබ් චැනල් එක හරහා තමයි මේ අලුත් වැඩි කරන්නේ. මේක කරන්නේ මමයි මගේ පියායි තව මනොජ් වල්පොල කියන මගේ හිතවතෙකුයි එක්ක. නුගා ටීවී හරහා අපි මාසකට සංගීත ප්‍රසංග කිහිපයක් පවත්වන්න සැලසුම් කරලා තියනවා. ඒ සදහා රංගන ශිල්පියෙක්. ගායකයෙක් වගේම නවක ගායකයකුත් මේ  සඳහා සම්බන්ධ කරගන්නවා. ඒවගේම මේ ප්‍රසංගය සදහා අපි එකතුකරගන්නේ නැගී එන ජනප්‍රිය සංගීත කණ්ඩයම්.මේක අපි දැනට යූ ටියුබ් එකේ කළත් ඉදිරියේදී රූපවාහීනී නාලිකාවක් හරහා මේ කටයුත්තකරත්ත තමයි හිතාගෙන ඉන්නේ. 


ඇයි මෙහෙම වැඩක් කරන්න හිතුවේ?

කෝවිඩ් වසංගතය නිසා එදාවෙලා හොයාගන්න බැරීව ඉන්න අසරණ කලාකරුවන්ට මුදලක් සොයාදීමේ අරමුණින් තමයි මේ වැඩකටයුත්ත අපි කරන්නේ. මගේ පියාත් දක්ෂ ගායකයෙක්. මේ වසංගත තත්වයත් එක්ක අද වෙන කොට ඔහුත් අසර වෙලා තියනවා. මගේ පියා වගේම අසරණ වුණ තවත් බොහෝ අය ඉන්නවා, ඒ අයට සරණක් වීමේ මූලික පරමාර්ථය පෙරදැරි කරගෙන තමයි මේ කටයුත්තට මම මුල පිරුවේ. 


කලාකරුවා ඇයි දැන් මේ යූ ටියුබ් පස්සේ වැටිලා ඉන්නේ?

කලාකරුවා විතරක් නෙවෙයි දැන් හැමෝම යූටියුබ් එකත් එක්ක සම්බන්ධ වෙලා මුදල් හොයන වැඩේ කරනවා. 'කෝවිඩ්’ වසංගතයත් එක්ක මිනිස්සුන්ට ගොඩක් ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා. ඒ අතර ගොඩක්ම කලාකරුවෝ. ඉතින් දැන් හැමෝම මුදලක් හොයා ගැනීමේ අරමුණින්  යු ටියුබ් එකට සම්බන්ධ වෙලා වැඩ කරනවා. හැබැයි ඔය කියන තරම් ලොකු මුදලක් යූ

යුබ් එකෙන් හම්බ කරන්න බැහැ. නමුත්, සමහර අය ඉන්නවා ලක්ෂ ගණනන් මේ හරහා මුදල් උපයන්න. නමුත්, අවංකවම කියන්න ඕනා අපිට නම් ඒතරම් මුදලක් මේ හරහා ලබෙන්නේ නැහැ. නමුත්, ගෙදරට බඩු ටිකක් කෑම ටිකක් ගන්න පුළුවන් විදිහට ගාණක් ලබෙනවා.


ඔබ ක්ෂේත්‍ර කිහිපයකම කටයුතු කරන කාර්යබහුල කෙනෙක්?

ඇත්තටම මම ගොඩක් කාර්යබහුල වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. නමුත්, දැන් තියන තත්වයත් එක්ක කාර්යබහුල වෙන්න වෙලා තියනවා. කොටින්ම කියනවා නම් රුපියලක්වත් අතේ නැති නිසයි මම මේ හැම වැඩේටම අතගහන්නේ. අද වෙන කොට කලාකරුවෝ ගොඩක් අසරණයි. විශේෂ්යෙන්ම ගායන ශිල්පීන්.  ඔවුන්ට ජිවත් වෙන්න තිබුනේ ප්‍රසංගයකට, විවාහ මංගල්‍ය

උත්සවයකට, පැදුරු පාටියකට සහභාගි  වෙලා ලබෙන මුදලින්. අද වෙන කොට ඒ සියල්ලම කඩා වැටිලා තියනවා. විදුලි බිල  ගෙවා ගන්න බැරිව දුක් විදින කලාකරුවෝ ඉන්නවා.  හරිහමන් කෑමක් ගන්න බැරිව දුක් විදින කලාකරුවෝ ඉන්නවා. ඉතින් අපිට අද වෙලා තියන්නේ කොහෙන් හරි මුදල් හොයන්න.



මේ දිනවල ඔබව අපි ටෙලි නිර්මාණය කිහිපයකින් දකිනවා? 

 දැන් කාලයක ඉඳලා මම හිරු රූපෙවාහිනි නාලිකාවේ විකාශය වන 'අහස් මාලිගා ටෙලි නාට්‍යේය දකිනවා. ඊට අමතරව අසංවර වැස්ස' ටෙලි නාට්‍යයේ රගපානවා. තවත් අලුත් ටෙලියකට කතා කරලා තියෙනවා. ඒක නම් තවමත් සාකච්ඡා මට්ටමින් තියෙන්නේ. 


රංගන ශිල්පියෙක් විදිහට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ගොඩක් හොද රසික ප්‍රතිචාර ලබනවා. ගොඩක්ම ලබෙන්නේ "අහස් මාලිගා” ටෙලි නාට්‍යයේ "සංදේශ්" කියන චරිතයට. 'සංදේශ්" කියන්නේ ත්‍රිවීල් රථ රියදුරෙක්. තමන්ගේ පවුලේ අයට කන්න බොන්න දෙන්න හැම වැඩක්ම කරන විනෝදකාමී තරුණයෙක්. ඔහුට ගීත ගයන්නත් පුළුවන්. සමහර අවස්ථාවලදී ඔහු වීදි ගායකයෙක් විදිහටත් කටයුතු කරනවා. ඊට අමතරව අසංවර වැස්ස ටෙලි නාට්‍යයේ 'මිථුන්" කියන චරිතයටත් හොද රසික ප්‍රතිචාර   ලැබෙනවා. 


ගායකයෙක් විදිහට අලුත් වැඩ මුකුත් කළේ නැද්ද?

දැනට ගීතයක් කරලා තියනවා. හිතාගෙන ඉන්නේ එහි රූප රචනාවත් එක්ක මාර්තු මාසයේදී  මේ ගීතය එළිඳක්වන්න, ගිය වසරේදීත් අලුත් ගීතයක්  එළිදක්වන්න හිතාගෙන හිටියත් රටේ තිබු වතාවරණයත් එක්ක ඒ අදහස අත්හැරලා දැමුවා. නමුත්, දැන් ඒ තත්වය සමන්‍ය අතට හැරිලා තියෙනවා. ඒ හින්දා තමයි මගේ අලුත් ගීතය මාර්තුවේද නිකුත් කරන්න තීරණය කළේ.